From Wikipedia, the free encyclopedia
සිරිමැටි සිත්තරාවි (කොරියානු: 불의 여신 정이; ප්‍රරෝ: බුලුයි යෝසින් ජොං-ඊ; සාහිත්‍යමය. ගින්නෙහි දෙවගන, ජොං යි) යනු 2013දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලාවකි. එහි චරිත නිරූපණය මූන් ගියුන්-යොං, ලී සං-යූන්, කිම් බුම්, පාක් ගුන්-හ්යුං, සියෝ හ්යුන්-ජින්, ජුන්ක්වං-ර්යුල්, ජොං බෝ-සූක්, බ්යුන් හී-බොං, හන් ගෝ-ඉයුන්, සහ ලී ක්වං-සූ විසින් සිදුකරන ලදී.[1] එය 2013 ජූලි 1 සිට ඔක්තෝබර් 22 දක්වා MBC නාළිකාව ඔස්සේ සඳුදා සහ අගහරුවාදා 21:55ට කථාංග 32කින් යුක්තව විකාශය කරන ලදී.[2]
මෙලෙසද හැඳින්වේ | Goddess of Fire, Jung Yi Jung Yi, the Goddess of Fire Goddess of Fire, Jeongi The Goddess of Fire |
---|---|
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය ප්‍රේම කථා නාට්‍ය |
රචනය කලේ | ක්වොන් සූන්-ක්යු ලී සෝ-යූන් |
අධ්‍යක්ෂණය කලේ | පාක් සුං-සූ ජුං දේ-යූන් |
රඟපෑම | මූන් ගියුන්-යොං ලී සං-යූන් කිම් බුම් |
Composer(s) | ලී පිල්-හෝ |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 32 |
විධායකනිෂ්පාදක(යෝ) | ගෝ දොං-සුන් කිම් සියුං-මෝ |
නිෂ්පාදක(යෝ) | කිම් ක්වං-ඉල් |
සංස්කාරක(යන්) | ඉම් ග්යොං-රේ |
ස්ථානය(න්) | කොරියාව, ජපානය |
සිනෙමාරූපණය | ලී තේ-හී ජෝ සොං-සූ |
ධාවන කාලය | මිනිත්තු 60, සඳුදා සහ අගහරුවාදා 21:55 (KST) |
නිෂ්පාදන සමාගම | KPAX MBC C&I |
මුල් නාලිකාව | MBC |
රූප ආකෘතිය | HDTV |
මුල් ධාවනය | 1 ජූලි 2013 ඔක්තෝබර් 2013 | – 22
පූර්වගමනය වනුයේ | Gu Family Book |
අනුගමනය වනුයේ | Empress Ki |
වෙබ් අඩවිය |
මෙය ඓතිහාසික නාට්‍යයක් වන අතර මෙමගින් 16වන සියවසේ සිටි සැබෑ චරිතයක් වන බෙක් පා-සුන්ගේ ජීවිතය සහ ඇගේ ප්‍රේමය නිරූපණය වෙයි.ඇය කොරියාවේ ජෝසුන් රාජවංශ සමයේ සිටි පළමු කුඹල් සහ සිරිමැටි කලා ශිල්පිනිය ලෙස සැලකේ.[3][4]
බෙක්ගේ සිරිමැටි ඔපදැමීමේ හැකියාව ඉතාම උසස් ගණයේ වූ අතර ඇය රාජකීය පවුල සඳහා පිගන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා තෝරාගැනිණි. ඇගේ කීර්තිය නිසාම විදේශීය ආක්රමණිකයෝ ද ඇය පිළිබඳ අවධානය යොමුකරන්නට වූහ. 1592 ජපන් ආක්‍රමණ සමයේ දී, ඇය ඇතුළු කොරියානු කලාකරුවන් රැසක්ම ජපානය වෙත බලෙන් රැගෙන යන ලදී. ටොයොටොමි හිදෙයොෂිගේ නියෝගය අනුව ජපන් කලාව හැඩගැන්වීමට බෙක් සිය දායකත්වය සැපයූ අතර ඇය නව ආරේ මැටි බඳුන් විශාල සංඛ්‍යාවක් නිර්මාණයට දායක වූ අතර එම නිර්මාණ ජපන් කලාකෘති ලෙස සැලකෙයි. ඇය ජපානය තුළ ගෞරවාදරයට පාත්‍ර වූ අතර ඇය වෙනුවෙන් නම්කළ විහාරයක් අරිටා නගරයේ පිහිටා ඇත.[5]
තමන්ට ස්වභාවයෙන්ම උරුම වූ දක්ෂතාවයකට උරුමකම් කී යූ ජුං ජෝසුන් රාජවංශයේ ඉහළම සිරිමැටි ශිල්පිනිය වීමට සිහින මවයි. 16වන සියවසේ ආසියානු වඩාත් අනර්ඝතම පෝසිලේන් ලෙස සැලකුණේ ජෝසුන්හි සුදු පෝසිලේන් ය. ග්වංජුහි බුන්වොන්-රි ප්‍රදේශයේ පිහිටා තිබූ රජයේ අනුග්‍රහය ලද බුන්වොන් (කොරියානු: 분원; හන්ජා: 分院) කම්හල තුළ ජොං ඇගේ සිරිමැටි කලාව උගනියි. මෙම සිරිමැටි කලාව විද්‍යාවේ සහ කලාවේ සම්මිශ්‍රණයක් ලෙස පැවසීම වඩා නිවැරදි ය..[6]
පසුකලෙක ජොං ග්වංහේ කුමරු සමග ප්‍රේමයක පැටලෙයි. මෙම ග්වංහේ කුමරුගේ කිරුලට ඉමහත් තර්ජන පැවතිණි. ජොං කෙරෙහි ග්වංහේ දැඩි ප්‍රේමයකින් පසු වූ නමුත් ඔහුට ඇයව අත්හැරීමට සිදු වෙයි.[7][8]
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[18] | AGB නීල්සන්[19] | ||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | ||
1 | 2013 ජූලි 1 | 10.1% | 11.1% | 10.7% | 12.3% |
2 | 2013 ජූලි 2 | 10.4% | 11.7% | 11.4% | 11.3% |
3 | 2013 ජූලි 8 | 9.3% | 10.5% | 10.3% | 11.4% |
4 | 2013 ජූලි 9 | 10.6% | 11.9% | 12.0% | 12.8% |
5 | 2013 ජූලි 15 | 11.5% | 13.3% | 10.6% | 11.7% |
6 | 2013 ජූලි 16 | 11.3% | 13.7% | 11.8% | 13.3% |
7 | 2013 ජූලි 22 | 11.2% | 13.4% | 11.7% | 12.6% |
8 | 2013 ජූලි 23 | 12.1% | 15.1% | 11.8% | 12.4% |
9 | 2013 ජූලි 29 | 11.2% | 13.7% | 10.4% | 11.6% |
10 | 2013 ජූලි 30 | 10.8% | 13.4% | 11.0% | 11.5% |
11 | 2013 අගෝස්තු 5 | 10.7% | 13.6% | 10.0% | 11.2% |
12 | 2013 අගෝස්තු 6 | 11.0% | 14.4% | 11.6% | 13.0% |
13 | 2013 අගෝස්තු 12 | 8.2% | 10.5% | 9.1% | 10.3% |
14 | 2013 අගෝස්තු 13 | 8.8% | 10.9% | 9.6% | 10.8% |
15 | 2013 අගෝස්තු 19 | 7.7% | 9.6% | 7.8% | 9.4% |
16 | 2013 අගෝස්තු 20 | 8.2% | 10.3% | 8.6% | 9.8% |
17 | 2013 අගෝස්තු 26 | 7.6% | 8.7% | 8.6% | 9.9% |
18 | 2013 අගෝස්තු 27 | 8.4% | 10.3% | 9.1% | 10.9% |
19 | 2013 සැප්තැම්බර් 2 | 8.5% | 9.7% | 8.4% | 9.7% |
20 | 2013 සැප්තැම්බර් 3 | 9.6% | 11.5% | 9.1% | 10.4% |
21 | 2013 සැප්තැම්බර් 9 | 7.6% | 8.9% | 8.4% | 9.4% |
22 | 2013 සැප්තැම්බර් 10 | 8.2% | 9.1% | 7.9% | 9.1% |
23 | 2013 සැප්තැම්බර් 16 | 8.2% | 9.9% | 7.5% | 8.7% |
24 | 2013 සැප්තැම්බර් 17 | 7.9% | 8.5% | 7.2% | 7.8% |
25 | 2013 සැප්තැම්බර් 30 | 7.1% | 8.2% | 6.0% | 7.2% |
26 | 2013 ඔක්තෝබර් 1 | 7.7% | 8.8% | 7.6% | 8.4% |
27 | 2013 ඔක්තෝබර් 7 | 7.9% | 9.2% | 7.4% | 9.0% |
28 | 2013 ඔක්තෝබර් 8 | 7.6% | 8.5% | 7.2% | 7.7% |
29 | 2013 ඔක්තෝබර් 15 | 8.2% | 9.3% | 9.0% | 10.3% |
30 | 2013 ඔක්තෝබර් 15 | 6.8% | 8.2% | 8.0% | 9.5% |
31 | 2013 ඔක්තෝබර් 21 | 9.1% | 11.0% | 9.3% | 10.4% |
32 | 2013 ඔක්තෝබර් 22 | 10.3% | 12.1% | 9.6% | 10.6% |
සාමාන්‍යය | 9.2% | - | 9.3% | 10.4% |
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ප්‍රදානලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | විශිශ්ට සම්මානය, නළුවා | ලී සං-යූන් | නිර්දේශිත | |
විශිෂ්ට සම්මානය, නිළිය | සියෝ හ්යුන්-ජින් | දිනාගති | ||
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | මූන් ගියුන්-හොං | නිර්දේශිත | ||
විශිෂ්ට සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | [ලී සං-යූන්]] | නිර්දේශිත | ||
2014 | කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ගොඩස් ඔෆ් ෆයර් | නිර්දේශිත | |
කැපීපෙනෙන කොරියානු නිළිය | මූන් ගියුන්-හොං | නිර්දේශිත | ||
කැපීපෙනෙන කොරියානු නාට්‍යOST | Forever You – බොබී කිම් | නිර්දේශිත | ||
Tears Flow - නොයෙල් | නිර්දේශිත | |||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.