From Wikipedia, the free encyclopedia
ඝූර්ණ විශාලත්ව පරිමාණය (MMS; සුප්රකාශ ලෙසින් Mw හෝ Mw ලෙසින් දැක්වෙන සහ, සාමාන්‍ය වශයෙන් ව්‍යංග්‍ය ලෙසින් විශාලත්වය සඳහා තනි M භාවිතයෙන්[1]) එහි භූකම්පන ඝූර්ණය පදනම්ව භූමිකම්පාවක විශාලත්වය ("ප්‍රමාණය" හෝ ප්‍රබලතාවය) මැනීම සඳහා භාවිතා වෙයි. තෝමස් සී. හැන්ක්ස් සහ හිරෝ කනමුරි විසින් 1979 වසරෙහිදී ඉදිරිපත් කෙරුණු පර්යේෂණ පත්‍රිකාවක් මගින් එය අර්ථ කථනය කෙරිණි. 1935 වසරෙහිදී චාල්ස් ෆ්‍රැන්සිස් රික්ටර් විසින් අර්ථ කථනය කෙරුණු ස්ථානීය විශාලත්වය/රික්ටර් පරිමාණය (ML ) තුලදී මෙන්ම මෙහිදීද ලඝුගණක පරිමාණයක් භාවිතා කෙරෙයි; කුඩා භූමිකම්පා සඳහා පරිමාණ දෙක විසින්ම දළ වශයෙන් එකම විශාලත්වයක් ලබාදෙයි. මෙලෙස වෙනසක් පැවතුණද, ඝූර්ණ විශාලත්ව පරිමාණය පිළිබඳව සඳහන් කරන විටදී පුවත් මාධ්‍යයන් බොහෝවිට "රික්ටර් පරිමාණය" යන්න භාවිතා කරති.
ප්‍රමාණය අනුව භූමිකම්පා ක්රමන්යාසය කිරීම සඳහා අධිකාරී විශාලත්ව පරිමාණය ලෙසින් ඝූර්ණ විශාලත්වය (Mw ) සැලකෙයි.[2] අනෙකුත් පරිමාණ හා සමගින් සසඳන කල්හී, භූමිකම්පාවක ශක්තිය හා වඩාත් සෘජු ලෙසින් බැඳෙන්නේ මෙම පරිමාණය විසින් වන අතර, එය සංතෘප්ත නොවෙයි – එනම් සමහරක් තත්ත්වයන් යටතේ සමහරක් පරිමාණ මෙන් විශාලත්ව ඌන නිමානය නොකරයි.[3] එ.ජ. භූ විද්‍යා සමීක්ෂණය වැනි භූකම්පන විද්‍යාත්මක අධිකාරීන් භාවිතා කරන සම්මත පරිමාණය බවට එය පත්ව ඇති අතර [4] විශාල භූමිකම්පා (දර්ශීය වශයෙන් M > 4) වාර්තා කිරීම සඳහා, පෙරදී භාවිතා කෙරුණු ස්ථානීය විශාලත්වය (ML ) සහ පෘෂ්ඨීක තරංග විශාලත්වය (Ms ) පරිමාණ වෙනුවට එය ප්‍රතිස්ථාපනය කර ඇත. ඝූර්ණ විශාලත්ව පරිමාණයෙහි (Mww , වැනි.) උපවර්ග තුලින් නිරූපණය වන්නේ භූකම්පන ඝූර්ණය ඇස්තමේන්තු කිරීමෙහි විවිධ ක්‍රම වෙති.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.