From Wikipedia, the free encyclopedia
ඌව වෙල්ලස්ස නිදහස් අරගලය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි. මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරට ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.
මෙම ලිපිය එක් දෘෂ්ඨිකොණයකට නැඹුරු සමබර නොමැති ලිපියක් විය හැක. |
වෙල්ලස්ස නිදහස් අරගලය | |||||||
---|---|---|---|---|---|---|---|
සිංහලේ නිදහස් අරගලය හි කොටසකි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මහනුවර රාජධානියේ කැරලිකරුවන් | United Kingdom of Great Britain and Ireland | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
කැප්පෙට්ටිපොළ දිසාවේ විල්බාවේ | රොබට් බ්රවුන්රිග් බැරොනෙට් ශ්‍රීමත් ජෝන් ඩි ඔයිලි | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
අඥාත | අඥාත | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
අඥාත | අඥාත |
මෙම නිදහස් අරගලයෙහි ප්‍රධාන නායකයන් වූයේ විල්බාවේ (නොහොත් දොරේ සාමී) සහ කැප්පෙටිපොල දිසාවේය. මෙයින් විල්බාවේට නායක්කර් වංශික රාජ උරුමයක් තිබුණේය. කැප්පෙටිපොල අද පවා සිහිපත් කෙරෙන සිංහල නායකයෙකි. ඔහු මුලදී ඉංග්‍රීසීන් විසින් යවන ලද්දේ නිදහස් අරගලය මැඩ පැවැත්වීම සඳහාය. කැප්පෙටිපොල රෝගාතුරවීමට පෙර විරුවෝ මාතලේ සහ නුවර අල්ලා ගත්හ. පසුව කැප්පිටිපොල අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස් කබල අසාමාන්‍ය එකක් විය. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළල් වූයේය. එනිසාම පරීක්ෂණ පිණිස එය බ්‍රිතාන්‍යයට යවන ලදී. නිදහසෙන් පසු නැවත එය ශ්‍රී ලංකාවට ලැබුණු අතර දැනට එය මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
මෙම සටන නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. සටන මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ඌව වෙල්ලස්ස ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය. ඉතිහාසය පවසන පරිදි වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කරන ලදී.
Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් (Herbert White) පවසා සිටි ප්රකාශනයක් පහත දැක්වේ.
"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටියෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."
මූලාශ්‍ර
1. බණ්ඩාර තිලකසිරි වි.වා.මු. 1991, ඌව වංශ කතාව (2 ඛාණ්ඩය), බණ්ඩාරවෙල සීමාසහිත තිලක මුද්‍රණාලය (පෞද්ගලික) සමාගම
2.විමලානන්ද තෙන්නකෝන්, 1962, උඩරට මහ කැරැල්ල (2 ඛාණ්ඩය), සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.
3. එච්. එම්. අනුරාධ විජයවර්ධන බණ්ඩාර (දිවයින – 2010 ඔක්තෝබර් 13 දින ලිපිය.
සටනට සම්බන්දවීම නිසා අත්අඩංගුවටගෙන මුරුසියට පිටුවහල් කළ 28 දෙනකුට ක්‍රි.ව. 2013දී ශ්‍රී ලංකා ජනරජය මගින් ගෞරව සම්මාන පිරිනැමක් සිදුකරයි.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.