ලිංග

From Wikipedia, the free encyclopedia

ලිංග

විශේෂ බොහොමයක ජීවියෝ, ගැහැණු සහ පිරිමි නම්වන ලිංග දෙකකට අයත්වනසේ විශේෂීකරණය වීඇත.සත්ව රාජධානියට අයත් ජීවීන් තම වර්ගයා බෝකිරීම හෙවත් ප්‍රජනනය සදහා හැඩගැසී ඇති අපූරු ක්‍රමයක් වන්නෙ ඔවුන් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් දැක්වෙන බෙදීමයි.ශාක රාජධානිය තුලද ලිංගික බෙදීමක් දක්නට ලැබුනද ඇතැම් ශාක ලිංගික ප්‍රජනනය මගින් තම වර්ගයා බෝකිරීම සිදු නොවේ.ඒ වෙනුවට ශාක රාජධානිය තුල වර්ධක ප්‍රජනනය ක්‍රියාත්මකවේ.මේ අනුව ලිංගික ප්‍රජනනය ශාක හා සත්ව රාජධානිතුල දක්නට ලැබෙන ලක්ෂණයකි.සත්වයින් අතර ගැහැණු හා පිරිමි වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ.ශාක තුල බොහොවිට එකම ශාකයකම ලිංග දෙකටම අයත් අවයව දක්නට ලැබේ.සතුන් ලිංගික සංසර්ගය මගින් ද ශාක පරාගනය මගින්ද ස්ත්‍රී පුරුෂ ලිංගික ප්‍රජනනය සිදුකරයි.

පිරිමි ජන්මානුවක් (ශුක්‍රාණුවක්) මගින් ගැහැණු ජන්මාණුවක් (ඩිම්බයක්) සංසේචනය කරන අයුරු

මිනිසා ඇතුළු ක්ෂීරපායින්ගේ ලිංගිකත්වය තීරණය වන්නේ XY වර්ණදේහ ඇසුරිනි.ස්ත්‍රි ඩිම්බයක අඩංගු වන්නේ X ගණයේ වර්ණදේහ පමණි.එහෙත් පුරුෂ ශුක්‍රාණුවක X හෝ Y වර්ණදේහ අඩංගුවිය හැක.ඒ අනුව සංසේචනයේදී ඩිම්බානුවකට X වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් හමුවීමෙන් ස්ත්‍රි ජන්මියකු උපත ලබයි.Y වර්ණදේහය අඩංගු ශුක්‍රාණුවක් නම් පුරුෂ ජන්මියෙකු බිහිවේ.ඒ අනුව ජීවියෙකුගේ ස්ත්‍රී පුරුෂභාවය සංසේචනය සිදුවන අවස්ථාවේදීම තීරණයවේ.

සත්ව රාඣධානියට අයත් බොහෝ සතුන්ගේ බාහිර ලිංගික අවයව මගින් ලිංගිකත්වය හදුනාගත හැකිය.අචලතාපී සත්ව කාණ්ඩයට අයත් පිරිමි සතුන්ගේ වෘෂණකෝෂ සිරුරින් බැහැරව පිහිටයි.එහෙත් චලතාපී සතුන්ගේ වෘෂණ ශරීරයතුල ගිලී පවතී.දරුගැබ දරා සිටීම පැටවාට ආරක්ෂාව සැපයීම වැනි ඉතා වදගත් කාර්‍ය බොහෝමයක් සත්ව රාඣධානිය තුල ගැහැණු සතුන් අතින් ඉටුවේ.මෙයින් ක්ෂීරපායීන් ප්‍රමුඛය.



ලිංගික අභිජනනය

Thumb
ඒක ගුණ සහ ද‍්වීගුණ අවස්ථා පසුකරමින් ලිංගිකව අභිජනනය කරන ජීවායෙකුගේ ජීවන චක්‍රය

ලිංගය තීරණයවීමේ ක්‍රම

ආශ්‍රිත ලිපි

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.