එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය හෝ එ.ජ. කොංග්‍රස් මණ්ඩලය යනු, එක්සත් ජනපදයෙහි ෆෙඩරල් රජයෙහි ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය වන අතර මණ්ඩල දෙකක් වෙතින් සමන්විත වෙයි: නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව. කොංග්‍රස් මණ්ඩලය රැස්වන්නේ වොෂිංටන්, ඩී.සී. හී පිහිටි එක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ශාලා ගොඩනැගිල්ල තුලය. ආණ්ඩුකාරවරයා විසින් සිදුකෙරෙන පත්වීමක් තුලින් සෙනෙට් සභාවෙහි පුරප්පාඩු පිරවිය හැකි වුවද, සෙනෙට් සභිකයන් සහ නියෝජිත මන්ත්‍රීවරු යන දෙවගයම තෝරාගනු ලබන්නේ සෘජු මැතිවරණ වෙතිනි. සෙනෙට් සභිකයන් 100 දෙනෙකු සහ නියෝජිත මන්ත්‍රීවරුන් 435 දෙනෙකු ලෙසින්, ඡන්දය-භාවිතා කරන මන්ත්‍රීවරු 535 දෙනෙක් වෙතින් කොංග්‍රස් මණ්ඩලය සමන්විත වන අතර, මෙම දෙවන වර්ගයෙහි ප්‍රමාණය නිර්ණය වන්නේ 1929 වසරෙහි ප්‍රතිවිභාජන පනත අනුවය. මෙයට අමතර වශයෙන්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඡන්දය-නොදෙන මන්ත්‍රීවරු හයදෙනෙකු අඩංගු වන අතර, මේ අනුව එජ කොංග්‍රස් මණ්ඩලයෙහි සම්පූර්ණ සාමාජිකත්වය 541 දෙනෙකු වන නමුදු [1] පුරප්පාඩු පවතින විටෙක මෙම ප්‍රමාණය අඩු මට්ටමක පැවතිය හැකිය.

සටහන්

    උපහරණ

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.