හන් සිව් ආඥාභූමි (漢四郡, 한사군) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු කොරියානු අර්ධද්වීපයේ සහ ලියාඕදොං අර්ධද්වීපයේ කොටසක පිහිටා තිබූ ලේලැං, ලින්ටුන්, ෂුවාන්ටු සහ චෙන්ෆැන් යන නම්වලින් හැඳින්වුණු ආඥාභූමි සතරකි.[1][2] මෙය මුල්කාලීන ක්‍රි.පූ. 2වන සියවසේ හන් රාජවංශයේ වූ අධිරාජයා විසින් විමන් ජොසොන් රාජ්‍යය යටත් කරගැනීමෙන් පසු පිහිටුවන ලද්දකි. පෙර ගෝජොසොන්හි පාලනය යටතේ පැවති ලෙලැං අසල වර්තමාන ප්යොංග්යෑං කේන්ද්‍ර කරගනිමින් හන් ගංගාව තරම් දකුණ තෙක් විහිදුණු ප්‍රදේශවල ජනයා පාලනය කිරීමට මෙම ආඥාභූමි පිහිටුවන ලදී.[3] ලෙලැං ආඥාභූමිය හැර සෙසු ආඥාභූමිවල නිශ්චිත පිහිටීම තවමත් මතභේදයට තුඩු දී ඇත.
දශක කිහිපයක් ඇතුළත ආඥාභූමි අතුරින් තුනක් බිඳවැටීම හෝ බටහිර දෙසට සීමා වීම සිදු විය. නමුත් සියවස් හතරක් පුරාවට ලෙලෑං ආඥාභූමිය අනුප්‍රාප්තික චීන රාජවංශ සමග සංස්කෘතික සහ ආර්ථික හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසින් පැවතිණි. ලෙලෑංහි පරිපාලන මධ්‍යස්ථානය චීනුන් විසින් ඉදිකරන ලද්දේ ආණ්ඩුකාරවරයා, නිලධාරීන්, වෙළඳුන් සහ චීන ජනපදවාසීන්ට උචිත චීන නගරයක ආකාරයෙනි. ඔවුන්ගේ පරිපාලනය ස්වදේශික ජනයාගේ ජීවිතය කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදුකොට තිබුණු අතර නිර්මාණිත ගෝජොසොන් සමාජය සේදී යන්නට විය.[4] කොරියානු සහ යේමෙක් සම්මිශ්‍රණයෙන් සැදි රාජධානියක් වූ ගොගුර්යෝව කෙමෙන් ආඥාභූමි ආක්‍රමණය කරන්නට වූ අතර, අවසානයේ දී එම භූමි ද ගොගුර්යෝ රාජධානියට ඈඳා ගැනිණි.[5]
ආඥාභූමි
- ලෙලෑං ආඥාභූමිය (樂浪郡, 낙랑군/락랑군, ක්‍රි.පූ. 108 ~ ක්‍රි.ව. 313):[6] ප්‍රාන්ත 25කි. නිවෙස් 62,812කි. ජනගහනය 406,748කි.
- ලින්ටුන් ආඥාභූමිය (臨屯郡, 임둔군, ක්‍රි.පූ. 107 ~ ක්‍රි.පූ. 82)
- ෂුවාන්ටු ආඥාභූමිය (玄菟郡, 현도군, ක්‍රි.පූ. 107 ~ ක්‍රි.ව. 302):[7] ප්‍රාන්ත 3කි. නිවෙස් 45,006කි. ජනගහනය 221,845කි.
- චෙන්ෆැන් ආඥාභූමිය (真番郡, 진번군, ක්‍රි.පූ. 107 ~ ක්‍රි.පූ. 82)
පසුකාලීන වර්ෂවල ලෙලෑං ආඥාභූමියෙන් වෙන්වූ ආඥාභූමියක් ඉතිහාසයේ දායිෆැං ආඥාභූමිය (帶方郡, 대방군, ක්‍රි.ව. 204 ~ ක්‍රි.ව. 313) ලෙස හඳුන්වනු ලබයි.
සිතියම්
- ක්‍රි.පූ. 108දී කොරියාව; හන් රාජවංශය විසින් විනාශ කිරීමට පෙර විමන් ජොසොන්
- හන් රාජවංශය විසින් විමන් ජොසොන් ආක්‍රමණය කොට ආඥාභූමි සතරක් ස්ථාපිත කොට ඇති අයුරු.
- 315දී කොරියාව; ගොගුර්යෝව පැරණි ගෝජොසොන් රාජධානියේ ප්‍රදේශ අයත් කරගෙන තිබේ.
මේවාත් බලන්න
- ගෝජොසොන්-හන් යුද්ධය
- දායිෆැං ආඥාභූමිය
ආශ්‍රේයයන්
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.