From Wikipedia, the free encyclopedia
අභිශේක් බච්චන් (1976 පෙබරවාරි 5,ඉන්දියාවේ මහරාශ්ට්ර උපත ලැබූ)ඉන්දියානු නළුවෙක් වන අතර ඉන්දියානු සිනමා නළු අමිතාබ් බච්චන් හා ජයා බච්චන් දෙපළගේ පුත්‍රයාය. ඔහුගේ භාර්යාව නිළියක් හා ලෝක රූ රැජිනිය වු "අයිශ්වර්යා රායි" වේ. ඔහු ප්‍රථමයෙන් දර්ශනය වුයේ "ජේ පී දත්ත ගේ" "රෙෆියුජි(2000)" චිත්‍රපටයෙනි.
උපත | 1976 පෙබරවාරි 5(වයස34) |
ඉන්දියාව,මහරාශ්ට්ර,මුම්බායි | |
රැකියාව | නළුවෙකි,නිෂ්පාදකයෙකි,රූපවහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. |
ක්‍රියාකාරි වර්ෂයන් | 2000-වර්තමානය |
භාර්යාව | අයිශ්වර්යා රායි (2007-වර්තමාන) |
"ඩූම්" හා "යූවා" යන චිත්‍රපටවල ඔහු විශිෂ්ට රඟපෑමක් දැක්වු අතර ඒවා වඩාත් ප්‍රසිද්ධ විය.
ඔහුගේ රගපෑම ප්‍රශංසනීය වු අතර,ඊළඟ වර්ෂ දෙක තුලදිත් ඔහුට සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි විය."ෆිල්ම් ෆෙයාර් උලෙළදී" ඔහු "හොඳම සහය නළුවාට" හිමි සම්මානය ඇතළු සම්මාන කිහිපයක් දිනාගත්තේය. එවකට පටන් ඔහු වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපටවල රගපාමින් ,ඉන්දීය සිනමවේ ප්රමුඛ නළුවෙකු ලෙස තම ස්ථාවරය ස්ථාපත කරගනිමිනි.
පෙර ජීවිතය
අභිශේක් බච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් බච්චන් හා ඉන්දියනු නිලි ජයා බච්චන්ගේ පුතු වේ.ඔහුගේ වැඩිමහල් සොයුරිය "ශ්වේත බච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගේ සීයා වන "හරිවන්ශ් රායි බච්චන්" ඉන්දීය සාහිත්‍යයේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"බච්ච්න්" යන නාමය ඔහුගේ සීයා විසින් කවි ලිවීමට යොදා ගන්නා ලදී. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසව තම නමට යොදා ගන්නා ලදි. ඔහු "ජම්නාබායි නසීර් පාසල",මුම්බායේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්" නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය” යනාදි පාසල්වලට ඉගනීමට ගොස් ඇත. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගියේය. ඒ අතර තම පිය සමාගම වන “ABCL” අනතුරකට මුහණ පෑම නිසා ඔහු නළු ජීවිතය ආරම්භ කිරීම සඳහා පැමිණ ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.