From Wikipedia, the free encyclopedia
දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.තවද පරපෝෂී හා අනොන්යාධාරක විශේෂද ඇත. ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.
Fungi | |
---|---|
![]() | |
Clockwise from top left: Amanita muscaria, a basidiomycete; Sarcoscypha coccinea, an ascomycete; bread covered in mold; a chytrid; a Penicillium conidiophore. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
(ශ්‍රේණිගත නොකළ): | Opisthokonta |
රාජධානිය: | Fungi (L., 1753) R.T. Moore, 1980[1] |
Subkingdoms/Phyla/Subphyla[2] | |
Dikarya (inc. Deuteromycota)
Subphyla Incertae sedis
|
Seamless Wikipedia browsing. On steroids.