නරේන්ද්‍ර සිංහ රජුගේ පළමු බිරිඳගේ සහෝදරයා නොහොත් රජුගේ මස්සිනා වූ ශ්‍රී විජය රාජසිංහ එම නමින්ම මහනුවර රාජධානියේ රජු ලෙස සිහසුනට පත් විය. ඔහු දකුණු ඉන්දියාවේ විජයනගර් පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔහුගේ සම්භවය ද මදුරෙයි නගරයයි.

Quick Facts ශ්‍රී විජය රාජසිංහ, රාජ්‍ය සමය ...
ශ්‍රී විජය රාජසිංහ
මහනුවර රාජධානියේ රජ
රාජ්‍ය සමය13 මැයි 1739 – 11 අගෝස්තු 1747
අභිෂේකය1739
පූර්වප්‍රාප්තිකයාශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
අනුප්‍රාප්තිකයාකීර්ති ශ්‍රී රාජසිංහ රජ
උපතමදුරෙයි, ඉන්දියාව
මරණය11 අගෝස්තු 1747
ශ්‍රී ලංකාව
වංශයමහනුවර නායක්කාරවරු
Close

නව රජු සැලකිය යුතු තරමේ ප්‍රබුද්ධයෙකු විය. හින්දු භක්තිකයෙකු වුවත් ජාතික ආගම වූ බුද්ධාගමේ උන්නතිය සඳහා සම්පූර්ණ අවධානය යොමු කළේය. ඔහු රටේ නොයෙක් ස්ථානවල ගල් ලෙන්වල බුදුන්ගේ සැතපෙන පිළිම, හිටි පිළිම, හා හිඳි පිළිම ජීවමාන ප්‍රමාණයට ගලින් නිම කිරීමට කටයුතු කළේය. එවකට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි ලන්දේසීන් සමග වෙළඳ කටයුතු මුල් කරගෙන සටන් කීපයක නියැලීමට රජුට සිදු විය. ශ්‍රී විජය රාජසිංහ පල්ලි විනාශ කළේය. ලන්දේසීන්ට හා පෘතුග්‍රීසීන්ට නොයෙක් වද හිංසා පැමිණ වූ අතර එම තත්වය කීර්ති ශ්‍රී යුගය දක්වා පැවතියේය. රටේ ව්‍යසනකාරී සිද්ධීන් කීපයක් ඇති වූ අතර එවැනි දෑ සිදු වන්නේ රජුගේ ක්‍රියා කලාපයන් නිසා යැයි රජු සිතුවේය. එයින් පසු පමණක් රජුගේ එම ක්‍රියා නැවතුණේය.

මදුරෙයි රාජකීය පවුල සමග විවාහ සබඳතා

රජු සිහසුනට පත් වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් බිරිඳක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කළේය. මේ සඳහා ඔහු 1739 දී මදුරෙයි නගරයට දූතයින් දෙදෙනෙකු යැව්වේය. බංගරුතිරුමලගේ පවුලේ අය රජුගේ යෝජනාව පිළිගත්හ. එම පවුල ඒ වන විට වාසය කළේ ශිවනංග සමීන් හි තිරුපචේතිරම් අසල වෙල්ලෙයි කුරුච්චි කොටුවේය. බංගරු තිරුමලගේ ඤාති වූ රාම ක්‍රිෂ්ණප්පා නායක සහ නරෙනප්පා නායක නම් සහෝදරයින් දෙදෙනා රාම්නාද් නම් ස්ථානයේදී රජුගේ නියෝජිතයන් දෙදෙනා මුණ ගැසුනාහ. නරෙනප්පා නායක හට විවාහ කර දෙන වයසේ දියණියක් සිටි අතර ඔව්හු මහනුවර රජුගේ ඉල්ලීමට කැමැත්ත පළ කළහ. සහෝදරවරු ඔවුන්ගේ පවුලේ අයද ඤාතීන් ද රජුගේ නියෝජිතයා සමග දියණියගේ විවාහ මංගල්‍යය උදෙසා ලංකාවට පැමිණියහ. පසුව ඔව්හු නෑදෑ හිතමිත්‍රාදීන් සමග මහනුවර පදිංචි වූහ.

1747 දී ශ්‍රී විජය රාජසිංහ තවත් මදුරෙයි කුමරියක් සරණ පාවා ගත්තේය. මේ සෑම මනමාලියකම ඇයගේ නෑදෑයින් කණ්ඩායමක් ගෙන ආහ.

මරණය

රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කළ විගසින් මිය ගියේය. ඔහුට දරුවන් නොමැති විය. ඔහු රජ බවට පත් වීමට නම් කරනු ලැබුවේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා වූ තමන්ගේ වැඩිමල් මස්සිනාය. හෙතම ඔහුගේ සොහොයුරිය රජු සමග විවාහ වූ දිනයේ සිටම රජ මාළිගයේ සිටි තැනැත්තෙකි. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම විශේෂිත ක්‍රමය නිසා නරෙනප්පා නායකගේ පුතා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් මහනුවර සිහසුන උරුම කර ගත්තේය.

More information රාජ පදවි නාමයන් ...
ශ්‍රී විජය රාජසිංහ රජ
උපත: ? ? මරණය: 11 August 1747
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
මහනුවර රාජධානියේ රජ
13 මැයි 1739 – 11 අගෝස්තු 1747
අනුප්‍රාප්තික
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.