බෙන්තොට

From Wikipedia, the free encyclopedia

බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශිකයන් අතර ජනප්‍රිය සංචාරක නගරයකි. පුරාණයේ පැවතගෙන එන ආකාරයට බෙන්තොට යන නාමය ලැබී ඇත්තේ බෙම් නම් යක්ෂයෙකු බෙන්තර ගගට අරක්‍ ගෙන සිටි නිසා බවට පැවසේ. තොට යන්න ගං ඉවුර යන අර්ථය ගෙන දෙයි. බෙන්තර නගරය තුල ලෝක ප්‍රසිද්ධ සංචාරක හෝටල් කීපයක්ම පිහිටා ඇති අතර එය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුල නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. මෙහි ජනගහනය ආසන්න වශයෙන් 25000-50000 ත් අතර ‍වේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙම නගරයටද බරපතල හානි සිදුවිය.

සැළලිහිණි සංන්දේශයෙහිදී සැළලිහිණියාට තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ගතකිරීමට නියම කොට ඇත. බෙන්තොට වට කොට පුරාණ රජමහා විහාර පහක් ඇත.

  1. ගලපාත රජමහා විහාරය
  2. බෝධිමළුව රජමහා විහාරය
  3. වනවාසය රජමහා විහාරය
  4. උඩකොටුව ‌‌බෝධිසමීප රජමහා විහාරය
  5. ගනේ පුරාණ රජමහා විහාරය

පුරාණ භාෂිතය වූ භීමතීර්ථය පසුව බෙම්තොට වී අනතුරුව බෙන්තොට වී ඇත. සමහරු බෙන්තර යැයි ව්‍යවහාර කරති. නිදසුනක් වශයෙන් පැරැණි ඡන්ද කොට්ඨාශය බෙන්තර-ඇල්පිටිය විය.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.