දොරමඩලාව රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොරමඩලාව ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ.

Quick Facts දොරමඩලාව රජ මහා විහාරය, විස්තර ...
දොරමඩලාව රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°25′29″N 80°29′38″E
පිහිටීමඅත්තනගල්ල
ද්වාරය:බුද්ධාගම
Close

ඉතිහාසය

දොරමඩලාව රජ මහා විහාරය, පණ්ඩුකාභය රජ සමයේ ඉදිකරන ලද විහාරයක් යැයි විශ්වාස කෙරේ.[1] උන්මාද චිත්‍රා විසින් සිය සහෝදරයන්ගෙන් තම පුතු ආරක්ෂා කරනු වස් දාසියක අත පණ්ඩුකාභය කුමරු දොරමඩලාව නම් ග්‍රාමයට පිටත් කොට හැරීමේ ඉතිහාස කතාව මෙම විශ්වාසයට හේතු සාධක වී තිබේ.

විහාරය

දොරමඩලාව විහාරයේ වූ ලෙන් විහාර ගෙය ශ්‍රී ලංකාවේ දිගම ලෙන් විහාරයක් සේ සැළකේ. ඊට අමතරව සෙල් ලිපි, ටැම් ලිපි හා ලෙන් ලිපි කිහිපයක් විහාර භූමියේ දැකගත හැකිය. එහි වූ කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් හතර හා පර්වත ලිපිය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස සංරක්ෂණය කොට තිබේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.