එහි පූර්වප්‍රාප්තික ඩොනමෝර් කොමිෂන් සභාව ලෙසින්ම, වසර 1944දී සංස්ථාපිත සෝල්බරි කොමිෂන් සභාවද, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්හී ප්‍රමුඛ මෙවලමක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කොමිෂන් සභාව පත් කිරීමට ආසන්නතම හේතුව වූයේ, ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු වූ අමාත්‍ය මණ්ඩලය විසින් 1944 වසරෙහිදී සකස් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතයි. මෙම කොමිෂන් සභාව විසින් 1948 වසරෙහිදී ඩොමීනියන් තත්ත්වය සහ නිදහස ශ්‍රී ලංකාවට ලබා දුනි. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නිර්දේශයන්, සේනානායක මහතා සහ ඔහුගේ ප්‍රධාන අනුශාසක ශ්‍රීමත් අයිවර් ජෙන්නින්ග්ස්ගේ [1] ආභාෂය මොනවට පිළිබිඹු කල ලේඛනයක්වූ, 1944 වසරෙහි අමාත්‍ය මණ්ඩල කෙටුම්පතෙහි කරුණු බොහෝදුරට අනුගමනය කර තිබුණි.

කොමිෂන් සභාව පත් කිරීමට හේතු කාරක වූ පසුබිම

ලංකාවේ නිදහස් අරගලයේ සටන මෙහෙයවන ලද්දේ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය" මගක් ගනිමින් මිස බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මෙන් දැඩි ලෙසින් ගැටුම්කාරී පිවිසුමක් ගනිමින් නොවේ.

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.