සරලීකෘත චීන අක්ෂර

චීන මහාභූමියෙහි ගොඩනැගුණු සම්මත චීන අක්ෂර From Wikipedia, the free encyclopedia

සරලීකෘත චීන අක්ෂර (简化字; jiǎnhuàzì)[1] යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය සම්මත චීන අක්ෂර වගුව අනුව චීන මූලභූමිය, සහ සිංගප්පූරුව තුළ භාවිතා වන සම්මත චීන අක්ෂර ප්‍රභේදයකි. මෙය සහ සම්ප්‍රදායික චීන අක්ෂර යන අක්ෂර ප්‍රභේද වර්තමාන චීන ලිඛිත භාෂාව තුළ භාවිතා වන සම්මත අක්ෂර මාලාවන් වේ. සාක්ෂරතාව ප්‍රවර්ධනය කරනු වස් 1950 සහ 1960 දශකවල දී මහජන චීන සමූහාණ්ඩු රජය විසින් මෙය මුද්‍රණ ක්ෂේත්‍රය තුළ භාවිතය දිරිගන්වන ලදී.[2] මේවා නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව සහ සිංගප්පූරුව තුළ භාවිතා වන අතර, සම්ප්‍රදායික චීන අක්ෂර හොං කොං, මැකාවු, චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ කලාතුරකින් මැලේසියාවේ සහ සිංගප්පූරුවේ චීන ප්‍රජාව විසින් භාවිතා කරනු ලබයි.

Quick Facts සරලීකෘත චීන, වර්ගය ...
සරලීකෘත චීන
Thumb
වර්ගය
Logographic
භාෂාචීන
කාල වකවානුව20වන සියවසේ මැද භාගය සිට
මාතෘ ක්‍රම
දිවැස් අස්ථි අක්ෂර
  • මුද්‍රා අක්ෂර
    • Clerical Script
      • සම්ප්‍රදායික චීන
        • සරලීකෘත චීන
සහෝදර ක්‍රම
කන්ජි
Chữ Nôm
හන්ජා
ඛිතාන් විශාල අක්ෂර
ඛිතාන් කුඩා අක්ෂර
චුයින්
දිශානතියVaries
ISO 15924Hans, 501
Close

සටහන් සහ ආශ්‍රේයයන්

වැඩිදුර කියවීමට

බාහිර සබැඳි

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.