හලාස්ථිය

From Wikipedia, the free encyclopedia

හලාස්ථිය

හලාස්ථිය (Vomer - /ˈvmər/[1][2]) යනු හිස්කබලේ ඇති යුගලමය නොවූ වක්ත්‍ර අස්ථි අතරින් එකකි. එය පිහිටා ඇත්තේ මධ්‍ය ශරීය රේඛාවේ වන අතර, එය කීලාස්ථිය, ජිද්‍රාස්ථිය, වම් හා දකුණු තාලව අස්ථි සහ වම් හා දකුණු උර්ධ්වහනුක අස්ථි යන අස්ථි සමග සන්ධානය වේ. හලාස්ථිය මගින් නාසා ආවාරයේ අධර පෙදෙස සාදන අතර, එහි උත්ත‍ර පෙදෙස ජිද්‍රාස්ථියේ ලම්බ තලය මගින් සෑදේ.[3] මෙහි ඉංග්‍රීසි නාමය වන “Vomer” යන්න එම අස්ථියේ හැඩය ඇති, නගුල් දැත්තට යෙදෙන ලතින් වදනකින් සම්භවය වී ඇත.

Quick Facts හලාස්ථිය, තොරතුරු ...
හලාස්ථිය
Thumb
හලාස්ථිය (Vomer) වම්පසින් නම්කොට ඇත.
Thumb
නාසා ආවාරයේ අස්ථි සහ කාටිලේජ. දකුණු පස. (හලාස්ථිය පහළ වම්පසින් දිස්වේ.)
තොරතුරු
ලතින්Vomer
හඳුන්වනයන්
ග්‍රේ ගේp.170
MeSHA02.165.407.600
TAA02.1.11.001
FMA9710
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
Close

ව්‍යූහය

හලාස්ථිය මිනිස් සිරුරේ මධ්‍ය තලයේ පිහිටා ඇත. නමුත් එහි පූර්ව පෙදෙස සාමාන්‍යයෙන් එක් පැත්තකට නැවී ඇත.

මෙය සිහින්, තරමක් චතුරස්‍රාකාර අස්ථියකි. එය නාසා ආවාරයේ පසුපස සහ පහළ කොටස් සාදයි. මෙය සතුව පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් ඇත.

මෙහි පෘෂ්ඨයේ රුධිර වාහිනී සඳහා ඇගිලි වැනි ප්‍රදේශ ඇති අතර, ඒ සෑම එකකම නාසාතාලව ඇලිය පිහිට අතර එය හරස්ව ඉදිරියට සහ පසුපසට විහිදෙමින්, නාසාතාලව ස්නායුව සහ වාහිනී සඳහා අවකාශ සපයයි.

දාර

උත්තර දාරය, ඝනකම්ම දාරය වන අතර, එහි ගැඹුරු ඇගිලියක් ඇත, එය එක්පසෙකින් අස්ථියේ පිහිටි තිරස්ව විහිදෙන නෙරුමකින් සීමා වේ. – මෙය හලාස්ථි පියාපත නම් වේ. මෙම ඇගිලිය කීලාස්ථියේ තුණ්ඩය තෙක් විහිදේ.

අධර දාරය ඌර්ධ්වහනුක අස්ථිය සහ තාලව අස්ථිය මගින් සාදන ශිඛාව සමග සන්ධානය වේ.

පූර්ව දාරය දිගම දාරය වන අතර, පහළට සහ ඉදිරියට විහිදේ. එහි ඉහළ අර්ධය ජිද්‍රාස්ථියේ ලම්බ තලය සමග සම්බන්ධ වේ. එහි පහළ අර්ධය නාසාවාරික කාටිලේජය සඳහා ඇලියක් තනයි.

අපර දාරය අස්ථි සමග සන්ධානය වී නොමැති අතර, පේශී සන්ධානයන් ද නොමැත. එය අවතල ය. එය අන්තෝන්‍යාසය වෙන් කරයි. එය ඝනකම් වන අතර, ඉහළින් ද්වීභින්න සහ පහළින් සිහින් ව්‍යූහයකි.

සන්ධානයන්

හලාස්ථිය අස්ථි හයක් සමග සන්ධානය වේ:

මීට අමතරව එය නාසයේ ආවාරික කාටිලේජ සමග ද සන්ධානය වේ.

කෘත්‍යය

හලාස්ථිනාසා අවයවය, හෙවත් ජේකබ්සන් අවයවය, යනු රසායනික ප්‍රතිගාහකයක් වන අතර, එය හලාස්ථියට සහ නාසාස්ථිවලට සමීපව පිහිටි නිසා මෙසේ හඳුන්වයි. මෙය විශේෂයෙන්ම බළලුන් වැනි සතුන්ගේ (මොවුන්ගේ එම අවයවය භාවිතකරන විට ලාක්ෂණික ප්‍රතිචාරයක් වන ෆ්ලෙමෙන් ප්‍රතික්‍රියාව හෙවත් ෆ්ලෙමිං යන ක්‍රියාව දැකගත හැක) දක්නට ඇති අතර, එය ඇතැම් පෙරමෝන මගින් සංජානනය වේ යැයි සැලකේ.

වෙනත් සතුන් තුළ

අස්ථික මසුන්ගේ, හලාස්ථි පැතලි, වෙන් වූ අස්ථිවන අතර ඒවා පූර්වෝර්ධ්වහනු අස්ථිය අස්ථියට වහාම පිටුපසින්, පිහිටා මුඛයේ පියස්ස සාදයි. බොහෝ විශේෂවල හනුවට අමතරව මේවායේ දත් දක්නට ඇත. ඇතැම් නෂ්ට වූ විශේෂවල, හලාස්ථියේ දත් ප්‍රාථමික දත් කට්ටලයට වඩා විශාල ය. උභයජීවීන් සහ උරගයින් තුළ, විශාල අන්තෝන්‍යාසයක් (නාසාවිවරවල ඇතුළු කොටස) පැවතීම හේතුවෙන් හලාස්ථි පටු වී ඇති අතර, එය හනුවේ පිටුපසට වැඩිදුරක් දක්වා විහිදේ. නමුත් පක්ෂීන් තුළ මේවා සාමාන්‍යයෙන් කුඩා ය. ඒවා හොටෙහි ඉහළ පිටුපස පෙදෙස සාදන අතර, අන්තෝනාසය අතර පිහිටා ඇත.[4]

ක්ෂිරපායීන් තුළ, හලාස්ථි තවත් පටු වී ඇති අතර, එය තනි සිරස්ව දිශානත වූ අස්ථියක් දක්වා ක්ෂීණ වී ඇත. හලාස්ථියට පහළින් දැඩි තල්ල වර්ධනය වන විට සිදුවන්නේ නාසා කුහරයේ දැන් පිහිටි අස්ථිය මුඛයෙන් වෙන් වීමයි.[4]

අමතර පින්තූර

මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.