අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.

Quick Facts එක්සත් අරාබි එමීර් රාජ්‍යය دولة الامارات العربية المتحدة, අගනුවර ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

دولة الامارات العربية المتحدة
Thumb
කොඩිය
ජාතික ගීය: ඉෂී බිලාඩි
Thumb
අගනුවරඅබුඩාබි
විශාලතම නගරයඩුබායි
නිල භාෂා(ව)අරාබි
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්උර්දු, හින්දි, සහ පර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
එමීරේටි, අරාබි, ඉන්දියානු, පාකිස්ථානු, බෙංගාලි, චීන, පිලිපීනියානු සහ තායි
ජාති නාම(ය)එමීරේටි
රජයෆෙඩරල් රාජ්‍යය
කලීෆා බින් සායිඩ් අල් නයාන්
 අග්‍රාමාත්‍ය
මොහොමඩ් රෂිඩ් අල් මක්‌ටූම්
ව්‍යවහාර මුදලඩිරාම්
රිය ධාවන මං තීරුවදකුණෙන්
Close

එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.