පුරාතන ඉන්දියාවේ ජනපදය From Wikipedia, the free encyclopedia
කාශී රාජධානිය යනුවෙන් හැඳින්වෙන්නේ වාරාණසී අගනුවර කරගනිමින් පැවති පුරාතන ඉන්දියානු රාජධානියකි. වාරාණසී මායිම් වූයේ උතුරින් සහ දකුණින් වරුණ සහ අසී ගංගාවලිනි. මෙය ක්‍රි.පූ. 6වන සියවස ආරම්භයේ උතුරු ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකක් ද වේ. මෙම රාජධානියේ උතුරු සීමාව වූ සොන් ගඟ, මගධයේ බටහිර සීමාව විය. වර්තමානයෙහි එයට අයත් භූමිය භෝජ්පූර්, රෝහ්තාස්, කයිමූර් සහ බුක්සර් දිස්ත්‍රික්කවලට අයත් ය.
කාශී රාජධානිය | |||||||
---|---|---|---|---|---|---|---|
අගනුවර | වාරාණසී | ||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||
රජය | රාජාණ්ඩුව | ||||||
|
චානක්‍ය සමය වන විට, කාශිය වෛදික අධ්‍යාපනයෙහි මූලස්ථානයක් ලෙස පැවතිණි. එසේම එය සතුව ශක්තිමත් යුද්ධ හමුදාවක් පැවතිණි. වාරාණසිය බෞද්ධ බලපෑමට යටත් වුවද, ශහාබාදය තවදුරටත් ශෛවාගමික බලපෑම යටතේ පැවතියේ ය.
ජාතක කථාවල සඳහන් වන ආකාරයට වාරාණසී ඉන්දියාවේ පැවති ධනවත්ම නගර අතුරින් එකකි.[1] එම කථා පුවත් අනුව පෙනීයන්නේ කාශිය සහ යාබද කෝසලය අතර නිරතුරුව ගැටුම් පැවති බවයි. ඇතැම් අවස්ථාවල දී අංග සහ මගධය සමග ද ගැටුම් ඇතිකරගත්තේ ය.[1] කාශී රාජ්‍යයේ බෘහද්රථ රජු විසින් කෝසලය ආක්‍රමණය කළ ද, බුදුන් වහන්සේගේ සමයෙහි එය කෝසලයෙහි යටත් රාජ්‍යයක් ලෙස පැවතියේ ය්.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.