සෞරභ් රාජ් ජෛන් (උපත 1985 දෙසැම්බර් 1) යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙකි. සෞරභ් වඩාත් ප්‍රචලිත වූයේ මහාභාරත් කතාමාලාවේ ඔහු නිරූපණය කළ ක්‍රිෂ්ණ දෙවියන්ගේ චරිතය නිසායි.[1].

Quick Facts සෞරභ් රාජ් ජෛන්, උපත ...
සෞරභ් රාජ් ජෛන්
Thumb
උපත
සෞරභ් රාජ් ජෛන්

දෙසැම්බර් 1, 1985 (1985-12-01) (වයස 38)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපණ ශිල්පියකු, නළුවකු
සක්‍රීය වසර2004-වර්තමානය
කලත්‍රයා(යන්)රිද්ධිමා සෞරභ් රාජ් ජෛන් (වි. 2010)
දරුවන්2
ආගමබුද්ධාගම
Close

සෞරභ් සිය රූපවාහිනී රංගන දිවිය ආරම්භ කළේ 19වන වියේ දී රීමික්ස් (2004) කතාමාලාවේ සහාය නළුවකු ලෙසයි.[2] ඔහු රංගන ශිල්පියකු ලෙස සිය නාමය ගොඩනගා ගත්තේ දේවොන් කේ දේව්...මහාදේව් (2011) රූපවාහිනී කතාමාලාවෙනි. මෙහි ඔහු විෂ්ණු දෙවියන්ගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2008 කර්ම චිත්‍රපටය තුළිනි. ඕම් නමෝ වෙන්කටේසයා චිත්‍රපටය තුළින් ඔහු තෙලිඟු සිනමාවට ද පිවිසියේ ය. සෞරභ් රාජ් ජෛන් උපතින් ජෛනාගමිකයකු වුවද, ඔහු ආගමක් ලෙස බුද්ධාගම අදහයි.[3][4]

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

More information වර්ෂය, තේමාව ...
වර්ෂය තේමාව චරිතය භාෂාව ප්‍රභවය
2008 කර්ම ලින්ඩාගේ පෙම්වතා ඉංග්‍රීසි
2015 චෙක් ඉන් බැංකොක් ක්‍රිෂ් ඉන්දුනීසියානු චිත්‍රපටය
2017 ඕම් නමෝ වෙන්කටේසයා වෙන්කටේස්වර දෙවියන් තෙලිඟු චිත්‍රපටය [5]
Close

රූපවාහිනිය

More information වර්ෂය, තේමාව ...
වර්ෂය තේමාව චරිතය නාළිකාව ප්‍රභවය
2004-2006 රීමික්ස් අමන් දීප් ස්ටාර් වන්
2008 මීට් මිලා දේ රබ්බා සුඛි සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන්
2006-2009 කසම් සේ රෝහිත් චොප්රා සී ටීවී
2008-2009 ජයි ශ්‍රී ක්‍රිෂ්ණා විෂ්ණු කලර්ස් ටීවී
2009 යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි වික්‍රම් සී ටීවී
2011 පර්චයි ආනන්ද් රාජ් චොප්රා කලර්ස් ටීවී
2011 චින්ටු චින්කි ඕර් ඒක් බඩි සි ලව් ස්ටෝරි අමන් සැබ් ටීවී
2011–2014 දේවොන් කේ දේව්...මහාදේව් විෂ්ණු / ක්‍රිෂ්ණ දෙවියන් ලයිෆ් ඕකේ
2012 උත්තරන් යුව්රාජ් වීර් සිං බුන්දේලා කලර්ස් ටීවී
2013-2014 මහාභාරත් ක්‍රිෂ්ණ / විෂ්ණු දෙවියන් ස්ටාර් ප්ලස්
2015 සාව්ධාන් ඉන්ඩියා ඔහු ලෙසම (නිවේදක) ලයිෆ් ඕකේ
2015 හසීර් ජවාබ් බි‍ර්බල් අක්බර් බිග් මැජික්
2015-2016 භක්තියොන් කි භක්ති මේන් ශක්ති ඔහු ලෙසම (නිවේදක) ලයිෆ් ඕකේ
2016 රොමන්සා චින්ටා උත්තරන්" යුව්රාජ් වීර් සිං බුන්දේලා ඒඑන්ටීවී
2016 පෙස්බකර්ස් ඔහු ලෙසම (ආරාධිත තරුව) ඒඑන්ටීවී
2016 මහාපුරාණ් ඔහු ලෙසම (නිවේදක) බිග් මැජික්
2016 ශනි හඬ දායකත්වය කලර්ස් ටීවී
2016 මහාකවි මහාප්‍රාණ් නිරාල (Abpnews) ඒබීපී නිව්ස්
2017-වර්තමානය මහාකාලි– අන්ත් හි ආරම්භ් හේ ශිව දෙවියන් කලර්ස් ටීවී
Close

ගුවන්විදුලිය

More information වර්ෂ, තේමාව ...
වර්ෂ තේමාව චරිතය නාළිකාව මූලාශ්‍රය
2016 "අර්ථ්" ගුවන්විදුලි නිවේදක 92.7Bigfm
Close

සම්මාන සහ නිර්දේශ

More information වර්ෂය, සම්මාන උළෙල ...
වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය චරිතය ප්‍රතිඵලය
2014 ඉන්දියානු ටෙලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා ක්‍රිෂ්ණ (මහාභාරත්) නිර්දේශිත
2014 ස්ටාර් පරිවාර් සම්මාන නායි සොච් සම්මානය ක්‍රිෂ්ණ (මහාභාරත්) දිනාගති
2014 ස්ටාර් පරිවාර් සම්මාන පෙහ්ලේ නායි සොච් කි ක්‍රිෂ්ණ සහ ද්‍රෞපදී (මහාභාරත්) දිනාගති
Close

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.