හේලිගේ වලගාතරුව පිලිබද තොරතුරු From Wikipedia, the free encyclopedia
හැලීගේ ධූම කේතුව , නිල නම්කරණය 1P/හැලී,[1] යනු, පෘථිවියෙහි සිට සෑම වසර 75–76 ට වරක් දර්ශනය වන, කෙටි-කාලාවර්ත ධූම කේතු අතුරින් පැහැදිලිතම අවබෝධයක් සහිත ධූම කේතුවය.[1][10] පෘථිවියෙහි සිට පියවි ඇසට දර්ශනය වන එකම කෙටි-කාලාවර්ත ධූම කේතුව හැලීගේ ධූම කේතුව වන අතර, එම නිසාම, මිනිස් ජීවිත කාලය තුල දෙවරක් දිස්විය හැකි පියවි-ඇසට පෙනෙන එකම ධූම කේතුව එය වෙයි. [11] පියවි-ඇසට පෙනෙන අනෙකුත් ධූම කේතු මෙයට වඩා දීප්තිමත් සහ ප්‍රේක්ෂණීය විය හැකි නමුදු ඒවා දිස්වන්නේ වසර දහස් ගණනකට එක් වරකි. අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලයෙහි අවසන් වරට හැලී දක්නට ලැබුණේ 1986දී වන අතර නැවතත් පෙනෙන්නේ මධ්‍ය-2061 හිදීය.[12]
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ප්රාග්-ඓතිහාසික (නිරික්ෂණය); එඩ්මන් හැලී ( ආවර්තිකතාව හඳුනාගැනීම) |
කක්ෂීය ලක්ෂණ[1] | |
කාලාරම්භය 2449400.5 (17 පෙබරවාරි 1994) | |
විහේලිකය | 35.1 AU (9 දෙසැම්බර් 2023)[2] |
අපහේලිකය | 0.586 AU අවසන් අපහේලිකය: 9 පෙබරවාරි 1986 ඊළඟ අපහේලිකය: 28 ජූලි 2061[2] |
අඩ-මහා අක්ෂය | 17.8 AU |
උත්කේන්ද්‍රියතාවය | 0.967 |
කක්ෂීය කාලාවර්තය | 75.3 ව[1] |
ආනතිය | 162.3° |
භෞතික ගුණාංග | |
මාන | 15×8 කිමී,[3] 11 කිමී (මධ්‍යන්‍යය)[1] |
ස්කන්ධය | 2.2×1014 කිග්රෑ[4] |
මධ්‍යන්‍යය ඝණත්වය | 0.6[5] (ඇස්තමේන්තුගත පරාසය 0.2 සිට 1.5 දක්වා ග්රෑ/සෙමී3[6]) |
මිදුම් ප්‍රවේගය | ~0.002 කිමී/තත් |
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 2.2 දි (52.8 පැ) (?)[7] |
ප්‍රභානුපාතය | 0.04[8] |
දෘශ්‍ය විශාලත්වය | 28.2 (2003 දී)[9] |
අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය වෙත හැලීගේ යළි-පැමිණීම්, අඩුම වශයෙන් ක්‍රිපූ 240 සිට තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කොට වාර්තාගත කොට ඇත. ධූමකේතුවෙහි දර්ශනය වීම් වල පැහැදිලි වාර්තාගත කිරීම් චීන, බැබිලෝනියානු සහ, මධ්‍යතන යුරෝපියානු වංශකථා වල දක්නට ඇතත්, එකම වස්තුව යළි-දර්ශනය වීම් ලෙසින් එකල හඳුනාගෙන නොතිබිණි. ධූමකේතුවෙහි ආවර්තිත ගමන වසර 1705දී පළමුවෙන් හඳුනාගත්තේ ඉංග්‍රීසි තාරකාවිද්‍යාඥ එඩ්මන්ඩ් හැලී විසින් වන අතර, එය නම් කර ඇත්තේ ඔහු අනුව යමිනි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.