දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද (computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ. ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, Microsoft SQL server, Oracle, Microsoft Access සැලකිය හැකිය.

Thumb
SQL ප්‍රකාශනයක් සහ ප්‍රතිඵල

දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු (files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය.

භාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.