![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/OpenOffice.org_Writer.png/640px-OpenOffice.org_Writer.png&w=640&q=50)
OpenOffice.org Writer
From Wikipedia, the free encyclopedia
Writer යනු OpenOffice.org හි වදන් සැකසුම් පැකේජය යි. Microsoft Office හි Microsoft Word හා Perfect Office හි Word Perfect යන වදන් සැකසුම් මෘදුකාංගවල ඇති ලක්ෂණ හා පහසුකම් ගණනාවක් මෙම මෘදුකාංගයේ ද දක්නට ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/OpenOffice.org_Writer.png/640px-OpenOffice.org_Writer.png)
සමස්ත OpenOffice.org කට්ටලය මෙන්ම මෙම Writer මෘදුකාංගය ද Mac OS, Microsoft Windows, Linux, FreeBSD, Irix හා Solaris යනාදී මෙහෙයුම් පද්ධති ගණනාවක් මත වැඩ කළ හැකිය. එසේම මෙය නිදහස් මෘදුකාංග ගණයට අයත් වන නිසා නොමිලේම තම පරිගණයකයේ ස්ථාපනය කරගත හැකි අතර GNU Lesser General Public Licence යටතේ මෙය නිකුත් කර ඇත.