මෙය දකුණු ඇමරිකාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවකි. සම්පූර්ණයෙන් පිළිගත් රාජ්‍යයන් සහ දකුණු ඇමරිකානු සහ දකුණු ඇමරිකානු නොවන රාජ්‍යයන්හී පරායත්ත භූමිප්‍රදේශ මෙයට ඇතුළත් වෙති. මෙම ලිපිය විසින් ස්වෛරී රාජ්‍යයන් 12 ක් සහ ස්වෛරී-නොවන භූමිප්‍රදේශ 4 ක් ලැයිස්තුගත කෙරෙයි.

Thumb

දකුණු ඇමරිකාව මායිම් වන්නේ බටහිර දිශාවෙන් ශාන්තිකර සාගරය වෙතින් සහ උතුරු සහ නැගෙනහිර දිශාවෙන් අත්ලාන්තික් සාගරය වෙතිනි. උතුරු ඇමරිකාව සහ කැරිබියානු මුහුද වයඹ දිශාවෙන් පිහිටයි. පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 3.5% පමණ හෝ දළ වශයෙන් වර්ග කිලෝමීටර 17,840,000 (සතරැස් සැතපුම් 6,890,000) වන භූමිප්‍රමාණයක් දකුණු ඇමරිකාව සතු වෙයි. ද වර්ල්ඩ් ෆැක්ට්බුක් විසින් දැක්වෙන ඇස්තමේන්තු පරිදී, 2018 වසර වන විට, එහි ජනගහණය මිලියන 430 කට වඩා වැඩි වෙයි. භූමිප්‍රමාණය අනුව සැලකූ විට සියළු මහාද්වීප අතරින් සතරවන අනුස්ථිතිය ( ආසියාව, අප්‍රිකාව, සහ උතුරු ඇමරිකාවට පසුපසින්) දකුණු ඇමරිකාවට හිමිවන අතර ජනගහණය අනුව පස්වන ස්ථානය (ආසියාව, අප්‍රිකාව, යුරෝපය, සහ උතුරු ඇමරිකාවට පසුපසින්) එයට හිමිවෙයි. [1]

උතුරු සහ දකුණු ඇමරිකාව අතර දේශසීමාව පිහිටා ඇත්තේ පැනමා දේශසන්ධියෙහි කිසියම් ස්ථානයක වෙයි.සිතියම් පොත් සහ අනෙකුත් මූලාශ්‍ර තුල වඩාත් සුලභ ලෙසින් මෙම ස්ථානය ලෙසින් දැක්වෙන්නේ කොලොම්බියා–පැනමා දේශසීමාව ඔස්සේ දේශසන්ධිය හා දකුණු ඇමරිකා මහාද්වීපය හමුවන ස්ථානය වන ( ඩරියෙන් කපොල්ල බලන්න) ඩරියෙන් කඳු ජලාධාර ප්‍රදේශය වෙයි. සියළුම සිතියම් පොත් පාහේ පැනමාව දක්වන්නේ සමස්ත වශයෙන් උතුරු ඇමරිකාව සහ/හෝ මධ්‍යම ඇමරිකාව තුල පිහිටන රාජ්‍යයක් ලෙසිනි.[2]

ස්වෛරී රාජ්‍යයන්

ජාතික අභිරුචිය පරිදී එම ජන සමූහය අරභයා තීරණයන්ට එළඹෙමින් කිසියම් ජන සමූහයක් මත සඑල පරමාධිපත්‍යයක් දරන දේශපාලනමය සංගමයක් ස්වෛරී රාජ්‍යයක් ලෙසින් හැඳින්වෙයි.[3] මොන්ටිවිඩේයෝ සම්මුතිය පරිදී, ස්ථීර ජනගහණයක්, පැහැදිලි භූමිප්‍රදේශයක්, රජයක්, සහ අනෙකුත් රාජ්‍ය්‍යන් හා සබැඳියන්ට එළඹීමෙහි හැකියාවක් යන දේ රාජ්‍යයක් සඳහා තිබිය යුතු වෙයි.[4] මෙහි පහත දැක්වෙන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සාමාජීකයන් වන අතර [5] දකුණු ඇමරිකානු රාජ්‍යයන්ගේ සංගමයෙහි වර්තමාන හෝ පැරණි හෝ සාමාජිකයන් වෙති. [6]

More information ධජය, සිතියම ...
ධජය සිතියම කෙටි සහ විධිමත් නම් සහ, අයිඑස්ඕ කේත[7][8][9] දේශීය කෙටි සහ විධිමත් නම්
[7][8]
අගනුවර
[9][10][11]
ජනගහණය
[12]
භූමිප්‍රමාණය
[13]
ආර්ජනිටිනාවෙහි ධජය
ආර්ජන්ටිනාව දැක්වෙන සිතියම
ආර්ජන්ටිනාව 

ආර්ජන්ටිනා ජනරජය

ARG 
ස්පාඤ්ඤ: ආර්කෙන්ටීනා— රෙපූලිකා ආර්කෙන්ටීනා බුවනොස් අයිරස්

ස්පාඤ්ඤ: සිවුදර් දෙ බුවනස් අයිරෙස්
44,361,150 2,780,400 km2 (1,073,518 sq mi)
බොලිවියාවෙහි ධජය
බොලිවියාව දැක්වෙන සිතියම
බොලිවියාව 

බොලිවියා බහුත්වජාතික රාජ්‍යය

BOL 
ස්පාඤ්ඤ: බොලීවියා— එස්ටාදෝ ප්ලුරිනැෂියොනල් ද බොලීවියා

ක්වෙච්වා: බුලීවියා

අයිමාරා: වුලීවියා
සුක්රෙ (නිල)
සහ ලා පස් (රජයෙහි අධිකාරි කේන්ද්‍රය)

ස්පාඤ්ඤ: සුක්රෙ[n 1]
11,353,142 1,098,581 km2 (424,164 sq mi)


Close

සටහන්

  1. සුක්රෙ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අගනුවර වන අතර, ලා පස් යනු රජයෙහි අධිකාරි කේන්ද්‍රය.


ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.