From Wikipedia, the free encyclopedia
පාස්කු ඉරුදින ප්‍රහාරය යනු ජපාන අධිරාජ්‍යය විසින්, ඔවුන්ගේ ඉන්දියානු සාගර ප්‍රහාරයේ කොටසක් ලෙසින්, 1942 අප්‍රේල් 5 පාස්කු ඉරුදින, ලංකාවෙහි (දැන් ශ්‍රී ලංකාව), කොළඹ වෙත එල්ල කල ගුවන් ප්‍රහාරයයි. දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයකට ලක් විය. මෙම ප්රහාරයන්ගේ අභිමතාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල ජාතීන්ගේ යුද්ධ ආයාසය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවුක බළ ඇණිය ආසියානු ජලතලය හැරයාමට බලකිරීමය.
1942 සිලෝන්හි ත්‍රස්තවාදී ප්‍රහාරය | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධය හි කොටසකි | |||||||
සිලෝන්හි නිරිතදිග මුහුදේ බරපතල ලෙසා විනාශයට ලක්ව ඇති බ්‍රිතාන්‍යය කෲස් යාත්‍රා වන Dorsetshire සහ Cornwall | |||||||
|
1796 සිට බ්‍රිතාන්‍යයන් විසින් දිවයිනෙහි මුහුදුබඩ පළාත් යටත් කරගෙන සිටියද, 1917 සිට යටත්විජිතය තුල විධිමත් බ්‍රිතාන්‍ය හමුදා ආරක්ෂක බලකායක් ස්ථාපනය තර නොතිබුණි. මේ වෙනුවට ලංකා ආරක්ෂක බලකාය සහ ලංකා නාවික ස්වෙච්ඡා විශේෂ බලකාය ප්‍රහුණු කොට පුළුල් කරන ලදි. යුද්ධයට බොහෝ කලකට පෙර සිට රාජකීය නාවුක හමුදාව විසින් ත්‍රිකුණාමලයෙහි නාවුක හමුදාමය ස්ථාපිතයන් පවත්වාගෙන ගිය අතර රාජකීය ගුවන් හමුදාව (RAF) විසින් ත්‍රිකුණාමලයේ චීන වරායෙහි ගගනයාත්රාංගණයක් ස්ථාපනය කරන ලදි.
සිංගප්පූරුව යටත්වීමට පසුව රාජකීය නාවුක හමුදාවේ නැගෙනහිර ඉන්දීය බල ස්ථානය පළමුව කොළඹ වෙතද අනතුරුව ත්‍රිකුණාමලය වෙතද රැගෙන එන ලදි. අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් ලංකාවේ ආඥාපති ලෙසින් පත්කරන ලද අතර, එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඩැල්බැයික් ගුවන් හමුදා අණදෙන නිලධාරි ලෙසින්ද අද්මිරාල් ශ්‍රීමත් ජේම්ස් සොමර්විල් බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවුක බළඇණියෙහි අණදෙන නිලධාරි ලෙසින්ද පත්කෙරිණි.
භූමිය රැකගැනුම සඳහා ස්ථාවර ආරක්ෂිතයන් ලෙසින් භාවිත වූයේ කොළඹ පිහිටුවා තිබූ වෙරළබඩ කාලතුවක්කු ඛණ්ඩයන් සතරක් හා ත්‍රිකුණාමලයෙහි පිහිටුවා තිබූ පහකි; මේවා ස්ථාපනය කෙරුනේ යුද්ධය ඇරඹුමට ඔන්න මෙන්න තිබියදීය. 1941 දී රාජකීය ගුවන් හමුදාව විසින් කොළඹ අසබඩ පිහිටි රත්මලානෙහි සිවිල් ගගනයාත්රාංගණය අධිවාසනය කෙරුමෙන් හා ඔවුන්ගේ මූලස්ථානය කඳවල පිහිටුවීමෙන් ගුවන් ආරක්ෂාවන් තර කෙරිණි. ගාල්ල අසබඩ පිහිටි කොග්ගල හි ගුවන් කඳවුරක් ලහි ලහියේ ස්ථාපනය කරන ලද අතර රට පුරා නා නා ස්ථානයන්හී තනන ලද තාවකාලික ගුවන් ධාවන පථයන් අතරින් අග්‍ර ස්ථානය ගත් විශලතමය වූයේ කොළඹ තුරඟ තරග පිටියෙහි වූවය. රාජකීය ගුවන් හමුදා භට ඛණ්ඩයන් කිහිපයක් ලංකාවට එවන ලදි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.