පරිගණකය පිළිබඳ හැඳින්වීම.


පරිගණකය අද අප සැමටම නැතිවම බැරි උපකරණයක් බවට පත්වේ. මක් නිසාද යත් මිනිසා‍ගේ සියළු කටයුතු වලට පරිගණකය සැබෑ මිතුරෙකු වී හමාරය.

පරිගණකය යනු අප විසින් ලබාදෙන කිසියම් උපදෙස් සමූහයකට අනුව ඒවා කිසියම් සැකසීමකට ලක් කළ හැකි, අවශ්‍ය වූ විටෙක අප හට ඒවා නැවත ලබා ගත හැකි, ඒවා තම මතකය තුළ තැන්පත් කර ගත හැකි. නැවත මතකය ආවර්ජනය කරමින් දත්ත ලබා දිය හැකි, මිනිසා විසින් සාදන ලද කෘතිම බුද්ධියක් සහිත විද්‍යුත් උප කරණයකි. එය කිසිවිටෙකත් ස්වකීය ශක්ති‍‍ය ‍මගින් ක්‍රියාත්මක විය ‍‍‍නොහැක. කුමන ‍‍‍හෝ මාධ්‍යයකින් පරිගණකය ‍ ‍‍වෙත ලබා දෙන තොරතුරැ ආදාන නම් වේ. එය input නමින් හඳුන්වනු ලබයි. ආදාන කරනු ලබන දෙයක් ආකාර දෙකකින් යුක්තය. එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි. දත්ත ලෙස හඳුන්වන්නේ කිසියම් පිළීවෙලකට සකස් කරන ලද තොරතුරැ සමූහයක් වන අතර එය පරිගණකය විසින් සකස් විය යුතු ආකාරය විස්තර කරනු ලබන්නේ උපදෙස් මගිනි. බොහෝ විට අප පරිගණකය හඳුනාගන්නේ එහි සරළ උපකරණ කිහිපයක් දෙස බැලීමෙනි. එනම් මොනිටරය, යතුරු පුවරුව, මවුසය, මධ්‍යම දත්ත සැකසුම් ඒකකය ලෙසය.

පරිගණක වල ගතිලක්‍ෂණ

පරිගණකයක් සතුව එහි විශේෂයෙන් හඳුනාගත හැකි ගති ලක්‍ෂණ කිහිපයක් පවතී.


       වේගය

පරිගණකය විශේෂිත වන්නේ එය සතුව පවත්නා ඉතා වේගයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාවයි. මිනි‍ෙසකු විසින් වසර ගණනක් තුළදී කරනු ලබන කටයුතු පරිගණකයකට විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් කළ හැකිය.

        නිවැරදි බව

පරිගණකයට ඉතා නිවැරදිව කටයුතු කිරීමේ හැකියාව ඇත. එය පෙර සකසන ලද උපදෙස් සමූහයකට අනුව ක්‍රියාත්මක වන නිසා, අප විසින් ලබා දෙන තොරතුරු වල නිවැරදි කතාව මත ඉතා හොඳින් හා නිවැරදිව දත්ත සැකසීම් කරනු ලබයි.

     කාර්යක්‍ෂමතාව

පරිගණකයක් හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් ඔනෑම කාලයක් විඩාවකින් තොරව වැඩ කිරීමේ හැකියාව පරිගණකය සතුය. එය කිසි විටෙකත් විඩාවෙන් යුක්තව අඩ පණ නොවේ.

     මතකය'

පරිගණකය තුළ යම් පරිශීලකයකු තැන්පත් කරන සෑම දත්තයක්ම අප ට ඕනෑම කාලයක් තැන්පත් කරතැබිය හැක. එය තීරණයවන්නේ එහි දෘඩ තැටියෙහි ධාරිතාවය මතය.

     පරිගණකයේ බුද්ධිමය හැකියාව

පරිගණකය සතුව ඇත්තේ කෘතීම බුද්ධියකි. එය කිසිවිටෙකත් තනිව තීරණය කරමින් කටයුතු සිදු කරනු නොලබයි. (විද්‍යා ප්‍රබන්ධයන්හි එවන් ස්වයං තීරණය කිරීමේ හැකියාවන් ඇති බුද්ධිමය පරිගණක පිළිබඳව කතා කළත් තවමත් එම සංකල්පය ඇත්තේ පරික්‍ෂණ මට්මේය. එය කාර්යකෂමව, නිවැරදිව ක්‍රියාත්මක වන්නේ පරිශීලකයා විසින් ලබාදෙන තොරතුරු වල නිවැරදි තාව මතය.

    'බහුකාර්ය බව'

විවිධ වූ කාර්යන් සඳහා පරිගණකය භාවිතා කළ හැකි වීම එහි ඇති විශේෂ ලක්ෂණයකි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.