ප්‍රති‍වෛරස ඖෂධ යනු වෛරස ආසාදනයන් කෙරෙහි ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධ කාණ්ඩයකි. ප්‍රතිජීවක ඖෂධ මෙන්ම ප්‍රතිවෛරස ඖෂධ ද වෛරස සදහා විශේෂ වේ. ප්‍රතිවෛරස ඖෂධ යන්න ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිදිලීර සහ පරපෝෂීන්ට එරෙහිව ඇති ඖෂධ අන්තර්ගතව ඇති ප්‍රතික්ෂුද්‍ර ජීවී ඖෂධ යන පුළුල් වර්ගීකරණයට අයත්වේ. ඒවා සාපේක්ෂ වශයෙන් ධාරකයා හට හානිකරන නොවන අතර එබැවින් ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කෙරේ. ඒවා සිරුරෙන් පිටතදී වෛරස අංශු අක්‍රීය කරන වෛරස නාශකවලින් වෙන්කර හදුනාගැනීම අවශ්‍ය වේ.

බොහොමයක් වූ ප්‍රතිවෛරස ඖෂධ හර්පීස් වෛරස හා එච්.අයි.වී . වෛරසය මගින් ඇති කරන රෝගී තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරනු ලබයි. තවද අක්මාවෙහි පිළිකා ඇති කරන හෙපටයිටීස් බී හා සී සදහා ද ඉන්ෆ්ලූවෙන්සා ඒ හා බී වෛරස ආසාදන සදහා ද ප්‍රතිවෛරස ඖෂධ භාවිතා‍ වේ. වෙනත් ව්‍යාධි ජනකයින් සදහා ද ප්‍රතිවෛරස ඖෂධවල භාවිතය පිළිබදව පර්යේෂකවරුන් සිය පර්යේෂණය සිදු කරමින් පවතී. අළුතෙන් ප්‍රතිවෛරස ඖෂධයක් නිෂ්පාදනය කිරීම සදහා ජීවීන්ගේ ප්‍රවේනිය සහ අණුක කෘත්‍ය පිළිබදව වඩාත් පුළුල් දැනුමක් අවශ්‍ය වේ. එමගින් ජෛව වෛද්‍ය පර්යේෂකවරුන් හට වෛරසවල ආකෘතිය හා කෘත්‍ය පිළිබදව අවබෝධ කර ගත හැකි වේ. මෙම ක්‍රමෝපායන් මගින් අළුත් ප්‍රතිවෛරස ඖෂධ නිෂ්පාදනය කළ හැකි අතර වෛද්‍ය වෘත්තිකයන් හට ඇති ප්‍රබල ගැටළුව වනුයේ වසංගතයක් ලෙස ලොව පුරා ව්‍යාප්තවන මාරාන්තික එඩ්ස් රෝගය ඇති කරන එච්. අයි.වී. වෛරසයට එරෙහිව ප්‍රතිවෛරස ඖෂධයක් සොයා ගැනීමයි.

ප්‍රතිවෛරස ඖෂධ ඇතුළුව සියළුම ප්‍රතික්ෂුද්‍ර ඖෂධ පාහේ එම ප්‍රතිකාර ලබාදෙන අතරතුර දී ව්‍යාධි ජනකයින් පෙන්නුම් කරන ඖෂධ ප්‍රතිරෝධතාවයට මුහුණ පාති. වසර 2007 වන විට සාර්ථකව ලොවින් තුරන් කර තිබුණේ වසූරිය රෝගය පමණක්වන අතර පෝලියෝ රෝගය ඒ වන විටත් මුළු මනින්ම තුරන්කර නොතිබුණි. මෙම රෝග දෙකම ලොවින් තුරන් කිරීම පිණිස එම රෝගවලට එරෙහිව එන්නත් ලබාදීම සිදු කෙරිණි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය

වෛරසවලට එරෙහිව සටන්වැදීමේ දී ක්‍රියාත්මක කරන දෙවන වර්ගයේ ක්‍රමෝපාය වන්නේ එම වෛරසවලට එරෙහිව කෙලින්ම සටන් වැදීම වෙනුවට අදාල රෝගියාගේ සිරුරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතිය අදාල වෛරසයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට උද්යෝගිමත් කිරීමයි. මෙම වර්ගයේ ඇතැම් ප්‍රතිවර්ග ඖෂධ විශේෂ ව්‍යාධි ජනකයෙකු කෙරෙහි අවධානය එල්ල නොකරන අතර ඒ වෙනුවට ඔවුන් ව්‍යාධි ජනකයින් සමූහයක් ඉලක්ක වන පරිදි ප්‍රහාර එල්ල කිරීම පිණිස ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.

මෙම වර්ගයේ වඩාත් ප්‍රසිද්ධ එක් ඖෂධ වර්ගයක් වනුයේ ආසාදිත සෛලවල වෛරස සංස්ලේෂණය අත්හිටවන ඉන්ටර් ෆේරෝන (Interferons) නම් ඖෂධයයි. ඉන්ටර් ෆේරෝන ඇල්ෆා (Interferon alpha) යනු හෙපටයිටීස් බී සහ සී ආසාදන සදහා යොදා ගන්නා ඖෂධ වර්ගයක් වන අතර විවිධ වූ වෛරස ආසාදන සදහා ඵලදායි ප්‍රතිකාර ඉන්ටර් ෆේරෝන ක්‍රම පිළිබදව ද පරේෂණ සිදුකරමින් පවති.

වඩාත් විශේෂිතක්‍රියා පටිපාටියක් වනුයේ අදාල ව්‍යාධි ජනක වෛරසය හා බද්ධවන පරිදි ප්‍රතිදේහ නම් ප්‍රෝටීන අණුවක් නිෂ්පාදනය කිරීමයි. එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම ව්‍යාධි ජනකයා වෙත පහර දීම සදහා ඉලක්ක සළකුණක් සපයයි. පරේයේෂකවරුන් විසින් ව්‍යාධි ජනකයා මත හෝ එක්තරා ඉලක්ක ස්ථානයක් හදුනා ගත් පසුව ඔවුන්හට ඒ හා සමානව ඉලක්ක ස්ථානය හා සම්බන්ධවන වෙනත් ප්‍රතිදේහ වර්ග නිෂ්පාදනය කළ හැකි වේ. මෙවන් ඖෂධයක් කුඩා ළමුන්ගේ ශ්වසන රෝග ඇති කරන Respiratory Syncytial Virus නම් වෛරසය සදහා සහ හෙපටයිටිස් බී වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇත.

මිනිසාගේ ජීනෝමය හා වෛරසවල ජීනෝමය සංසන්දනය කිරීමේදී ඒවා තුළ එක හා සමාන ප්‍රෝටීන වර්ග නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව සොයා ගෙන ඇත. එම ප්‍රෝටීන මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රයෝජනයට ගන්නා ප්‍රෝටීනවලට සමාන කමක් දක්වන අතර එමගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරවල යම්කිසි කැළඹිලි ස්වභාවයක් පෙන්නුම් කරයි. පරීක්ෂකවරුන් මෙම ප්‍රෝටීන වර්ග හදුනාගෙන ඒවා අක්‍රීය කළ හැකි ප්‍රතිවෛරස ඖෂධ සොයා ගැනීම පිළිබදව අවධානය යොමු කර ඇත.

ආශ්‍රිත

  • Antiretroviral drug (especially HAART for HIV)
  • CRISPR-Cas13[1]
  • Discovery and development of CCR5 receptor antagonists (for HIV)
  • Monoclonal antibody
  • List of antiviral drugs
  • Virucide
  • Antiprion drugs and Astemizole
  • Discovery and development of NS5A inhibitors

මූලාශ්‍ර

වැඩිදුර කියවීම සඳහා

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.