අභ්‍යාවකාශගාමියෙකු (හෝ ගගනගාමියෙකු) යනු, අභ්‍යාවකාශ යානයකට අණදීමට, නියැමුවීමට හෝ, පිරිස් සාමාජීකයෙකු ලෙසින් සේවය කිරීමට, මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරි වැඩසටහනක් විසින් පුහුණුකරනු ලැබූ අයෙකි. වෘත්තීමය අභ්‍යාවකාශ සංචාරකයන් හැඳින්වීමට, මෙම පද සාමාන්‍යයෙන් වෙන් කර ඇතත්, විද්‍යාඥයින්, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සංචාරකයින් ඇතුළු, අභ්‍යාවකාශයට අවතීර්ණ වන ඕනෑම අයෙකු හැඳින්වීමට මෙම පද සමහර විටෙක භාවිතා වෙයි.[1][2]

Thumb
1984 වසරෙහිදී STS-41-B ෂටල මෙහෙයුමෙහිදී, අභ්‍යාවකාශ ෂටලය චැලෙන්ජර් පිටතදී නාසා අභ්‍යාවකාශගාමී බෲස් මැකෑන්ඩ්ලස් II විසින් මිනිසුන් විසින් මෙහෙයවන ඒකකයක් භාවිතා කරන අයුරු.

1950 ගණන් වලදී ඇරඹී එකල සිට 2002 වසර දක්වා, අභ්‍යාවකාශගාමීන් වෙත අනුග්‍රාහකත්වය සැපයීම සහ පුහුණුව සැලසීම අනන්‍ය වශයෙන් සිදු කෙරුනේ, හමුදා හෝ සිවිල් අභ්‍යාවකාශ කාර්යාංශයන් හරහා රජයයන් විසිනි. 2004 වසරෙහිදී, පෞද්ගලික අරමුදල් සැපයුනු ස්පේෂ්ෂිප්වන් වෙතට අයත් උපකාක්ෂික පියාසැරි ඇරඹෙත්ම, නව වර්ගයක අභ්‍යාවකාශගාමීන් නිමැවිණි: එනම් වාණිජ අභ්‍යාවකාශගාමීන් වෙති.

අර්ථදැක්වීම

Thumb
ෆ්‍රීඩම් 7 තුල ඇලන් ෂෙපර්ඩ්

මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරියක් සමන්විතවන්නේ කුමකින්ද යන්න පිළිබඳ උපමාන විවිධ අයුරක් ගනියි. අභ්‍යාවකාශගාමීන් සඳහා ෆෙඩරිෂියුන් එයිරුනොටික් ඉන්ටර්නැෂියුලා (එෆ්ඒඅයි) අධිධාවන කේතය විසින් පිළිගනු ලබන්නේ, කිලෝමීටර 100 (සැතපුම් 62) ක උන්නතාංශයක් ඉක්මවන පියාසැරි පමණකි.[3] එක්සත් ජනපදයෙහිදී, සැතපුම් 50 (කිමී 80) ට වැඩි උන්නතාංශයක් දක්වා ගමන් කරන වෘත්තිමය, හමුදාමය සහ වාණිජ අභ්‍යාවකාශගාමීන් [4] සඳහා අභ්‍යාවකාශගාමී තටු ප්‍රදානය කෙරෙයි.

2013 ජූනි 8 වන දින වන විට, රටවල් 36 වෙතින් ජනයා 532 දෙනෙක් කිමී 100 (සැත 62) හෝ ඊට වැඩි උන්නතාංශයක් වෙත ලඟාවී ඇති අතර, එයින් 529 දෙනෙක් අව පෘථිවි කක්ෂය වෙත හෝ එයින් ඔබ්බට හෝ ලඟාවී ඇත.[5][6]

මොවුන් අතුරින්, 24 දෙනෙක් අව පෘථිවි කක්ෂය පසු කර ගමන් කොට, චන්ද්‍ර හෝ අන්තර්-චන්ද්‍ර කක්ෂය වෙත හෝ චන්ද්‍ර පෘෂ්ඨය වෙත හෝ ලඟාවී හෝ ඇත; 24 දෙනාගෙන් තිදෙනෙක් විසින් මෙය දෙවරක් සිදු කර ඇත: ජිම් ලොවෙල්, ජෝන් යං සහ ඉයුජින් සර්නන්.[7] අව පෘථිවි කක්ෂය වෙත ලඟාවී නොමැති අභ්‍යාවකාශගාමීන් තිදෙනා වන්නේ, අභ්‍යාවකාශ ගුවන්නැව් නියමු ජෝ වෝකර්, මයික් මෙල්විල් සහ, බ්‍රයන් බිනී වෙති.

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.