From Wikipedia, the free encyclopedia
ජොආන් කාල් ෆ්රෙඩ්රික් (ලතින් ගවුස්සින් “Carolus Fridericus Gauss) සංඛ්‍යාවාදය, සංඛ්‍යානය, විශ්ලේෂණය, අවකල්‍ය ජ්‍යාමිතිය , භූමිතික විද්‍යාව, ස්ථිති විද්‍යුතය, තාරකා විද්‍යාව සහ ප්‍රකාශ විද්‍යාව ආදී විවිධ ක්ෂේත්රවලට සැලකිය යුතු දායකත්වයක් දැක් වු ජර්මානු ජාතික ගණිතඥයෙකු හා විද්‍යාඥයෙකු විය. ඔහු ගණිතඥයිනගේ කුමරු (මෙය princeps mathematicorum හි සාමාන්‍ය පරිවර්තනය වන අතර ලතින් පසින් ප්‍රමුඛය යන්ට ද princes යන පදය යෙදේ) ලෙසත් ආදී කාලයට පසුව පහල වු ශ්‍රේෂ්ටතම ගණිතඥයා ලෙසත් ඇතැම් විට හැඳින්වේ. විද්‍යාවේ සහ ගණිතයේ බොහෝ ක්ෂේත්රවලට ගවුස් ගෙන් එල්ල වූ බලපෑම ඉතා විශාල වන අතර ලොව පහල වු වැඩිම බලපෑමක් එල්ල කළ ගණිතඥයන් අතරට ද ඔහු අයත් වේ. ගෝස් කුඩා කළ පටන්ම අසාමාන්‍ය ලෙස බුද්ධිමත් විය. යන්තම් ඇවිදගත හැකි වයසට එලඹෙත්ම ඔහු පෙන්වූ වියත් බව පිළිබඳ කථා බොහෝ ඇත. ඔහු සිය පළමු වැදගත් ගණිතමය නව සොයා ගැනීම් සිදු කරන විට ගැටවර වියේ (13-19) පසුවිය. ඔහුගේ විශ්ෂිටතම ග්‍රන්ථය සේ සැලකෙන “Disquisitiones Arithmeticae,” ලියා අවසන් කරන ලද්දේ 1798 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 ක් විය. කෙසේ නමුත් මෙම ග්‍රන්ථය පළ වූයේ 1801 වසරේ දීය. මෙම ග්‍රන්ථය සංඛ්‍යාවාදය විෂය පථයක් බව තහවුරු වීමට මූලික වශයෙන් හේතු වූ අතර වර්තමානය දක්වාම සංඛ්‍යාවාදය හැඩ ගැස්වීම සඳහා දායක වී තිබේ.
කාල් ෆ්රෙඩ්රික් ගවුස් | |
---|---|
උපත | Johann Carl Friedrich Gauss 30 අප්‍රේල් 1777 Brunswick, Principality of Brunswick-Wolfenbüttel |
මියගිය දිනය | 23 February 1855 77) Göttingen, Kingdom of Hanover, German Confederation | (වයස
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ | See full list |
කලත්‍රයා(යන්) | Johanna Osthoff (වි. 1805–09) Minna Waldeck (වි. 1810–31) |
දරුවන් |
|
සම්මාන | Lalande Prize (1809) Copley Medal (1838) |
Scientific career | |
ක්ෂේත්රය | Mathematics and sciences |
ආයතන | University of Göttingen |
Thesis | Demonstratio nova... (1799) |
ආචාර්ය උපදේශක | Johann Friedrich Pfaff |
Other academic advisors | Johann Christian Martin Bartels |
ආචාර්ය සිසුන් |
|
Other notable students |
|
ආභාෂය ලැබුවේ | Ferdinand Minding |
අත්සන | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.