සෙංකඩගල රාජධානිය හෙවත් මහනුවර රාජධානිය 16 වැනි සියවසේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බිහි වූ බලගතු රාජ්‍යයකි. සෙංකඩගල නගරයේ පිහිටා ඇති මෙම රාජධානිය පෘතුගාලයේ, නෙදර්ලන්තයේ සහ එංගලන්තයේ යටත් විජිත බලවතුන්ට එරෙහිව සියවස් දෙකකට වැඩි කාලයක් සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
සෙංකඩගල රාජධානිය (මහනුවර රාජධානිය) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1469–1815 | |||||||||
රාජකීය ධජය | |||||||||
අගනුවර | මහනුවර | ||||||||
පොදු භාෂා(ව) | සිංහල (උසාවි භාෂාව 1469-1815 සහ රාජවංශ භාෂාව 1469-1739) දෙමළ (උසාවිය සහ රාජවංශ භාෂාව 1739-1815) පාලි (ආගමික අරමුණු සඳහා) | ||||||||
ආගම | ථේරවාද බෞද්ධ, හින්දු | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• 1469–1511 | සේනාසම්මත වික්‍රමබාහු රජු (ප්‍රථම) | ||||||||
• 1798–1815 | ශ්‍රී වික්‍රම රාජසිංහ රජ (අවසාන) | ||||||||
Historical era | මහනුවර යුගය | ||||||||
• සෙංකඩගලපුර ආරම්භය | 1469 | ||||||||
• සීතාවක විසින් යටත් කර ගැනීම | 1581 | ||||||||
• පළමුවන විමලධර්මසූරිය රජුගේ පත්වීම | 1592 | ||||||||
• උඩරට සම්මුතිය | මාර්තු 2–18 1815 | ||||||||
|
මෙම කාලය තුළ මහනුවර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එහි ස්වාධීනත්වය පවත්වා ගැනීමටත්, දිවයින පුරා තම පාලනය ව්යාප්ත කිරීමට යුරෝපීයයන් දැරූ උත්සාහයන්ට එරෙහිවීමටත් එය සමත් විය. රාජධානියට මෙය කිරීමට හැකි වූයේ එහි ශක්තිමත් යුධ බලය සහ මධ්‍යම කඳුකරයේ උපායමාර්ගික පිහිටීම නිසා යුරෝපීයයන්ට ප්‍රවේශ වීමට සහ පහර දීමට අපහසු විය. උඩරට ස්වතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහ කළ ද, 1815 දී රාජධානිය බ්‍රිතාන්‍යයන් අතට පත් විය. මෙය මහනුවර රාජධානියේ අවසානය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ආරම්භය සනිටුහන් කළේය. විදේශීය ආක්‍රමණ හමුවේ ප්‍රතිරෝධයේ සහ ස්වාධීනත්වයේ සංකේතයක් ලෙස ඉතිහාස ගතවූ රාජධානිය වේ.
නාමයන්
වසර ගණනාවක් පුරා, මහනුවර රාජධානිය බොහෝ නම් වලින් හැඳින්වේ.[1][2][3][4][5] මේවාට ඇතුළත් වන්නේ:
- කන්ද උඩ පස්රට
- සෙංකඩගල රාජධානිය
- කන්ද උඩරට
- මහානුවර රාජධානිය
- ශ්‍රී වර්ධනපුර
- සිංහලේ
- තුන් සිංහලය
- කන්දේ නුවර
භූගෝලය සහ දේශගුණය
ඉතිහාසය
මෙම section සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
ආරම්භය
හයවන පරාක‍්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍ය පාලනය කළ අවධියේ මහනුවර ප‍්‍රදේශය කෝට්ටේ රාජ්‍යයට යටත් පාලන ඒකකයක් වශයෙන් පැවතුණි. එම රජතුමා යටතේ එක් කාලයක දී ජෝතිය නම් සිටුවරයෙක් උඩරට පාලන කටයුතුවල නිරත විය. මේ අතර ජෝතිය සිටුවරයා උඩරට, කෝට්ටේ රාජ්‍යයෙන් නිදහස් කර ගැනීම සඳහා හයවන පරාක‍්‍රමබාහු රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළ බව වාර්තා වේ. එම කැරැල්ල අසාර්ථක විය. හයවන පරාක‍්‍රමබාහු රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය ක‍්‍රමයෙන් දුර්වල විය.එම තත්වයෙන් ප‍්‍රයෝජන ගත් සේනාසම්මත වික‍්‍රමබාහු නම් ප‍්‍රභූවරයෙක් උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන, සෙංකඩගල නගරය මුල් කර ගනිමින් වෙන ම රාජධානියක් පිහිටුවිය. මේ අනුව උඩරට රාජධානියේ මුල් ම රජතුමා සේනාසම්මත වික‍්‍රමබාහු වේ. සේනාසම්මත වික‍්‍රමබාහු රජුගෙන් පසුව ඔහුගේ පුතෙකු ලෙස සැලකෙන ජයවීර බණ්ඩාර උඩරට රජු බවට පත් විය. ජයවීර රජතුමාගේ කාලයේ දී කෝට්ටේ රාජධානිය කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙන් කොටස් තුනකට බෙදුණි. මෙසේ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදීම නිසා උඩරට රාජධානියට තවදුරටත් ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලැබුණි.
නැගීම:1521-1594
1505 දී පෘතුගීසිහු කෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරොත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.
එවකට උඩරට පාලකයා වූ ජයවීර රජු සම`ගත් සබඳතා ඇති කර ගැනීමට පෘතුගීසීහු උත්සාහ කළහ. එහෙත් ඉන් සාර්ථක ප‍්‍රතිඵල නොලැබුණි. උඩරට පාලකයා වූ ජයවීර බණ්ඩාර රජුගෙන් පසු ඔහුගේ පුතෙකු වන කරලියද්දේ බණ්ඩාර උඩරට පාලකයා බවට පත් විය. කරලියද්දේ බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ගැන සීතාවක පාලකයෝ අසතුටින් පසු වූහ. මෙසේ සීතාවකින් තමන්ට එල්ල වූ තර්ජන නිසා කරලියද්දේ බණ්ඩාර රජු පෘතුගීසීන් සමඟ හිතවත් විය. තම පාලකයා විදේශ ජාතියක් සම`ග හිතවත්ව එම සංස්කෘතිය පිළිගනිමින් කටයුතු කිරීම ගැන උඩරට ප‍්‍රභූවරු කලකිරුණහ. මේ නිසා උඩරට ප‍්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර, සීතාවක පාලකයා වූ පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට ආධාර කළේ ය. රාජසිංහ රජු උඩරට ආක‍්‍රමණය කළ විට ඊට මුහුණදීමට නොහැකි වූ කරලියද්දේ බණ්ඩාර රජු තම දියණිය වූ කුසුමාසන දේවියත් බෑනා කෙනෙකු වූ යමසිංහ බණ්ඩාර ඇතු`ඵ රජ පවුලත් සමඟ මන්නාරමට පලා ගොස් පෘතුගීසීන්ගේ රැකවරණ පැතී ය. එහි දී කරලියද්දේ රජුගේ දියණිය වූ කුසුමාසන දේවිය, දෝන කතිරිනා නමින් ද බෑනා වූ යමසිංහ බණ්ඩාර දොන් පිලිප් නමින් ද පෘතුගීසීන් වෙතින් බෞතීස්ම ලැබූහ. ක‍්‍රි. ව. 1580 දී පමණ උඩරට රාජ්‍ය යටත් කර ගත් පළමුවන රාජසිංහ රජතුමා සීතාවක සිට උඩරට පාලනය කළේ ය. වැඩිකල් යාමට පෙර සීතාවක රාජසිංහ රජු හා ඉහත කී වීරසුන්දර බණ්ඩාර අතර මතභේදයක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සීතාවක රාජසිංහ රජතුමන් විසින් වීරසුන්දර බණ්ඩාරව මරවන ලදි. තම පියාගේ මරණයත් සම`ග වීරසුන්දර බණ්ඩාරගේ පුතා වූ කොනප්පු බණ්ඩාර ජීවිත ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙතට පලා ගියේ ය. දොන් ජුවන් නමින් පෘතුගීසීන් වෙතින් බෞතීස්ම ලැබූ එතුමා පෘතුගීසීන්ට හිතවත්ව කටයුතු කළේ ය.[6]
ලන්දේසීන් සමඟ ඒකාබද්ධ කිරීම සහ අන්තර්ක්‍රියා: 1594-1739
නායක්කර්වරු සහ බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීම: 1739-1803
ඈඳාගැනීම සහ කැරැල්ල: 1803-1817
පරිපාලනය
මෙම section සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
රජ
උඩරට පරිපාලන ක්‍රමයට අනුව රජු සියලු ක්ෂේත්‍රවල ප්‍රධානියා විය. ඔහු "ලංකේශ්වර ත්‍රිසිංහලාධීශ්වර" නමින්ද හැඳින්විණි. රජුට සියලු ඉඩම් හිමි බවත් එබැවින් "භූපති" ලෙස හඳුන්වනු ලැබූ බවත් පිළිගැනිණි. රජු "අදීශ්වර" නමින් හැඳින්වුව ද ප්‍රධාන ප්‍රධානීන් හා බෞද්ධ පූජකවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සිරිත විය. රජුට එකල ජනප්‍රිය චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමට සිදු විය, එසේ නොවුවහොත් ජනතාව ඔහුට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගනී. මේවාට අවනත නොවීම රජුගේ බලයට හානිදායක වනු ඇත, උදාහරණයක් ලෙස ඉංග්‍රීසින්ට යටත් වීමට සිදු වූ වික්‍රම රාජසිංහ, බෞද්ධ පූජකවරුන්ගේ සහ නායකයින්ගේ උපදෙස් නොසලකා හරිමින් පැරණි සම්ප්‍රදායන් අනුගමනය නොකළ නිසා. සිවිල් සහ අපරාධ නඩු වලදී රජුට අධිකරණ බලය ඇත.[1][8]
පළමුවන විමලධර්මසූරිය රජු සමඟ මහනුවර රජවරුන් මුළු දිවයිනේම පාලකයන් බවට පත් විය.
රාජ්ය කාර්යාල
රජු විසින් විශ්වාසවන්ත හා හැකියාව ඇති පුද්ගලයන් රාජ්‍යයේ ඉහළ නිලතල සඳහා පත් කරනු ඇත.
- මහ අදිකාරම්
රාජ්‍යයේ ඉහළම නිලතල වූයේ පල්ලෙගම්පහේ සහ උඩගම්පහේ නම් වූ අදිකාර්වරුන් දෙදෙනාගේ (අදිකාරම්වරුන් ලෙස හඳුන්වනු ලබන) ඔවුන්ගේ අධිකරණ බල ප්‍රදේශය තුළ සමාන බලතල සහ වරප්‍රසාද දරයි. උඩගම්පහේ අදිකාර්ට වඩා පල්ලේගම්පහේ අදිකාර්ට ප්‍රමුඛත්වය හිමි විය. අදිකාර්වරුන් අනෙකුත් ප්‍රධානීන්ගෙන් කැපී පෙනෙන්නේ මහා නිලමේ (මහා නිලධාරි) යන පදවි නාමයෙනි. රජුගේ කැමැත්ත මත තනතුර දැරූ නිසා, ඔහුගේ ජීවිත කාලය පුරාම, රජුගේ අප්රසාදයට ලක් නොවන්නේ නම්, නිලධරයාට කාල සීමාවක් නොතිබුණි. පොලිසිය සහ සිරගෙවල් තිබුණේ ඔවුන්ගේ පාලනය යටතේ. අනෙකුත් සියලුම ප්‍රධානීන්, ප්‍රධාන පූජකවරයා මෙන්ම ඉඩම් ප්‍රදානය කිරීම හෝ සේවා සඳහා ත්‍යාග පිරිනැමීම සම්බන්ධයෙන් අදිකාර්වරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලදී. එකම පවුලේ සාමාජිකයන් පත් කර ඇතත් එය පරම්පරාගත නොවීය.[තහවුරු කර නොමැත]
- දිසාව
දිසාවෙවරු පළාත් ආණ්ඩුකාරවරු වූහ. උඩරට රාජධානිය පළාත් විසි එකකින් සමන්විත වූ අතර ඉන් ප්‍රතිපත්ති දොළහක් දේසවෝනි ලෙස හඳුන්වනු ලබන අතර ඒ සෑම එකක්ම එහි ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ දිසාව නම් ප්‍රධානියා යටතට පත් විය.
මේවා:
- හතර කෝරලය (හතර කෝරළේ)
- හත් කෝරලය (හත්කෝරළේ)
- ඌව
- මාතලේ
- සබරගමුව
- තුන් කෝරලය (තුන් කෝරළේ)
- වලපනේ
- උඩපලාල
- නුවරකලාවිය
- වෙල්ලස්ස
- බින්තැන්නේ
- තමන්කඩුව
රජු විසින් පත් කරන ලද, දිසාව රජුගේ පුද්ගලික නියෝජිතයා ලෙස දෙසවෝනිවරුන් සම්බන්ධයෙන් සිවිල් සහ අපරාධ යන දෙඅංශයෙන්ම පරිපාලන හා අධිකරණ බලය තිබුණි. රජුගේ මළුවට හෝ ගෘහයට අනුයුක්තව සිටින අය හැර, ඔවුන්ගේ පළාත තුළ ඇති සියලුම පුද්ගලයින් සහ ඉඩම් සම්බන්ධයෙන් ඔවුන්ට අධිකරණ බලය තිබුණි. රජුගේ කැමැත්ත මත තනතුර දැරූ නිසා, ඔහුගේ ජීවිත කාලය පුරාම, රජුගේ අප්රසාදයට ලක් නොවන්නේ නම්, නිලධරයාට කාල සීමාවක් නොතිබුණි. එකම පවුලේ සාමාජිකයන් පත් කර ඇතත් එය පරම්පරාගත නොවීය.[තහවුරු කර නොමැත]
- මහාලේකම්
උඩරට රාජධානියේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විය. රජුගේ ලේකම් කාර්යංශය පාලනය කළේ මොහුයි. එය හරියට අද ජනාධිපති ලේකම් වගේ තනතුරක් බව පේනවා. ඔහු යටතේ ලේකම් මුහන්දිරම් කෙනෙක් සහ සුළු නිලධාරින් කිහිප දෙනෙක් කටයුතු කළා. මේ නිලධාරින් පණිවිඩ ගෙන යාම හා ආඥා ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. ලේකම් මිටිය හා පන්හිද සමඟ ලේකම් ඇසළ පෙරහරේ ගමන් කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල දැක්වෙනවා.
- රටේ මහත්මායා
රටේ මහත්මායා අගයන්න උඩනුවේරේ, හේවාහැටේ, යටිනුවේරේ, කොත්මලේ, තුන්පනාහේ, දුම්බර යන කුඩා දිස්ත්‍රික්කවල ආණ්ඩුකාරවරුන් වූයේ රටේ මහත්තයාය.
- දියවඩන නිලමේ
දියවඩන නිලමේ යනු බුදුන් වහන්සේගේ ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජ ගෙදර නිලධාරියෙකි. ශ්‍රී දළදා මාලිගාවේ සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම දියවඩන නිලමේවරයාට පැවරී ඇත. මහනුවර ඇසළ පෙරහැර වාර්ෂික සංදර්ශනය සංවිධානය කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරියකි.[තහවුරු කර නොමැත]
නීතිය සහ අපරාධ යුක්තිය
මහනුවර රාජධානිය පාලනය කරනු ලැබුවේ සියවස් ගණනාවක් පුරා පැවත එන සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් මගින් වන අතර එය රාජධානියේ පැවති සිවිල් සහ අපරාධ නීති පද්ධතියෙහි පදනම වේ. මෙම සම්ප්‍රදායික නීතියේ කොටස් ශ්‍රී ලංකාවේ වත්මන් නීති රාමුවට උඩරට නීතිය ලෙස සංග්‍රහ කර ඇත. මුල් සහ අභියාචනා නඩු දෙකෙහිම සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධයෙන් අවසාන අධිකරණ බලය රජු සතු විය. ප්‍රතිපත්ති ප්‍රධානීන් තම බල ප්‍රදේශය තුළ සිටින පුද්ගලයන් කෙරෙහි සිවිල් සහ අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කළහ.
- මහා නඩුවේ
මහානාඩුව (මහා අධිකරණය) රජු, අදිකාර්, දිසාවේ, මහාලේකම් යන අයගෙන් සමන්විත වන අතර, සිවිල් සහ විවිධ කාලවල සහ ස්ථානවල පැවති දේශයේ ඉහළම උසාවියක් වන්නේ මොහාන්දිරම්වරුන්ය.[8] නායක්වරුන් යටතේ පැවති මහනුවර අධිකරණ භාෂාව දෙමළ භාෂාව විය.[6][9]
හමුදා ප්‍රධානීන්
- පිළිමතලව්වේ විජේසුන්දර අතපත්තු සෙනෙවිරත්න බණ්ඩාරනායක මුදියන්සේ[10]
- කැප්පිටිපොල වික්‍රමසේකර ජයතිලක බණ්ඩාරනායක වාහල මුදියන්සේ
- ගලගම රාජකරුණා ජයසුන්දර විජේවික්‍රම බණ්ඩාරනායක වාහල මුදියන්සේ
- මුදෙයපොල අත්තනායක සෙනෙවිරත්න අබේසිංහ මුදියන්සේ
- මිරිහවත්තේ ශෙනෙවිරත්න අතපත්තු සමරකෝන් මුදියන්සේ
- දිඹුලානේ විජේකෝන් රණසිංහ මුදියන්සේ,
- උඩුවෙල හේරත් අබේසිංහ මුදියන්සේ
- දුල්ලෑවේ ජයතිලක මුණසිංහ මුදියන්සේ
- මඩවල විජේනායක රණසිංහ මුදියන්සේ
- අලුවිහාරේ සේනානායක දුනුසිංහ මුදියන්සේ
- අම්පිටියේ විජේරත්න අබේසිංහ මුදියන්සේ
- ගන්නෝරුවේ අත්තනායක වික්‍රමසිංහ මුදියන්සේ
- මැණික්දිවෙල ජයමහ රණසිංහ මුදියන්සේ
- මීගස්තැන්නේ අතපත්තු මුණසිංහ මුදියන්සේ
- මොරගොල්ලාගම වන්නිනායක දුනුසිංහ මුදියන්සේ
- මුල්ලේගම විජේසුන්දර අබේසිංහ මුදියන්සේ
- පුස්සැල්ලේ අත්තනායක වික්‍රමසිංහ මුදියන්සේ
- බෝවල වීරසේකර රණසිංහ මුදියන්සේ
- කටුපොත ඒකනායක අබේසිංහ මුදියන්සේ
- ගම්පොල ජයතිලක මුණසිංහ මුදියන්සේ
- බිබිලේ නවරත්න රණසිංහ මුදියන්සේ
- කටුගහ බණ්ඩාරනායක වික්‍රමසිංහ මුදියන්සේ
රාජකීය මාලිගාව
ආර්ථිකය
පරිපාලන කලාප
සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.
දිසාවන්
රාජධානියේ මුල් වසරවලදී එය ප්‍රදේශ හෝ දිසා වලින් සමන්විත විය.[1]
නම | වත්මන් නම | වත්මන් දිස්ත්‍රික්කය |
---|---|---|
මහානුවර | උඩ නුවර සහ උඩ පලාත | මහනුවර දිස්ත්‍රික්කය |
මාතලේ | මාතලේ | මාතලේ දිස්ත්‍රික්කය |
වලපනේ | වලපනේ සහ හේවාහැට | නුවරඑළිය දිස්ත්‍රික්කය |
හත්කෝරළේ | කුරුණෑගල | කුරුණෑගල |
හතර කෝරළේ | කෑගල්ල දිස්ත්‍රික්කය | |
තුන් කෝරලේ | ||
සබරගමුව | රත්නපුර දිස්ත්‍රික්කය | |
ඌව | මොනරාගල දිස්ත්‍රික්කය | |
වෙල්ලස්ස | ||
බින්තැන්න | අම්පාර දිස්ත්‍රික්කයේ කොටස් සහ | |
තමන්කඩුව | පොළොන්නරුව දිස්ත්‍රික්කය | |
නුවර කලාවිය | අනුරාධපුර දිස්ත්‍රික්කය | |
රට වසම
මහනුවර රාජධානියේ මහනුවර ප්‍රදේශයේ උප කොට්ඨාසවල පළාත් පාලනය රට වසම විය. රට වසම නවයක් විය.
- උඩුනුවර
- යටිනුවර
- හේවාහැට
- කොත්මලේ
- තුම්පනේ
- හාරිස්පත්තුව
- දුම්බර
- උඩ බුලත්ගම
- පාත බුලත්ගම
ජනගහන විද්‍යාව
භාෂාව
ආගම්
කලාව
චිත්‍ර
නර්තනය
ස්වර්ණාභරණ
සංස්කෘතිය
මෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "සෙංකඩගල රාජධානිය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 නොවැම්බර්) |
විවාහ ක‍්‍රම
උඩරට සමාජයේ කැපී පෙනෙන විවාහ ක‍්‍රම දෙකක් පැවතුණි.
- දීග විවාහය
දීග විවාහය යනු මනාලිය මනාලයාගේ නිවසට කැන්දාගෙන ගොස් එහි ජීවත් වීම.
- බින්න විවාහය
බින්න විවාහය යනු මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වී සිටීම. මීට අමතරව සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලකට එක නාලියක් කැඳවාගෙන ඒමේ සිරිතක් ද පැවතුණි. කෘෂිකාර්මික සමාජයක දේපල අයිතිය බෙදී යාම වලක්වා ගැනීමට මෙබඳු විවාහ ක‍්‍රම උපයෝගී වූ බව පෙනේ. ගම්පොල හා කෝට්ටේ රාජ සමයේ පැවති ගෘහ නිර්මාණ ශිල්ප ආශ‍්‍රයෙන් සැකසුණු වාස්තු විද්‍යාවක් මහනුවර රාජ සමයේ පැවතුණි.එහි පැවති ගොඩනැගිලි ඉදිකිරීම් අතර ආගමික ගොඩනැගිලිවලට විශේෂ තැනක් ලැබුණි. දළදා මාලිගය, ඇම්බැක්කේ දේවාලය, ලංකාතිලක විහාරය, හින්දු දේවාල ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මහනුවර රාජ සමයේ දී ටැම්පිට විහාර ඉදි කිරීමේ සම්ප‍්‍රදායක් පැවතුණි. පොළොවේ දැව කණු සිටුවා ඒ මත ගොඩනැගිලි ඉදි කළ විට වේයන් වැනි සතුන්ගෙන් දැව කණුවලට හානි පැමිණ ගොඩනැගිලි විනාශයට පත් විය. මේ තත්වය වලක්වා ගැනීමට පොළවට ගල් කණු සිටුවා එම ගල් කණුවලට ලී කණු පුරුද්දා හෝ බාල්ක යොදා ටැම්පිට විහාර ඉදි කෙරුණි. මහනුවර රාජ සමයට අයත් විහාර බිතු සිතුවම්, ලී කැටයම් හා ප‍්‍රතිමා ආදියෙන් එකල පැවති කලා කුසලතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය.
ගෘහ නිර්මාණ ශිල්පය
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
බාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.