From Wikipedia, the free encyclopedia
ටයිම්ස් නව් යනු ඉන්දියාවේ මුම්බායි නුවර පදනම් කර ගත්, ඉංග්‍රීසි භාෂාවෙන් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ විකාශනයන් ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය තුල සිදු කරයි. ඉන්දියාවේ පළමු මිලිටරි රියැලිටි වැඩසටහන වූ ‘Line of Duty’ වැඩසටහන විකාශය කරන ලද්දේද මෙම නාලිකාව විසිනි.[1] [2]
ටයිම්ස් නව් Times Now | |
---|---|
ගොනුව:Times Now 2010.png | |
දියත්කල දිනය | 2006 ජනවාරි 23 |
අයිතිකරුවෝ | The Times Group (Bennett, Coleman & Co. Ltd.) |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Always with the news". |
රට | ඉන්දියාව |
භෘෂාව | ඉංග්‍රිසි |
විකාශන සරිය | ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය |
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
සහෝදර නාලිකා(ව) | Zoom ඊටී නව් මූවීස් නව් |
වෙබ් අඩවිය | timesnow.tv/ |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Airtel digital TV (India) | Channel 300 |
Big TV (India) | Channel 453 |
Dish Network (USA) | Channel 652 |
Dish TV (India) | Channel 606 |
Tata Sky (India) | Channel 507 |
Videocon d2h (India) | Channel 353 |
අයිපීටීවී | |
mio TV (Singapore) | Channel 676(1st Nov) (HD) (coming soon on this channel to upgrade in HD on 20 Feb 2014 at 0000hrs) |
ද ටයිම්ස් සමුහය (The Times Group) සහ රොයිටර්ස්ගේ ඒකාබද්ධ දායකත්වයෙන්, සීමාසහිත ටයිම්ස් ග්ලෝබල් සමාගම (Times Global Broadcasing Company Limited) විසින් 2006 ජනවාරි 23 වන දින මෙම නාලිකාව අරඹන ලදී. 2008 වසරේදී රොයිටර්ස්, ටයිම්ස් ග්ලෝබල් හී තමන් සතුවූ සියයට 25.82 වූ කොටස් ප්‍රමාණය BCCL වෙත අළෙවි කොට හවුල් ව්‍යාපාරයෙන් ඉවත්ව යන ලදී.[3]
2011 ඔක්තෝම්බර් 19 දින නිව්ස් බ්‍රෝඩ්කාස්ට් ඇසෝසියේෂන් (News Broadcasters Association) විසින්, මෙම නාලිකාව වාරණයකට යටත් කිරීමට තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ, නාලිකාව විසින් 2011 මැයි 20 වන දින "Will Kanimozhi turn approver?" යන ශීර්ෂපාඨය යටතේ ඉදිරිපත් කල විවාදාත්මක වැඩසටහනේ, යම් යම් සදාචාරාත්මක කරුණු කීපයක් උල්ලංඝනය වී තිබුණු බවයි.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.