ශ්‍රී ලංකාවේ විශාලම දියඇල්ල From Wikipedia, the free encyclopedia
බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බලංගොඩ, හපුතලේ මාර්ගයේ බලංගොඩ සිට 32Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. ෆයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.
බඹරකැලේ දියඇල්ල | |
---|---|
පිහිටීම | කළුපහන, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°46′1″N 80°49′59″E |
වර්ගය | Horsetail |
උන්නතාංශය | ≈1,100 m (3,600 ft) |
සමස්ථ උස | 263 m (863 ft) |
පතන සංඛ්‍යාව | 1 |
ජල මූලාශ්‍රය | කුඩා ඔය, වළවේ ගඟේ අතු ගංගාවකි. |
උස අනූව ලෝකයේ ස්ථානය | 299 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.