From Wikipedia, the free encyclopedia
යුනික්ලෝ සීමිත සහයෝගීතාව (ජපන්: 株式会社ユニクロ) යනු අනියම් ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අලෙවි කරන ජපානය සමාගමකි. මුලින් ජපානයේ ආරම්භ කරන ලද මෙම සමාගම 21 වන සියවසේදී ජපානයෙන් ඔබ්බට ව්‍යාප්ත වූ අතර ඉක්මනින් H&M වැනි සමාගම් හා සැසඳිය හැකි ප්‍රධාන ඇඳුම් සන්නාමයක් බවට පත් විය. යුනික්ලෝ හි 2023 දී ලොව පුරා වෙළඳසැල් 2,400 කට වඩා තිබුණි.[1]
![]() | |
ස්ථාපිතය | සැප්තැම්බර් 2, 1974 |
---|---|
පිහිටිස්ථානයන් ගණන | ගබඩා 2,400+ ක් |
සේවා සරිය | ලොව වටා |
ප්‍රධාන පුද්ගලයන් | Tadashi Yanai |
කර්මාන්තය | විලාසිතා |
නිෂ්පාදිතයන් | ඇඳුම්, පැළඳුම් උපාංග |
ආදායම | යෙන් බිලියන 1773 කි (2023) |
වෙබ්අඩවිය | uniqlo.com |
යුනික්ලෝ 1949 දී උබී (යමගුචි) හි වේගවත් සිල්ලර වෙළඳ සමාගම් සමූහයේ කොටසක් ලෙස ආරම්භ කරන.[2]
1984 දී "Unique Clothing Warhouse" නමින් Unisex අනියම් ඇඳුම් අලෙවිසැලක් පසුව "Uniqlo" ලෙස කෙටි කර හිරෝෂිමා හි විවෘත කරන ලදී.
යුනික්ලෝ ජපානයෙන් පිටත සිය පළමු වෙළඳසැල 2001 දී න්ඩනයේ සහ එහි පළමු වෙළඳසැල 2002 දී ෂැංහයි හි විවෘත කළේය. පළමු එක්සත් ජනපද යුනික්ලෝ 2005 දී නිව් යෝර්ක් හි විවෘත කරන ලදී.[3]
යුනික්ලෝ දැනට 30,000කට වැඩි පිරිසක් සේවය කරන අතර රටවල් 25කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ. ජපානයේ යුනික්ලෝ වෙළඳසැල් 800කට වඩා (ටෝකියෝවේ පමණක් 100කට වඩා වැඩි) සහ ජපානයෙන් පිටත 1,600කට වඩා තිබේ.[4]
Seamless Wikipedia browsing. On steroids.