From Wikipedia, the free encyclopedia
ක්‍රි:පු. වන සියවසේ දී බුදුන් වහන්සේ මෙලොව පහළ වු සේක.එහෙත් ප්‍රථමවරට බුදු පිළිමයක් නෙලා ඇත්තේ ක්‍රි.පු.1වන සියවසේ දී ය.බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී මිනිස්රුවේ හැඩහුරුකමින් යුත් බුද්ධ රූපයක් නෙළීමට සෑහෙන කාල පරිච්ඡේදයක් ගත වී තිබේ. පුරාවිද්‍යා සාධක අනුව බුදුරුව නෙලීම අවස්ථා තුනක දී සිදු වූ බව පෙනේ.එනම්,
01.බුදුරුව සංකේතානුසාරයෙන් දැක්වීම
02.බෝධි සත්ව රූප නෙලීම
03.බුදු පිළිම නෙලීම
ලංකාවට බුදු සමය පැමිණියේ ක්‍රි.පු.3 වන සියවසේ දී ය. මිහිඳු හිමියන් ලක්දිව වැඩම කරවීමෙක් පසුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරන අවස්ථාවේ ඒ සමඟ අටළොස් කුලයක කර්මාන්ත ශිල්පීන් ද පැමිණි බව මහා වංශයේ සඳහන් වේ. මෙම ශිල්පීන් අතර මූර්ති ශිල්පීන් ද සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන්ගෙන් ලාංකිකයන් මූර්ති ශිල්පය ඉගෙන ගන්නට ඇත.
පොළොන්නරුව කවදා කවුරු විසින් ආරම්භ කරන ලද්දක්ද යන්න පිළිබඳ පැහැදිලි ඉතිහාසයක් නැත. එසේ වුව ද ක්‍රි:ව.11 වන සිය වසේ දී පමණ වන විට පොළොන්නරු යුගය ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. පොළොන්නරු යුගයේ නෙලන ලද බුදු පිළිම පහත සඳහන් අයුරින් දැක්විය හැකි ය.
මෙම පිළිමගෙයි තබා ඇති අත් සිඳී ගිය හිටි පිළිමය උසින් අඩි 9 අඟල් 9 කි. ආන්ද්‍ර සම්ප්‍රදායට අයත් මෙම පිළිමය පොළොන්නරු සමයට අයත් නොවේ යැයි සමහරු කියති. ක්‍රි:ව.9 ,10 සියවස් වලට අයත් බව විශ්වාස කරති. එසේ ම වමතේ මැණික්කටුව ළඟින් ම නැත. සිවුරේ රැලි අවුකන පිළිමයේ මෙන් රැලි ගන්වා තිබුණත් රැල්ල රේඛා දෙකකින් නිරූපණය කර යි.
මාතලේ ඇලහැර සමීපයේ අත්තර ගල්ලෑල්ලෙන් සොයා ගත් ශෛලමය හිඳි පිළිමය ක්‍රි:ව. 11 සියවසට අයත් සේ සැලකේ.
පොළොන්නරුවේ ගල්විහාරයේ (උත්තරාරාමයේ) පිළිම හතර ම ක්‍රි:ව.12 වන සියවසට අයත් යැයි විශ්වාස කෙරේ. මෙහි හිඳි පිළිම දෙකක් ද හිටි පිළිමයක් ද සැතපෙන පිළිමයක් ද වේ.ත්‍රිවිධ ඉරියව්වෙන් ම යුක්ත වේ. මහා පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි:ව.1153-1186 අතර කාලයේ දී ඉඳි කරන ලද්දකි.මහා වංශයෙහි සඳහන් වන්නේ ගල්විහාරයේ ඇති හිඳි පිළිම දෙක සහ සැතපෙන පිළිමය ගැන පමණි. නමුත් එහි හිටි පිළිමයක් ගැන සඳහන් නොවේ.
මෙම පිළිමය උසස් කලාත්මක ලක්ෂණ වලින් යුක්ත ය. ගලින් ම වූ විසිතුරු ආසනයක් මත පිළිමය නෙලා ඇත. සිව්රෙහි සමාන්තර රේඛා දෙක බැගින් ඇත. නලළ පටු ය; දෙනෙත් කුඩා ය; දෙතොල් ද පැහැදිලි ය. පසුබිමේ අඩක් මතු කළ තොරණකි. එහි සිරස් කණු දෙක තිරස් කණු තුන සියුම් කැටයම් වලින් අලංකාර ය. ප්‍රතිමාවේ සිරස වටා ප්‍රභා මණ්ඩලයකි; එය දිගටි ය. පසුතලයේ විමාන 4කි. ධ්‍යාන මුද්‍රාව එහි වේ. වීරාසන ක්‍රමයෙන් වැඩ සිටී යි.
විද්‍යාධර ගුහාව පර්වතය අභ්‍යන්තරයට හාරා සාදා ඇත.මේ ගුහාව තුළ ඇති පිළිමය සමාධිමය ලක්ෂණ ප්‍රකට කරයි. චීවරය ඒකාංශ ය; කාරුණික පෙනුමකි. රැලි සමාන්තර වූ සිව්රකි. බුදු රුවට දෙපසින් චාමර ගත් දොරටුපාල රූප දෙකකි. අහසෙයි සිටින පරිදි පිළිබිඹු කළ දේව,බ්‍රහ්ම රූපයක් ද වෙති. පිටුපසින් තොරණකි. එය සාංචියේ තොරණ මෙනි.
දිග අඩි 46 කි. චීවරයේ රැලි රේඛා සහිත ය. හිසට තබන ලද ගල් කොට්ටය පහත් වී තිබෙන අයුරු මූර්ති ශිල්පියා ඉතා දක්ෂ අන්දමින් පිළිබිඹු කර තිබේ. මෙය පූණර් උන්නත් ය. වම් අත ශරීරයට උඩින් දිගට වේ. දකුණු අත නමා හිසට උඩින් දමා ඇත. වම් පාදය දකුණු පාදයට වඩා කෙටි ය. මේ නිසා මෙය පිරිනිවන් එකකැයි සැලකේ.
විද්‍යාධර ගුහාව අසල මෙම හිටි පිළිමය තිබේ. ශෛලමය පද්මාසනයක් මත වැඩ සිටින මෙය තිවංක පිළිමයකි. පාදයේ වම් දන, ඉඟටිය නම්‍යතාවය ඇත. උස අඩි 22 යි අඟල් 9 ක් පමණ ය. චීවරය සමාන්තර රේඛා ය. පූණර් උන්නත් පිළිමයකි. දෙඅත් පපුව මත වේ. මේ ඉරියව්ව පරදුක්ඛ දුක්ඛිත බව පරණ විතාන මහතාගේ අදහස යි. මීට පෙර ආනන්ද හිමියන්ගේ පිළිමයක්යැයි සලකන ලදි. කවාකාර හිස කෙස් ය. ලඹ සවන් ද වේ. මෙබඳු පිළිමයක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින් හමු විය. පිහිටි ගලේ අනවශ්‍ය කොටස් ඉවත් කර අඩි 23 ක් උසට නෙලන ලදි.
පොළොන්නරුවේ වටදාගෙයි සිව් දොරටුවට මුහුණලා සිටිනසේ තබා තිබෙන පිළිම හතර ද ක්‍රි:ව.12 වන සියවසට අයත්සේයැයි සැලකේ. මෙම පිළිම හතර ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයන්සේ සැලකිය හැකි ය. වැඩ හිඳින ඉරියව්වෙන් තැනූ මේ පිළිම උත්තරාරාමයේ පිළිම වලට වඩා කුඩා ය. කැටයම් කරන ලද ශෛලමය ආසන හතරක් මත ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳිනා මේ පිළිමවල සිවුරු පොරවා ඇත්තේ අනුරාධපුරයේ සමාධි පිළිමවලට සමානව ය. මුහුණේ උපශාන්ත ගුණය පිළිබිඹු වේ. මේ පිළිම චෝල සම්ප්‍රදායට අයත් ය.
පොළොන්නරු යුගයේ ශෛලමය ප්‍රතිමා හැරුණු විට ගඩොලින් සහ හුණු ගලෙන් කළ යෝධ පිළිම කිහිපයකි. මින් වේළුවනාරාමයේ දක්නට ලැබෙන තිවංක පිළිමය ලංකාවේ දක්නා ලැබෙන විශේෂ මූර්තියකි. මෙහි උස අඩි 18කි. දෙදන, ඉඟටිය,බෙල්ල යන ස්ථාන වලිනි නැමී ඇති බැවින් තිවංක යන නාමය ව්‍යවහාර වේ. නෙළුම් පෙති කැටයමකින් යුක්ත පද්මාසනයක් මත වැඩ සිටින අයුරු දැක්වේ. මෙය ද චෝල සම්ප්‍රදායට අයත් වේ.
පොළොන්නරු යුගයේ බුදු පිළිම අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම මෙන් විශිෂ්ට යැයි කිව නොහැකි ය. පොළොන්නරු අවධියේ මූර්ති ශිල්පීන් අනුරාධපුර සමයේ අග දී ආරම්භ කළ විශාල ප්‍රතිමා නෙලීමේ සම්ප්රදාය තවත් දියුණු කළ බව කිව හැකි ය. එහෙත් අනුරාධපුර යුගයේ ශිල්පීන් මෙන් බුදුන්ගේ අභ්‍යන්තර ගුණය ඉස්මතු කිරීමට සමත් වූ බවක් නොපෙනේ. පොළොන්නරුවේ හිටි පිළිමය පමණක් මේ අවධියේ නිර්මාණය කළ මූර්ති අතරෙන් අභ්‍යන්තර ගුණ ඉස්මතු කිරීමට සමත් වූ බව පෙනේ. මේ අවධියෙහි ඇති වූ තවත් විශේෂ ලක්ෂණයක් නම් කළු ගලින්ම පමණක් නොව, ගඩොල් සහ හුණු බුද්ධ ප්රතිමාබදාම උපයෝගි කරගෙන ප්‍රතිමා නෙලීම ආරම්භ කළ බවයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.