උඩවලව ජලාශය ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිට ඇති ජලාශයකි. 1963 වසරේ ඉදි වූ මෙම ජලාශය දැනට ශ්‍රි ලංකාවේ ඇති තුන්වන විශාලතම ජලාශය වේ. උඩවලව, ඇඹිලිපිටිය, හම්බන්තොට ප්‍රදේශ වලට මෙමගින් ජලය සැපයෙන අතර මෙම ප්‍රදේශයේ ජනාවාස ඇති වීම උඩවලව ජලාශය ඇතිවීමත් සමග සිදු වුනි. ප්‍රධාන වශයෙන් වී ගොවිතැන හා කෙසෙල් වගාවට ජලය සපයන මෙම ජලාශය සතුව විදුලි බලාගාර දෙකක් ඇති අතර එමගින් ජාතික විදුලිබල සැපයුමට දායක වෙති. උඩවලව ජලාශය ශ්‍රි ලංකාවේ ප්‍රදනතම ගංගාවක් වන වලවේ ගඟ හරස් කොට ඉදිකොට තිබෙන අතර උඩවලව ජාතික වන උද්‍යානය. ජාතික අලි අනාථාගාරය හා සංඛපාල රජමහා විහාරය මීට නුදුරින් පිහිට තිබේ.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.