From Wikipedia, the free encyclopedia
භරත නාට්‍යම් යනු දකුනු ඉන්දියානු ප්‍රාන්තයක් වන තම්ල්නාඩුවේ සම්භවය වූ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන ප්‍රභවයකි. මෙම ජනප්‍රිය දකුනු ඉන්දීය නර්තනය කෝවිල් නර්තනයක් වන අතර විසිවන සියවසේ පුනරාගමනය යි. භරත යනු ඉපැරණි නර්තන ක්‍රමවල සංකලනයකි. භරත යන වදන මගින් සුප්‍රකට නාට්‍ය ශාස්ත්‍ර කෘතිය රචනා කළ භරත මුනිවරයා හැඟවෙන බව බොහෝ දෙනා පිළිගනිති. ඇතැම් ජන වහරේ පවතින්නේ භරත යන්න භාව හෙවත් අභිනය හඟවන බවත් රත යන්න රාග යන්න හඳුන්වන බවත් භරත යන්න තාල යන්න හඳුන්වන බවත් ය.
මුල් කාලීන බොලිවුඞ් චිත්‍රපට නර්තන ඉන්දීය සම්භාව්‍ය නර්තන ශෛලීන් අනුරූප කරගත් අතර ඓතිහාසික උතුරු ඉන්දියානු නර්තන හෝ ජන නැටුම් මේ සඳහා පාදක වුණි. නූතන චිත්‍රපට මෙම නර්තන හා බටහිර නර්තන රටා (එම් ටී වී හෝ බ්‍රෝඞ්වේ මියුසික්) මිශ්‍ර කර සකසා තිබේ. එකම චිත්‍රපටයේ එකම දර්ශන පෙළක පවා සම්පූර්ණ සම්භාව්‍ය නර්තනය හා බටහිර පොප් නර්තනය එකට රඟනු දැකීම එතරම් පුදුම සහගත තත්වයක් නොවේ. වීරයා හෝ වීරවරිය බොහෝවිට සහාය නර්තන කණ්ඩායමක් සමග නර්තනයේ යෙදේ. ඉන්දියානු චිත්‍රපටවල ඇති බොහෝ නර්තන පෙළගැසුම් ගීතයේ පෙළ අතර දර්ශන තල හා ඇඳුම් පැළඳුම් යථාර්ථවාදී නොවන ලෙස වෙනස් කිරීමට ලක් කරයි. වීරයා හා වීරවරිය යුගල නර්තනයක් සඳහා සහභාගි වේ නම් එය බොහෝවිට සුන්දර ස්වභාවික පරිසරයක සිදු කරයි.
බොලිවුඞ් චිත්‍රපට සෑම විටකම පාහේ වර්තමානයේ ‘අයිටම් නම්බර්’ ලෙස හඳුන්වන ක්‍රමවේදය සිදුකර ඇත. මෙහිදී ශාරීරිකව ආකර්ශණීය ගැහැනු චරිතයක් (අයිටම් ගර්ල්) බොහෝ විට චිත්‍රපටයේ ප්‍රධාන තේමාවට කිසිසේත් ම අදාල නොවන ආකර්ශණීය නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලබයි. පැරණි චිත්‍රපට වල මෙම ‘අයිටම් නම්බර්’ බොහෝ විට රජමාලිගයේ රඟන නාටිංකාංගනාවක් ලෙස හෝ කැබරේ ප්‍රසංගයක කොටසක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය. හෙලන් යනු තම කැබරේ දර්ශන සඳහා ජනප්‍රිය වූ නිලියකි. වර්තමාන චිත්‍රපට වල බොහෝ විට ඩිස්කෝ ශාලාවක උත්සවයක නර්තනාංගයක් ලෙස හො වේදිකා ප්‍රසංගයක් ලෙසින් අයිටම් නම්බර් ඉදිරිපත් කෙරේ. බොලිවුඞ් නිශ්පාදකවරු වර්තමානයේ සංගීත වීඩියෝ ඉදිරිපත් කරන අතර ඒවා බොහෝ විට චිත්‍රපටයේ ගීතයක් දරයි. කෙසේ වුවද ඇතැම් ප්රචාරක වීඩියෝ චිත්‍රපටයේ නොමැති ගීත ඉදිරිපත් කළ අවස්ථා ඇත .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.