පරිමිත ගණිතය , නැතහොත් නිශ්චය ගණිතය ලෙස ද හැඳින්වෙන විවික්ත ගණිතය සාන්තත්‍යතා මතිය අනවශ්‍ය වන , නැතහොත් එයට ආධාර නොවන හෙයින් මූලිකව විවික්ත වන ගණිතමය ව්‍යුහ පිළිබඳ අධ්‍යයනයයි. නිශ්චය ගණිතයේ දී අධ්‍යයනයට ලක්වන වස්තූන් බොහෝ විට ගණ්‍ය කුලක ලෙස ගත හැකි නිඛිල , පරිමිත ප්‍රස්ථාර සහ විධිමත් භාෂා ආදිය වේ. පරිගණක විද්‍යා යෙදුම් හේතුවෙන් මෑත දශකවලදී විවික්ත ගණිතය වඩාත් බහුලව භාවිතා වීම සිදුව ඇත. විවික්ත ගණිතයේ සංකල්ප හා අංකන පරිගණක ඇල්ගොරිතම සහ ප්‍රකමණ භාෂාවල වස්තූන් ‍සහ ගැටළු අධ්‍යයනයට සහ විස්තර කිරීමට ප්‍රයෝජනවත් වේ. සමහරක් ගණිත නිර්දේශයන්හි දී වෙළඳාම සඳහා වන විවික්ත ගණිත සංක්ලප පරිමිත ගණිත පාඨමාලාව යටතේ ඉගැන්වෙන අතර ප්‍රධාන විෂයය ලෙස පරිගණක විද්‍යාව හදාරන සිසුන්ට අවශ්‍ය සංකල්ප විවික්ත ගණිතය යටතේ ඉගැන්වේ. වෙනස්කම් පැහැදිලි කර ගැනීම සඳහා සන්තානය ස්ථල විද්‍යාව සහ ගණිතමය විශ්ලේෂණය බලන්න. පහත මාතෘකා විවික්ත ගණිතයට අයත් වේ.

  • තර්ක ශාස්ත්‍රය - හේතු දැක්වීම් පිළිබඳ අධ්‍යයනය
  • කුලක වාදය - අවයව සමූහ පිළිබඳ අධ්‍යයනය
  • සංඛ්‍යාවාදය
  • සමායෝජනවාදය - එයට පහත කොටස් අයත්ය.

සැලසුම් වාදය ගණ්‍ය සමායෝජන වාදය ප්‍රස්ථාරවාදය

  • ඇල්ගොරිතම විද්‍යාව - ගණනය කිරීම් ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය
  • තොරතුරු වාදය
  • සංඛ්‍යාක ජ්‍යාමිතිය
  • ආගණ්‍ය භාවය හා සංකීර්ණතාව පිළිබඳ වාද - ඇල්ගොරිතමවල සෛද්ධාන්තික හා ප්‍රායෝගික සීමා සමඟ බැඳේ.
  • ආංශික වශයෙන් පටිපාටිගත කුලක
  • සාධක
  • ගණන් කිරීම් සහ සම්බන්ධයන්


විවික්ත =තනි තනි වශයෙන් == References == http://en.wikipedia.org/wiki/Discrete_mathematics

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.