From Wikipedia, the free encyclopedia
ඔවාගිරිය පුරාවිද්‍යා භූමිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියක් වේ.
ඔවාගිරිය පුරාවිද්‍යා භූමිය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ද්වාරය:බුද්ධාගම |
අම්පාර-ඉඟිණියාගල මාර්ගයේ අම්පාර සිට කිලෝ මීටර 19ක් පමණ දුරින් පිහිටි පොල්වත්ත ප්‍රදේශයේ මෙම පුරාවිද්‍යා භූමිය පිහිටා තිබේ.[1]
ඔවාගිරිය පුරාවිද්‍යා භූමියෙහි ඉතිහාසය ක්‍රි.ව. 5වන සියවස හෝ ඊට පෙර අතීතය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. කාලයත් සමග නටබුන් තත්වයට පත්ව තුබූ මෙම ස්ථානය, පසුකාලීනව ගල් ඔය නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දී ගවේෂණය කොට අනාවරණය කරගන්නා ලදි.
ඔවාගිරිය නටබුන්වලින් බොහෝ ප්‍රමාණයක් ගල් ඔය නිම්න සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වූ අවධියේ භාවිත කල ට්‍රැක්ටර් ආදියෙන් විනාශ වී ගොස් තිබේ. මෙහි වූ නටඹුන් අතර අටපට්ටම් හැඩයෙන් යුතු අසාමාන්‍ය පාදමක් සහිත පැරණි දාගැබක්,[2] පිළිම ගෙයක් හා ඊට සම්බන්ධ ගල් කුළුණු හිස්, මුරගල්, කොරවක් ගල්, පැතලි උළු වැනි දෑ දැකගත හැකිය. මේ අතරින් අඩි 11.5 ක් පමණ උස් වූ ස්ථටික හුණු ගලින් නෙළන ලද කවන්ධ ඉුද්ධ ප්‍රතිමාව සුවිශේෂී වේ. දෙඅත් කැඩී තිබෙන මෙම ප්රතිමාවෙහි වූ චන්ද්‍රකාන්ති පාෂාණ හේතුවෙන් රාත්‍රී කාලයේ බැබලෙන බැව් සඳහන් වේ. 2008 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය මගින් මෙම ප්‍රථිමාවේ සංරක්ෂණය කටයුතු ආරම්භ කොට තිබේ. ඒ වන විට බිම පතිත වී උරහිස් කොටස් කැඩී තිබූ පිළිමය, දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් යලි ඔසවා ප්‍රතිසංස්කරණය කොට තිබේ.[3] අක්කර 7-8ක පමණ භූමි ප්‍රමාණයක් පුරා ඔවාගිරිය පුරාවස්තු දැකගැනීමට හැකිවේ.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.