From Wikipedia, the free encyclopedia
ශ්‍රී රාජාධි රාජසිංහ (ක්‍රි.ව. 1782-1798) නමින් සිහසුනට උරුමකම් ලැබූ ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොයුරාය. ඔහුද තම සහෝදරයා සමග මදුරෙයි හි සිට මෙහි පැමිණියේ කුඩා ළමයෙකුව සිටියදීය. මේ හේතුව නිසාම ඔහු හැදී වැඩුනේ උඩරැටියෙකු පරිද්දෙනි. සිංහලයෙකු පරිද්දෙනි. එවකට මල්වතු විහාරයේ නායක හිමියන්ගේ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණේය. ඔහු විවිධ දක්ෂතාවලින් යුත් අයෙකු විය. භාෂා බොහොමයක් ඉගෙන ගත්තේය. පාලි සහ සංස්කෘත ද ඒ අතර විය. බුද්ධාගම සම්බන්ධයෙන් නොමසුරු දායකත්වයක් සැපයූ ඔහු කාව්‍ය රසිකයෙකු විය. එසේම කවියෙක් ද විය.
ශ්‍රි රාජාධි රාජසිංහ | |
---|---|
සිංහලේ රජ | |
රාජ්‍ය සමය | 1782 ජනවාරි 2 - 1798 ජූලි 26 |
අභිෂේකය | 1782 |
පූර්වප්‍රාප්තිකයා | කීර්ති ශ්‍රී රාජසිංහ රජු |
අනුප්‍රාප්තිකයා | ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
භූමදානය | ශ්‍රී ලංකාව |
වල්ලභයා | උපෙන්ද්රාම්මා රැජින |
දරුවන් | None |
වංශය | මහනුවර නායක්කාරවරු |
1798 දී දරුවෙකු නොමැතිව, අනුප්‍රාප්තිකයෙකු ද නම් නොකර ඔහු මිය ගියේය. සියලු වගකීම් පිළිමතලාවේ වෙත පැවරුණි. පිළිමතලාවේ පළමු අධිගාර් නොහොත් අගමැති තනතුර දරමින් සිටියේය. ඔහු අති දක්ෂ, බලලෝභි, කූට උපක්‍රමයෙහි දක්ෂ පුද්ගලයෙකු විය. හිස් වූ සිහසුනට අනුප්‍රාප්තිකයෙකු තේරීම ඔහුට පැවරුණි. විවාද චරිතයක් වූ පිළිමතලාවේ, රජ පෙළපතේ අවසාන වීමට වගකිව යුතු ප්‍රධාන සාධකයන්ගෙන් එකක් විය.
ශ්‍රී රාජාධි රාජසිංහ රජ උපත: ? ? මරණය: 26 ජූලි 1798 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජ |
මහනුවර රජු 2 ජනවාරි, 1782–26 ජූලි, 1798 |
අනුප්‍රාප්තික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.