අන්තර්ජාල ඔස්සේ හඬ, අන්තර්ජාලය ප්‍රොටෝකෝල කටහඬ (Voice over IP, VoIP) යනු අන්තර්ජාලය හෝ වෙනත් පැකට්ටු හුවමාරු ජාල හරහා කටහඬ සම්ප්‍රේෂණය හැඳින්වීමට ද වියුක්ත ලෙස බහුලව යෙදේ. (එය සිදු කරන ප්‍රොටෝකෝලය හැර) මෙය පසුව කියන ලද සංකල්පය IP දුරකතන ක්‍රමය, අන්තර්ජාල දුරකතන ක්‍රමය, පුළුල් කලාපය (broadband) හරහා කටහඬ , පුළුල් කලාප දුරකතන ක්‍රමය හා පුළුල් කාලප දුරකතන ලෙස ද හඳුන්වනු ලැබේ. අවසාන දෙක තාර්කික ලෙස නිරවද්‍ය නොවේ, මන්ද යත් අර්ථ දැක්වීමෙන් දුරකතන ආකාරයේ හඬ සන්නිවේදක පටු කලාපීය (narrowband) වේ. VoIP සැපයුම්කරුවන් සමහරක් විට ARPANET සැපයුම්කරුවන් සඳහා නිර්මිත පර්යේෂණාත්මක ජාල හඬ ප්‍රොටෝකෝලය (1973) හි වාණිජමය සාක්ෂාත්කරනයක් ලෙස ගෙන හැර දැක්විය හැක. හඬ හා දත්ත ගෙනයාමට තනි ජාලයක් ඇති කිරීමෙන් යම් වියදම් ඉතිරියක් සිදුවේ. විශේෂයෙන් පරිශීලකයන් VoIP අමතර වියදමකින් තොරව රැගෙන යා හැකි ජාල ධාරිතා නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කර විට, VoIP සිට VoIP ට ඇමතුම් සමහරක් විට ගාස්තුවලින් නිදහස් අතර පොදු හුවමාරු දුරකතන ජාල (PSTN) වලට සම්බන්ධ VoIP ඇමතුම් (VoIP-to-PSTN) සඳහා VoIP පරිශීලකයන් විසින් ගෙන යන ගාස්තුවක් තිබිය හැක. අන්තර්ජාල ප්‍රොටෝ‍කෝල් හරහා හැම පද්ධති දුරකතන සංඥා ගෙන යනු ලබන්නේ සංඛ්‍යාංක ශ්‍රවණ ලෙසය. ඒවා කතා දත්ත සම්පීඩක උපක්‍රම යොදා ගනිමින් දත්ත සීඝ්‍රතාව අඩු කර ඇති අතර අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා දත්ත පැකට්ටු ප්‍රවාහයක සංක්ෂිප්ත කර ඇත. PSTN- සිට -VoIP ට සේවා වර්ග දෙකක් ඇත. සෘජු ඇතුළත වූ ඇමතීම (DID) හා ප්‍රවේශ අංක DID ඇමතුම් ලබා දෙන්නා කෙලින්ම VoIP පරිශීලකයාට සම්බන්ධ කරන අතර ප්‍රවේශ අංකවල දී ඇමතුම ලබා දෙන්නා අමතර VoIP පරිශීලකයා සඳහා දිගු අංකයක් ලබා දීම අවශ්‍ය වේ.

Thumb
VoIP ක්‍රියා කරන ආකාරයේ පෙන්වීමේ සැකැස්මක්
Thumb
සාමාන්‍ය දුරකතනයන් VoIP ජාලයකට සම්බන්ධ කරන ප්‍රතිසම දුරකතන ඇඩැප්ටරය.


References

http://en.wikipedia.org/wiki/Voice_over_IP

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.