From Wikipedia, the free encyclopedia
1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්රජාතන්ත්රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
උතුමාණෝ BR OM AC CC OJ GCStJ QC GCH නෙල්සන් මැන්ඩෙලා | |
---|---|
දකුණු අප්‍රිකාවේ ජනාධිපති | |
තනතුර දරමින් 10 May 1994 – 14 June 1999 | |
Deputy | තාබෝ ම්බෙකි ෆෙඩ්රික් විලියම් ද ක්ලාර්ක් |
පූර්වප්‍රාප්තිකයා | ෆෙඩ්රික් විලියම් ද ක්ලාර්ක් As State President of South Africa |
අනුප්‍රාප්තිකයා | තාබෝ ම්බෙකි |
Secretary General of Non-Aligned Movement | |
තනතුර දරමින් 3 September 1998 – 14 June 1999 | |
පූර්වප්‍රාප්තිකයා | ඇන්ඩ්‍රීස් පස්ට්‍රානා ඇන්ග්‍රෝ |
අනුප්‍රාප්තිකයා | තාබෝ ම්බෙකි |
පුද්ගලික තොරතුරු | |
උපත | Rolihlahla Mandela 18 ජූලි 1918 Mvezo, Union of South Africa |
දේශපාලන පක්ෂය | අප්‍රිකානු ජාතික කොන්ග්රසය |
කලත්‍රයා | Evelyn Ntoko Mase (1944–1957) Winnie Madikizela (1957–1996) Graça Machel (1998–present) |
වාසස්ථාන(ය) | Houghton Estate, South Africa |
උගත් ශාස්ත්‍රාලය | University of Fort Hare University of London External System University of South Africa University of the Witwatersrand |
අත්සන | |
වෙබ් අඩවිය | Mandela Foundation |
දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝසේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.
1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධානවීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්රජාතන්ත්රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.
දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.
මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.
දිගු කලක් පැවති ශ්වසන ආසාදනයකින් ගැහැට විඳීමෙන් පසුව, 2013 දෙසැම්බර් 5 දිනදී වයස අවුරුදු 95 ක් ආයු වැළඳීමෙන් පසුව මැන්ඩෙලා මිය ගියේය. ඔහුගේ පවුලේ සාමාජීකයන් ඔහු වට කර සිටියදී, 20:50 දේශීය වේලාව (UTC+2) පමණ වත්ම, ජොහැන්නස්බර්ග්හී, හවුටන් හිදී, හේ මිය ගියේය. [1] ජනාධිපති ජේකබ් සූමා රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කළේය. [1][2]
2013 දෙසැම්බර් 6 දිනදී, ජනාධිපති සූමා විසින් දින දහයක ජාතික ශෝක කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ප්‍රධාන අවමංගල්‍යෝත්සවය ජොහැන්නස්බර්ග්හී එෆ්එන්බී ක්‍රීඩාංගනයේදී 2013 දෙසැම්බර් 10 දිනදී පැවැත්විණි. 2013 දෙසැම්බර් 8 දින, ජාතික යාච්ඤා සහ ආවර්ජනාවේ දිනයක් ලෙසින් හෙතෙම ප්‍රකාශයට පත් කළේය. ප්‍රිටෝරියාහී යූනියන් බිල්ඩිංස් තුල දෙසැම්බර් 11–13 දක්වා මැන්ඩෙලාගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව තැන්පත් කර තැබූ අතර 2013 දෙසැම්බර් 15 දිනදී රාජ්‍ය අවමංගල්‍යයක් කූනු, දකුණු අප්‍රිකාව හිදී පැවැත්විණි. .[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.