ඊජිප්තු රැජින From Wikipedia, the free encyclopedia
ආර්සිනෝයි III ෆිලොපේටර් (පුරාතන ග්‍රීක: Ἀρσινόη ἡ Φιλοπάτωρ; අර්ථය "පියාට ආදරය කරන ආර්සිනෝයි", ක්‍රි.පූ. 246/245 – 204) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ විසූ රැජිනකි (ක්‍රි.පූ. 220 – 204). ඇය IIIවන ටොලමි සහ IIවන බෙරෙනිස්ගේ දියණිය වූවා ය.[1]
ආර්සිනෝයි III තියා ෆිලොපේටර් | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ රැජින | |||||
උපත | ක්‍රි.පූ. 246–245 පමණ | ||||
මරණය | ක්‍රි.පූ. 204 | ||||
වල්ලභයා | ටොලමි IV | ||||
දරුවන් | ටොලමි V එපිෆේනස් | ||||
| |||||
රාජවංශය | ටොලමයික | ||||
පියා | ටොලමි III | ||||
මව | බෙරෙනිස් II |
ක්‍රි.පූ. 220 ඔක්තෝබර් මස අග සිට නොවැම්බර් මුල දක්වා කාලය තුළ ඇයව ඇගේ සොයුරා වූ IVවන ටොලමි හට විවාහ කර දී තිබේ. ඇය රාජ්‍ය පාලනය සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර, අවම වශයෙන් බලවත් අමාත්‍ය සොසිබියස් පවා ඇයට ඉඩ දී තිබේ. ක්‍රි.පූ. 217 රැෆියා සටනේ දී මහා ඇන්ටියෝකස් සමග යුධ වැදීමට ඇය විසින් පාබල සහ අශ්වාරෝහක හමුදා මෙහෙයවා තිබේ. ඇය Vවන ටොලමිගේ මව වූවා ය. ක්‍රි.පූ. 204 ග්‍රීෂ්ම ඍතුවේ දී මාලිග ක්‍රමන්ත්‍රණයකින් ඇයව ඝාතනය කෙරුණේ ඇගේ සැමියාගේ මරණින් මඳ කලකට පසුවයි.[2] ඉරටොස්තීනිස් විසින් රචනා කරන ලද ආර්සිනෝයි නැමැති අත්පිටපත මෙම රැජින පිළිබඳ මතක සටහනක් ලෙස සැලකේ. පුරාතන විද්වතුන් රැසක් මේ පිළිබඳ සඳහන් කොට තිබුණ ද, වර්තමානයේ එය දක්නට නැත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.