From Wikipedia, the free encyclopedia
වර්තමාන ඊජිප්තුවේදය අනුව ඩ්ජෙර් යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශයේ තෙවන පරාවෝවරයා යැයි සැලකේ. ඔහු ජීවත් වූයේ මැදි-ක්‍රි.පූ. තිස් එක්වන සියවසේ[1] වන අතර, වර්ෂ 40ක් පමණ රාජ්‍ය පාලනය කොට තිබේ. ඩ්ජෙර්ගේ හෝ ඔහුගේ බිසවට අයත් මමීකරණය කළ උඩු බාහුවක් ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් සොයාගෙන ඇත.[2] නමුත් එමිල් බෲෂ් විසින් එය ප්‍රතික්ෂේප කරයි.[3]
ඇබයිඩොස් රාජාවලියේ තෙවන පාරාවෝවරයා ඉටි ලෙස දක්වා ඇත. ටියුරින් රාජාවලියේ හානි වූ නාමයක් සඳහන් වන අතර එය ඉට්... ලෙස ඇරඹේ. එසේවුව ද මැනතෝ සඳහන් කරන්නේ වෙනෙෆස් නම් නාමයකි.
ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ඊජිප්තු පූජක මැනතෝ සඳහන් කොට ඇත්තේ ඩ්ජෙර් වර්ෂ 57ක් රාජ්‍ය පාලනය කළ බව ය. ටෝබි විල්කින්සන් විසින් Royal Annals of Ancient Egypt තුළ වර්තමාන පර්යේෂණ අනුව දක්වා ඇත්තේ ආසන්න වශයෙන් සමකාලීන වඩාත් නිරවද්‍ය පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්හට "සම්පූර්ණ වර්ෂ 41ක් සහ භාගික වර්ෂයක" රාජ්‍ය සමයයක් දක්වා ඇති බවයි.[4] විල්කින්සන් සඳහන් කරන්නේ පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්ගේ රාජ්‍ය සමයේ වර්ෂ 1-10 දක්වා කාලය පැලර්මෝ පාෂාණයේ IIවන පේළියේ සංරක්ෂණය වී ඇති බවයි. පාරාවෝවරයාගේ රාජ්‍ය සමයේ මධ්‍ය වර්ෂ කයිරෝ පාෂාණ කොටස C1හි IIවන පේළියේ ආරක්ෂා වී ඇත.[5]
ඩ්ජෙර්ගේ දිවිය සහ රාජ්‍ය සමය සඳහා සාක්ෂ්‍ය වන්නේ:[6]
ඇත්දත් සහ දැව මත වූ අභිලේඛන ආදිතම රූපාක්ෂර ස්වරූපයෙන් යුතු ය. එහි සම්පූර්ණ පරිවර්තනය අපහසු වුව ද, සකාරාවලින් හමුවූ නම් පතක් මගින් ඇතැම්විට පළමු රාජවංශයේ මිනිස් බිලි පූජා නිරූපණය වනවා වන්නට හැක.[11] ඇබයිඩොස්වලින් හමුවූ ඇත්දත් ඵලකයක සඳහන් වන්නේ ඩ්ජෙර් නයිල් ඩෙල්ටාවේ බුටෝ සහ සායිස් ප්‍රදේශ නැරඹූ බවයි. කයිරෝ පාෂාණයේ ඔහුගේ එක් රාජ්‍ය වර්ෂයක් "සෙට්ජෙට් දේශයට පහර දීමේ වර්ෂය" ලෙස දක්වා ඇත. මෙමගින් සිනායි දේශය හෝ ඉන් එහා ස්ථානයක් හැඟවේ යැයි අනුමාන කෙරේ.
මැනතෝ සඳහන් කරන්නේ ඇතැම්විට ඩ්ජෙර් යැයි විශ්වාස කෙරෙන ඇතොතෙස් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබඳ නිබන්ධනයක් රචනා කළ බවත්, සහස්ර දෙකකට පසු ඔහුගේ කාලයේ ද එම ග්‍රන්ථය පැවති බවත් ය.
ඩ්ජෙර් යනු පාරාවෝ හොර්-අහාට දාව ඔහුගේ භාර්යාව වූ ඛෙන්ට්හප්ට උපන් පුත්‍රයායි. ඔහුගේ මුත්තණුවන් බොහෝවිට නාමර් විය හැක. ඩ්ජෙර්ගේ දියණිය වූ මෙර්නෙයිත්, ඩ්ජෙට්ගේ භාර්යාව වූ අතර ඩෙන්ගේ මෑණියන් විය. පසුකාලීනව රැජිනියන් හා සම්බන්ධ හෙටෙස්-ස්කෙප්ට්රේගේ මහා තැනැත්තිය සහ හොරස් රැක බලාගන්නා තැනැත්තිය වැනි පදවි නාම දරන ස්ත්රීන්ගේ දේහ ඇබයිඩොස්හි ඩ්ජෙර්ගේ සොහොන්ගැබට යාබද අතිරේක සොහොන්වල හෝ සකාරාහි භූමදානය කොට ඇත. ඩ්ජෙර්ගේ භාර්යාවන් යැයි සැලකෙන මෙම කාන්තාවන් අතරට පහත අය ඇතුළත් වේ:
සිය පියාණන් වූ හොර්-අහාට සමාන අයුරින් ඩ්ජෙර්ව භූමදානය කෙරුණේ ඇබයිඩොස්හි උම් එල්-කා’අබ්හි ය. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ පෙට්‍රීගේ O සොහොන්ගැබයි. ඔහුගේ සෙහොන්ගැබෙහි ඔහු සමග භූමදානය කෙරුණේ සේවකයින් 318කගේ ශේෂයන් ඇතුළත් ය.[15] පසුකාලීනව, ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඔසිරිස්ගේ සොහොන්ගැබ යැයි සලකා ගෞරව කොට ඇත. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඇතුළු පළමු රාජවංශයේ භූමදාන සංකීර්ණයට ඊජිප්තු ආගමික සම්ප්රදායේ ඉතා වැදගත් ස්ථානයක් හිමි විය.
ඩ්ජෙර්ගේ සොහොන්ගැබ තුළින් සහ අවටින් භාණ්ඩ කිහිපයක් හමුවී ඇත:[16]
අතිරේක සොහොන්ගැබ්වල කැනීම්වලින් පහත දෑ සොයාගෙන තිබේ:[16]
මැනතෝ දක්වන්නේ පළමු රාජවංශය රාජ්‍ය පාලනය කළේ මෙම්ෆිස්හි සිට කියා ය. සැබැවින්ම ඩ්ජෙර්ගේ භාර්යාවක වූ හෙර්නෙයිත්ගේ දේහය යාබද සකාරාහි භූමදානය කොට ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.