ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළිය From Wikipedia, the free encyclopedia
ජෙනිෆර් විංගට් (උපත 30 මැයි 1985) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි.[5][6] ඇය නොයෙකුත් ඉන්දියානු රූපවාහිනී වැඩසටහන් සඳහා දායක වී ඇත.[7][8][9] මේ අතුරින් සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාව ඇගේ දිවියේ වැදගත් කඩඉමක් ලෙස සැලකේ.
ජෙනිෆර් විංගට් සිය රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතර අකේලේ හම් අකේලේ තුම්, රාජා කි ආයේගි බරාට්, රාජා කෝ රාණි සේ ප්යාර් හෝ ගයා, කුච් නා කහෝ, ලව් කියා ඕර් ලග් ගයී, ලයිෆ් රීබූට් නහී හෝති සහ ෆිර් සේ... යන චිත්‍රපට ප්රමුඛස්ථානයක් ගනියි. මීට අමතරව විංගට් ෂක ලක බූම් බූම්, කුසුම්, කොයි දිල් මේන් හේ, කසෞතී සින්දගී කේ, ක්යා හෝගා නිම්මෝ කා, සංගම්, කහින් තෝ හෝගා, කාර්තිකා, දිල් මිල් ගයියේ, තේරි මේරි ලව් ස්ටෝරීස්, සරස්වතීචන්ද්‍ර සහ බෙයිහාධ් යන රූපවාහිනී කතාමාලා සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත. විංගට් රියැලිටි වැඩසටහන් සඳහා ද දායක වී ඇති අතර දේඛ් ඉන්ඩියා දේඛ්, ලාෆ්ටර් කේ ෆට්කේ, කොමඩි සර්කස් 3, සාරා නච්කේ දිඛා 2, පර්ෆෙක්ට් බ්‍රයිඩ්, සෝර් කා ජාට්කා: ටෝටල් වයිප්අවුට්, කොමඩි කා මහා මුඛබාලා සහ නච්ලේ වේ විත් සරෝජ් ඛාන් වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා ද දායක වී ඇත.
ඇය සිය රංගන දිවිය ඇරඹූයේ 15 වන වියේ දී රාජා කෝ රාණි සේ ප්යාර් හෝ ගයා චිත්‍රපටයේ ළමා නිළියක ලෙස ය.[10] අනතුරුව 14වන වියේ දී ඇය ළමා නිළියක ලෙස කුච් නා කහෝ නැමැති ඉන්දියානු චිත්‍රපටය සඳහා දායක වූවා ය.[11]
පසුව, වැඩිහිටි වියේ දී ඇය නොයෙකුත් වෙනස් ඉන්දියානු රූපවාහිනී වැඩසටහන් සඳහා සිය දායකත්වය සැපයූවා ය.[11][12][13]
ඇය සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාවේ කුමුද් සරස්වතීචන්ද්‍ර ව්‍යාස්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි විචාරක සම්මානය හිමි කරගැනීමට සමත් වූවා ය.[14] ඊස්ටර්න් අයි විසින් ඇයව 2012 වර්ෂයේ ලොව සරාගීම ආසියානු කාන්තාවන් අතර 21වන ස්ථානයට නම්කරන ලදී.[15] ජෙනිෆර් මේ වනවිට සෝන් එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නාළිකාවේ ප්‍රේමණීය ත්‍රාසජනක කතාමාලාවක් වන බෙයිහාධ් සඳහා සිය රංගන දායකත්වය සපමින් සිටින්නී ය.[16]
විංගට් යනු පන්ජාබි ජාතික මවකගේ සහ මහාරාෂ්ට්රියානු ක්‍රිස්තියානි පියකුගේ දියණියකි. ඇය උපත ලැබූයේ ඉන්දියාවේ මුම්බායිහි ගුර්ගාඔන් ප්‍රදේශයේ ය. ඇගේ අසාමාන්‍ය නාමය හේතුවෙන් බොහෝ අවස්ථාවල ඇය බටහිර ජාතිකයකු ලෙස වරදවා වටහාගනු ලැබෙයි.[10]
2012 අප්‍රේල් 9 දින විංගට් කරන් සිං ග්‍රෝවර් සමග විවාහ වූවා ය.[17][18] නමුත් 2014 නොවැම්බර් මස විංගට් ප්‍රකාශ කළේ තමන් සහ ග්‍රෝවර් දික්කසාද වූ බවයි.[4][19]
වර්ෂය | තේමාව | චරිතය | Ref(s) |
---|---|---|---|
2000-04 | ෂක ලක බූම් බූම් | පියා | [21] |
2001-05 | කුසුම් | සිම්රන් | [21] |
2003-05 | කොයි දිල් මේන් හේ | ප්‍රීති | [25] |
2003-08 | කසෞතී සින්දගී කේ | ස්නේහා බජාජ් | [26] |
2006-07 | ක්යා හෝගා නිම්මෝ කා | නටාෂා | [27] |
2006-09 | සංගම් | ගංගා සාගර් භාටියා | [28] |
2007 | කහින් තෝ හෝගා | ස්වෙට්ලානා | [21] |
2008-09 | කාර්තිකා | කාර්තිකා | [29] |
2009 | දේඛ් ඉන්ඩියා දේඛ් | නිවේදිකා | [30] |
2009 | ලාෆ්ටර් කේ ෆට්කේ | නිවේදිකා | [31] |
2009 | Comedy Circus 3 | තරගකාරිණිය | [32] |
2009 | සාරා නච් කේ දිඛා 2 | නිවේදිකා | [33] |
2009 | Perfect Bride | අවසන් තරගකාරිණිය | [34] |
2009-10 | දිල් මිල් ගයියේ | වෛද්‍ය රිද්ධිමා ගුප්තා | [35] |
2011 | සෝර් කා ජට්කා: ටෝටල් වයිප්අවුට් | තරගකාරිණිය | [36] |
2011 | කොමඩි කා මහා මුඛබාලා | නිවේදිකා | [37] |
2011 | නච්ලේ වේ විත් සරෝජ් ඛාන් | අවසන් නිවේදිකා | [38] |
2012 | තේරී මේරී ලව් ස්ටෝරීස් | නීති | [39] |
2012 | ස්ටාර් දිවාලි | නිවේදිකා | [40] |
2013–14 | සරස්වතීචන්ද්‍ර | කුමුද් සරස්වතීචන්ද්‍ර ව්‍යාස් | [41] |
2014 | ස්ටාර් හෝලි මස්ති ගුලාල් කි | නිවේදිකා | [42] |
2015 | දුසේහ්රා-ජීත් සච්චේ කි | නිවේදිකා | [43] |
2016–වර්තමානය | බෙයිහාධ් | මායා මෙහ්රෝත්රා | [44] |
2018 | බෙපන්නා | zසෝයා | [45] |
2019 - 2020 | බෙයිහඩ් 2 | මායා ජේසින් |
සී ස්වර්ණ සම්මාන
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන
ලයන්ස් ගෝල්ඩ් සම්මාන
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.