From Wikipedia, the free encyclopedia
රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. රොමෙනියාව, හන්ගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසානයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙසරාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝර්සෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන රොමෙනියාව නව සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම භුමිප්‍රමාණය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.
Romania România (රුමේනියානු) | |
---|---|
ජාතික ගීය: Deșteaptă-te, române! (අවදිවනු, රොමෙනියානුවනි!) | |
Location of රුමේනියාව (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | බුකාරෙස්ට් |
නිල භාෂා(ව) | රොමෙනියන්[1] |
ජනවාර්ගික කණ්ඩායම් (2011[2]) |
|
ජාති නාම(ය) | රොමෙනියානු |
රජය | ඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව |
• ජනාධිපති | ක්ලාවුස් යෝහැනිස් |
• අගමැති | වික්ටර් පොන්ටා |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනෙට් | |
Chamber of Deputies | |
Formation | |
1330 | |
1346 | |
1570 | |
24 January 1859 | |
1877 / 1878b | |
• රුමේනියා රාජධානිය | 14 මාර්තු 1881 |
• මහා සංගමයc | 1 December 1918 |
• රුමේනියා මහජන ජනරජය ප්‍රකාශයට පත් කිරීම | 30 දෙසැම්බර් 1947 |
• රුමේනියානු විප්ලවය | 16–27 දෙසැම්බර් 1989 |
21 නොවැම්බර් 1991 | |
1 ජනවාරි 2007 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 238,391 km2 (92,043 sq mi) (83rd) |
• ජලය (%) | 3 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 19,942,642[3] (58th) |
• 2011 ජන සංගණනය | 20,121,641[2] (58th) |
• ඝණත්වය | 84.4/km2 (218.6/sq mi) (118වන) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $403.579 බිලියන (46වන)[4] |
• ඒක පුද්ගල | $20,355 (61වන)[5] |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $215.302 බිලියන [6] (51වන) |
• ඒක පුද්ගල | $10,859 [7] (72වන) |
ගිනි (2013) | 34[8] මධ්‍යම |
මාසද (2013) | 0.785[9] ඉහළ · 54වන |
ව්‍යවහාර මුදල | රුමේනියානු ලෙයූ (RON) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +40 |
Patron saint | Saint Andrew |
ISO 3166 code | RO |
අන්තර්ජාල TLD | .rod |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.