පරිගණනය (ඉංග්‍රීසි:  Computing) යනු පරිගණක මාලාවේ ප්‍රතිඵලයක් අවශ්‍ය වන ඕනෑම ඉලක්කය-අභිමුඛ කටයුත්තක් හෝ ඇල්ගොරිතමයක් ලෙස හඳුන්වන ගණිතමය පියවර අනුක්‍රමයක් නිර්මාණය කිරීමයි. පරිගණක කටයුතු ලෙස  දෘඩාංග හා මෘදුකාංග පද්ධති නිර්මාණය හා වැඩිදියුණු කිරීම; විවිධ වර්ගයේ තොරතුරු සැකසීම, ගොඩනැගීම හා කළමනාකරණය; පරිගණක සමග මෙන්ම පරිගණක පිළිබද විද්‍යාත්මක පර්යේෂණ කරීම; පරිගණක පද්ධති බුද්ධිමත්ව හැසිරෙන ආකාරයට සැකසීම; සහ සන්නිවේදන හා විනෝදාස්වාද මාධ්‍ය නිර්මාණය සහ භාවිතා කිරීම වැනි දෑ අඩංගු වේ. තවද පරිගණක ක්ෂේත්‍රය යටතේ පරිගණක ඉංජිනේරු ශිල්පය, මෘදුකාංග ඉංජිනේරු ශිල්පය, පරිගණක විද්‍යාව, තොරතුරු පද්ධති, මෙන්ම තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ඇතුළත්ය.

Thumb
ආන්තර එන්ජිම: බහුපද ශ්‍රිතයකට  විසඳුම ගණනය 
Thumb
පරිගණක විද්‍යාගාරය, Moody ශාලාව , James Madison විශ්වවිද්‍යාලය , 2003
Thumb
සේවාදායක පරිගණක  (A rack of servers from 2006)

අර්ථ දැක්වීම්

2005  ACM පරිගණක විෂයමාලාවට අනුව පරිගණනය පහත අයුරින් නිර්වචනය කර ඇත[1].

"පොදු වශයෙන් පරිගණනය ලෙස හදුන්වනු ලබනුයේ පරිගණකයක් ආධාරයෙන් හෝ පරිගණකයක් නිර්මාණය කිරීමෙන් ඕනෑම ඉලක්කය-අභිමුඛ කටයුත්තක් ඉටුකර ගැනීමයි. මේ අනුව, පුළුල් පරාසයක පවතින අරමුණු සඳහා පරිගණක දෘඩාංග හා මෘදුකාංග පද්ධති නිර්මාණය සහ ගොඩනැගීම; විවිධ වර්ගයේ තොරතුරු සැකසීම, ගොඩනැගීම හා කළමනාකරණය; පරිගණයක භාවිතයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීම; පරිගණක පද්ධති බුද්ධිමත්ව හැසිරෙන ආකාරයට සැකසීම; සන්නිවේදන හා විනෝදාස්වාද මාධ්‍ය නිර්මාණය සහ භාවිතා කිරීම; සහ යම් විශේෂිත අරමුණ අදාළ තොරතුරු සොයා බලා එක්රැස් කර ගැනීම වැනි දෑ පරිගණක කටයුතු යටතේ අඩංගු වේ."

ඒවගේම එය පරිගණක ක්ෂේත්‍රයේ උප විෂය ක්ෂේත්‍රයන් පහක් හදුන්වා දී ඇත : පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, තොරතුරු පද්ධති, තොරතුරු තාක්ෂණය සහ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය[2]

කෙසේ වුවද 2005 පරිගණක විෂයමාලාවෙන් "පරිගණනය" හි අර්ථය සන්දර්භය අනුවද හදුන්වා දෙනු ලැබේ.[1]

පරිගණනය යන වචනයට සන්දර්භය මත පදනම් වු වඩා විශේෂිත තෙරුමක්ද පවතී. උදාහරණය වශයෙන්, තොරතුරු පද්ධති විශේෂඥයකුට වඩා තරමක් වෙනස් ආකාරයකින් මෘදුකාංග ඉංජිනේරුවෙක් පරිගණනය යන්න දැකිය හැක. අන්තර්ගතය නොසලකා පරිගණක කටයුතු හොඳින් සිදුකිරීම සංකීර්ණ හා දුෂ්කර විය හැක. තවද පරිගණක කටයුතු හොඳින් සිදු කිරීම සමාජයට අවශ්‍ය නිසා එය වෘත්තියක් වශයෙන් පමණක් නොව, විනය ලෙසද සිතා අපි කටයුතු කළ යුතුයි.

1989  ACM වාර්තාවට අනුව පරිගණනය යන්න විනයක් ලෙස හදුන්වා දී ඇත.[3] 

පරිගණක වල විනය ලෙස හඳුන්වනු ලබන්නේ, තොරතුරු (න්‍යාය, විශ්ලේෂණ, නිර්මාණය, කාර්යක්ෂමතාව, ක්‍රියාත්මක කිරීම සහ යෙදීම්) පරිවර්තනය හා විස්තර කරන්නා වූ ඇල්ගොරිතමය  ක්‍රියාවලිය ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමයි. 

දකුණ|thumb|250x250පික්|1981 IBM 5150 පරිගණකය.



පරිගණකය

පරිගණකයක් යනු උපදෙස් මාලාවක් හෙවත් පරිගණක ක්‍රමලේඛන අනුව දත්ත හසුරවනු ලබන යන්ත්‍රයකි. පරිගණකයට කෙලින්ම උපදෙස් ක්‍රියාත්මක කරවීමට භාවිතා කළ හැකි ආකාරයෙන් මෙම ක්‍රමලේඛ පවතී . මානවයට කියවියහැකි මූල කේත ආකාරයෙන් පවතින එම ක්‍රමලේඛ පරිගණක ක්‍රමලේඛකයෙකුට අධ්‍යනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට හැකියාව ලැබේ. විවිධ ආකාරයේ පරිගණකවල උපදෙස් ක්‍රියාත්මකවන බැවින් මධ්‍යම සැකසුම් ඒකක වර්ගයට අනුව, එක් මුලාශ්‍ර උපදෙස් මාලාවක් යාන්ත්‍රික උපදෙස් බවට හැරවීම සිදුකල හැක.

පරිගණක වැඩසටහනක් තුළ මෙම ක්‍රමලේඛ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය උපදෙස් ක්‍රියාත්මක කරයි. මෙම උපදෙස් පරිගණකය විසින් ඉටු කරන ලද ගණනය කිරීම් ප්‍රකාශ කරනු ඇත. එමගින් පරිගණකය ක්‍රියාකරවන අවස්ථාවේදී සරල ක්‍රියා අනුපිළිවෙලක් ඇති කරනු ලැබේ. එම ක්‍රියාවන් මගින් උපදෙස්වල සන්නිවේදනයේ අර්ථය  අනුව  බලපෑම් ඇතිකරනු ලැබේ.

පරිගණක මෘදුකාංග හා දෘඩාංග

පරිගණක මෘදුකාංග යනු පරිගණක ක්‍රමලේඛ සහ උපදෙස් සපයන දත්ත එකතුවක් වේ. එමගින් පරිගණකය කල යුත්තේ කුමක් ද? කලයුතු ආකාරය? පිලිබඳ අදාල දත්ත ඇතුලත් වේ. මෘදුකාංග මඟින් සමහර කටයුතු සඳහා පරිගණකයේ ගබඩා වී පවතින පරිගණක වැඩසටහන් සහ දත්ත එකක් හෝ කිහිපයක් යොමුකරනු ලැබේ. වෙනත් ආකාරයකින් කිවහොත් මෘදුකාංග යනු වැඩසටහන්, ක්‍රියා පටිපාටි, ඇල්ගොරිතම සහ දත්ත සැකසුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රමලේඛ සමූහයක් වේ. සෘජුවම පරිගණක දෘඩාංග වලට උපදෙස් සැපයීම මඟින් වැඩසටහන් මෘදුකාංග එය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ කාර්යය සිදු කරයි. මෘදුකාංග යන්න යෙදවුම් මෘදුකාංග යන අර්ථය පමණක් ඇතැම් විට භාවිතා වේ.තවද දෘඩාංග හා සසඳන විට, මෘදුකාංග අතින් ඇල්ලිය නොහැකි වේ.[4]

යෙදවුම් මෘදුකාංග

යෙදවුම් මෘදුකාංග යනු විශේෂිත කාර්යයන් සිදු කිරීම සඳහා පරිශීලකයන්ට උදව් කිරීමට නිර්මාණය කරන පරිගණක මෘදුකාංග වේ. ඒ සඳහා උදාහරණ ලෙස ගිණුම්කරණ මෘදුකාංග, කාර්යාල ගැලපුම් කට්ටල, ග්‍රාපික(චිත්‍රන) මෘදුකාංග සහ ව්‍යවසාය මෘදුකාංග වැනි දෑ දැක්විය හැක. බොහෝ යෙදවුම් වැඩසටහන් ලිපි ලේඛන සමග මූලික වශයෙන් ගනුදෙනු කරනු ඇත. මෙම මෘදුකාංග පරිගණකය හා එහි පද්ධති මෘදුකාංග සමඟ හෝ නැත්නම් වෙන්ව පළකරනු ලැබේ.

යෙදවුම් මෘදුකාංග පරිගණක හැකියාවන් කළමනාකරණය සහ ඒකාබද්ධ කිරීමට පවතින පද්ධති මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මෘදුකාංග (මධ්‍යකාංග) සමග පරස්පර වනු ඇත. 

යෙදවුම් මෘදුකාංග මඟින් යම් කාර්යයක් සඳහා යම් සුවිශේෂී පරිගණක වේදිකාවක්(computing platform) හෝ පද්ධති මෘදුකාංගවල සහය අදාළ කරගනු ලැබේ. මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි සමහර යෙදුම් මෘදුකාංගවලට විවිධ වේදිකා කිහිපයක් සඳහා අනුවාදයන් ලබා ගත හැක; අනිත් ඒවා සඳහා කුඩා අවශ්‍යතාද පවතී. උදාහරණ වශයෙන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය හෝ අධ්‍යාපන මෘදුකාංග සඳහා ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍) භාවිතය වැනි දෑ අදාල වේ. ඇතැම් අවස්ථාවලදී එම වේදිකාවේ යෝග්‍යතාව වැඩි කරමින් එක් වේදිකාවක් මත පමණක් ක්‍රියාත්මක වන අයුරින් නව හා ජනප්‍රිය යෙදුම් ඉදිරිපත් වේ. මේවා ඝාතක යෙදවුම් ( killer application) ලෙස හැඳින්වේ.

පද්ධති මෘදුකාංග

පද්ධති මෘදුකාංග යනු පරිගණක දෘඩාංග ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීමට මෙන්ම යෙදුම් මෘදුකාංග ක්‍රියා කිරීමට වේදිකාවක් ලබාදීම සඳහා නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගයකි. පරිගණක මෙහෙයුම් පද්ධති, උපයෝගීතා මෘදුකාංග, වින්ඩෝස් පද්ධති, ධාවක මෘදුකාංග සහ ස්ථිරාංග පද්ධති මේ සඳහා අයිති වේ. සම්පාදක, සම්බන්ධක, නිදොස්කරුවන් [5] වැනි නිතර ඇසෙන සංවර්ධන උපාංගද පද්ධති මෘදුකාංග ලෙස වර්ගකරනු ලැබේ.

පරිගණක ජාල

පරිගණක ජාලයක් හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපාංග සමූහයකි.[6] අවම වශයෙන් එක් ක්‍රියාවලියක් හෝ පවතින දුරස්ථ උපාංගයක් වෙත/සිට වෙනත්  උපාංගයකට දත්ත යැවීමට/ලබා ගැනීමට  හැකියාව පවති. එවිට මෙම උපකරණ දෙක ජාලයක් තුළ ඇතැයි කියනු ලැබේ.   

දත්ත ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන මාධ්‍ය, යොදාගනු ලබන සන්නිවේදන නියමාවලිය, පරිමාණ, ජාල ස්ථලක සහ සංවිධානාත්මක අවකාශය වැනි විවිධ ගුණාංගයන්ට අනුව ජාල වර්ගීකරණය කල හැක.

සන්නිවේදන ප්‍රොටෝකෝලය මඟින් පරිගණක ජාලයක් තුළ තොරතුරු හුවමාරු කිරීම සඳහා පවතින නීති රීති සහ දත්ත ආකෘති නියම කිරිම සහ ජාල ක්‍රමලේඛ සඳහා අවශ්‍ය පදනම සපයයි. කවුරුත් හොඳින් දන්නා සන්නිවේදන ප්‍රොටෝකෝල ලෙස ඊතර්නෙට්(Ethernet) සහ ජාල කිහිපයක් අතර දත්ත සන්නිවේදනය සඳහා යොදාගනු ලබන අන්තර්ජාල ප්‍රොටෝකෝල කට්ටලය (Internet Protocol Suite) වැනි දෑ දැක්විය හැකිය.

පරිගණක ජාලකරණය ඇතැම් විට විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවවිදුලි සංදේශනයපරිගණක විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය හා පරිගණක ඉංජිනේරු ශිල්පයේ උප විනයක් ලෙසද හදුන්වයි. 

අන්තර්ජාලය

අන්තර්ජාලය යනු, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ගෝලීය පද්ධතියකි.  සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (TCP/IP) භාවිතයෙන්, මිලියන ගණනක් වූ පුද්ගලික, පොදු, ශාස්ත්‍රීය, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන්ගෙන් සැදුම්ලත් පරිශීලකයන් බිලියන ගණනකට සේවය කරනු ඇත. විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.

පරිගණක ක්‍රමලේඛනය

පරිගණක ක්‍රමලේඛනය යනුවෙන් අදහස් කරනුයේ, මූල කේත ලිවීම, පරීක්ෂා කිරීම, නිදොස්කිරීම හා පවත්වාගෙන යාම සහ පරිගණක ක්‍රමලේඛ ලේඛගතකිරීමේ ක්‍රියාවලියකි. මෙම මූල කේත ක්‍රමලේඛන භාෂාවකින් ලියා ඇත. මෙවැනි කෘතීම භාෂා බොහෝ විට ස්වභාවික භාෂාවන්ට වඩා සීමාසහිත හා ඉල්ලුමක් ඇති නමුත් පරිගණකය මගින් ඉතා පහසුවෙන් පරිවර්තනය කරනු ලැබේ. ඉහළ මට්ටමේ මූල කේතයන් ලිවීමේ ක්‍රියාවලිය සඳහා යෙදීම් සහ පරිගණක විද්‍යාව යන විෂය පථයන් දෙකෙහිම දැනුම අවශ්‍ය වේ. ගුණාත්මක බැවින් වැඩිම මෘදුකාංග දියුණු කර ඇත්තේ ක්‍රමලේඛ වර්ධනයේ විවිධ ක්ෂේත්‍ර සඳහා විශේෂඥ වූ පුද්ගලයන් සහිත කණ්ඩායමක් විසිනි.

පරිගණක ක්‍රමලේඛකයා

පරිගණක මෘදුකාංග ලියනු ලබන පුද්ගලයෙක් පරිගණක ක්‍රමලේඛකයා යනුවෙන් හදුන්වයි. පරිගණක ක්‍රමලේකඛ සම්පාදනය කිරීමෙහි ලා යම් ප්‍රදේශයකට විශේෂඥ වුද, මෘදුකාංග වර්ග බොහොමයක් සඳහා කේත ලියන්නාවු පුද්ගලයෙක් පරිගණක ක්‍රමලේඛකයා යන්න අදහස් විය හැක. ක්‍රමලේකඛයකුගේ මූලික පරිගණක භාෂා ලෙස Java, C, C++, Lisp, Python ආදිය දැක්විය හැක. මෘදුකාංග සංවර්ධකයා, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක විද්‍යාඥයා, මෘදුකාංග විශ්ලේෂකයා යන ඕනෑම අයෙකු හැදින්වීම සඳහා ක්‍රමලේඛකයා යන යෙදුම භාවිතා කිරීමට පුළුවන.

පරිගණක කර්මාන්තය

පරිගණක කර්මන්තය, පරිගණක දෘඪාංග හා පරිගණක ජාල යටිතල පහසුකම් නිර්මාණය, පරිගණක උපාංග නිෂ්පාදන හා පද්ධති පරිපාලනය හා නඩත්තුව ඇතුළු තොරතුරු තාක්ෂණ සේවා සැපයීම්, පරිගණක මෘදුකාංග සංවර්ධනය සම්බන්ධ ව්‍යාපාර සියල්ල එකතුවෙන් සෑදී ඇත.

මෘදුකාංග කර්මාන්තය

පරිගණක මෘදුකාංග සංවර්ධනය, නඩත්තු කිරීම සහ ප්‍රකාශනය යන දෑ සම්බන්ධ‍ ව්‍යාපාරය මෘදුකාංග කර්මාන්තයට අයත්ය. මෙම කර්මාන්තයේද පුහුණුව, ලේඛණයන් සහ උපදේශන වැනි මෘදුකාංග සේවා ඇතුළත් වේ.

පරිගණනයේ උප විෂය ක්ෂේත්‍ර

පරිගණක ඉංජිනේරු ශිල්පය

පරිගණක ඉංජිනේරු ශිල්පය, විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක දෘඩාංග හා මෘදුකාංග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පරිගණක විද්‍යාව වැනි ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධ වී ඇත.[7] පරිගණක ඉංජිනේරුවන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු (හෝ විදුලි ඉංජිනේරු) , මෘදුකාංග නිර්මාණය පිලිබඳ පුහුණුව ලබා ඇත. එමෙන්ම  පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග නිර්මාණය හා මෘදුකාංග - දෘඪාංග සංගතකරණය පිළිබඳ විශේෂඥතාවය ලැබූ විදුලි ඉංජිනේරුවන්ය. මයික්‍රෝප්‍රෝසෙසර, පෞද්ගලික පරිගණක හා සුපිරි පරිගණක නිර්මාණය සිට ඔවුන් බොහෝ දෘඩාංග සහ මෘදුකාංග අංශ සඳහා සම්බන්ධ වෙති. පරිගණක පද්ධති ක්‍රියා කරන ආකාරය මත පමණක් නොව ඒවා ඒකාබද්ධ වී ඇති ආකාරය ගැනද මෙම ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් අවධානය යොමු කරයි.[8]

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය(SE) යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකුල , විනයගරුක, ප්‍රමාණාත්මක ළඟා කරගත හැකි වර්ධනයක්,සැලසුමක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ.[9][10][11] මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන වදන නිර්දේශ වූයේ  “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දීය. The Guide to the Software Engineering Body of Knowledge (SWEBOK) හි ඉංජිනේරු විනය ලෙස සාමාන්‍යයෙන් පිළිගත් මෘදුකාංග ඉංජිනේරු සංකල්ප නිශ්චිතව දක්වා ඇත.   [12]

පරිගණක විද්‍යාව

පරිගණක විද්‍යාව යනු පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනය කිරීම සහ පරිගණකකරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම යි. [13]

පරිගණක විද්‍යාවේ උප ඒකක ඒවායේ  ප්‍රයෝගික ශිල්පක්‍රමයන්ට බෙදා දැක්විය හැකිය. සමහරක්, විශේෂිත ප්‍රතිඵලවල පරිගණනය මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටලුවල ගුණවලට අදාළ වේ. ඒ සඳහා පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය (Computational Complexity theory) වැනි දේ අයිති වේ. තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර පරිගණක ක්‍රමලේඛ මගින් පරිගණක ගැටලු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත.

තොරතුරු පද්ධති

"තොරතුරු පද්ධති (IS)" යනුවෙන් හදුන්වනු ලබනුයේ මිනිසුන් හෝ සංවිධාන මඟින් දත්ත එකතු කිරීමට, තෝරා බේරා ගැනීම, නිර්මාණ කිරීමට සහ බෙදා හැරීමට යොදාගනු ලබන දෘඩාංග සහ මෘදුකාංගයන්ගෙන් අනුපූරක ජාලයක් අධ්‍යයනය යි.[14][15][16][17][18] පරිගණක තොරතුරු පද්ධති (CIS) යනු පරිගණක හා ඇල්ගොරිතමික ක්‍රියාවලිය අධ්‍යයනය කරනු ලබන ක්ෂේත්‍රයක් වේ. එහි  ඒවායේ මූලධර්ම, මෘදුකාංග හා දෘඩාංග සැලසුම්, ඒවායේ යෙදීම් සහ සමාජය මත ඇති කරන බලපෑම් වෙනි දෑ ඇතුලත් වේ.[19][20][21]

තොරතුරු තාක්‍ෂණය

තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට[22] රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සාමාන්‍ය වදනකි. මෙම පදය පොදුවේ පරිගණක හා පරිගණක ජාල යන්න හැදින්වීමට භාවිතා කළ වුවත් එමගින් රූපවාහිනි හා දුරකථන වැනි තොරතුරු බෙදාහැරීමේ තාක්ෂණද හැගවෙනු ඇත. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ.

පද්ධති පරිපාලනය

පද්ධති පරිපාලනය යනු කිසියම් පුද්ගලයෙකු විසින් පරිගණක පද්ධතියක් හෝ ජාලයක් ක්‍රියා කරවීම සහ පවත්වාගෙන යාම වේ. පද්ධති කළමණාකරුවකුගෙ රාජකාරි පුළුල් පරාසයක වන අතර, එක සංවිධානයක් සිට වෙනත් එකකට එය වෙනස් වනු ඇත.  සාමාන්‍යයෙන් පරිපාලකයන් භාරව කටයුතු කරනු ලබනුයේ, ස්ථාපනය කිරීම, සේවාදායක පරිගණකය හා අනෙකුත් පරිගණක පද්ධති පවත්වාගෙන යාම සහ සේවා ඇනහිටීම් හෝ වෙනත් ගැටළු මතු වුවහොත් ඒවා සඳහා පිළිතුරු ලබාදීම, සැලසුම් කිරීම් හා කාර්මික උපදෙස් වැනි කටයුතු වේ.

වැඩිදුර කියැවීම්

  • දර්ශකය අනුව පරිගණනය ලිපි ඉතිහාසය
  • පරිගණක කාලීනව etymologies ලැයිස්තුව
  • විද්‍යාත්මක පරිගණනය
  • විද්‍යුත් දත්ත සකස් කිරීම
  • නිර්මාණශීලී පරිගණනය

පරිශීලන

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.