සුඩානය, ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝක‍යේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. එහි මායිම් උතුරින් ඊජිප්තුව, ඊසානින් රතු මුහුද, නැගෙනහිරින් එරිත්‍රියා සහ ඉතියෝපියාව, ගිණිකොණින් කෙන්යාව, උගන්ඩාව, නිරත දෙසින් කොන්ගෝ රාජ්‍ය, මධ්‍යම අප්‍රිකාව, බටහිරින් චැට්, වයඹ දෙසින් ලිබියාවද වේ. ලොව දිගම ගඟ වන නයිල්, මෙම රට නැගෙනහිරින් හා බටහිරින් දෙකඩ කරයි. මෙය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජනාවාසයක් පවතින රටකි. එය අවුරුදු 3000 දක්වා ඈතටදිවයයි.වර්ෂ 1956 දී ඊජිප්තුවෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙරට අවුරුදු 17 ක සිවිල් යුද්ධයක් පැවතිණි.උතුරු හා දකුණු සුඩානය අතර පැවති ජනවාර්ගික, ආගමික හා ආර්ථික අරගලයන් 1983 සිවිල් යුද්ධයට හේතු විය. පෙට්‍රොලියම් සහ ශුද්ධ නොකළ ඛනිජ තෙල් මෙහි ආර්ථිකය වර්ධනය ට දායක වෙයි. චීනය හා ජපානය මෙහි වෙළඳ ගණුදෙනුකරුවන්ය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය. මෙහි ජනගහනයෙන් 17% ක් ඇ.‍ඩො. 1.25 ට වඩා අඩු ආදායමකින් ජීවත් වෙති. මෙම රට එක්සත් ජාතීන්ගේ AU,LUS,OIC,NAM හා WTO යන සංවිධානවල සාමාජිකත්වය දරයි.සුඩානයේ මිලියන 42 ජනතාවත් ජිවත් වන අතර ඔබිඩුමන් හා සුන්නී ඉස්ලාම් නිල ආගම් වේ.

tiny globe
                කොඩිය
අගනුවර' කාටොවුම් - 150 37.983 N 320 31.9831E
විශාලතම නගරය ඔම්දූර්මන්
රාජ්‍ය භාෂාව අරාබි සහ ඉංග්‍රීසි
රාජ්‍යය ඒකාබද්ධ ජනාධිපති ප්‍රජාතන්ත්‍ර සමූහාණ්ඩුව
ජනාධිපති සමාර් අල්-බෂිර්
උප ජනාධිපති සල්වා කීර් මයර්ඩිට්
උප ජනාධිපති අලි ඔස්මාන් ටානා
ව්‍යවස්ථා උපදේශ මින්නි මින්නාව්
නීති සම්පාදක ද මැජ්ලිස්
බලය පවත්නා පක්ෂය රාජ්‍ය කවුන්සිලය
විපක්ෂය ජාතික සභාව
ස්ථාපිත කිරීම හියුබියා රාජධානිය - 2000 BC
ඊජිප්තුව සමඟ එක්සත් කිරීම 1821
නිදහස ඊජිප්තුව සහ එක්සත් රාජධානිය සිට - 01 ජනවාරි 1956
වර්තමාන ව්‍යවස්ථාව 9 ජනවාරි 2005
වර්‍ග ප්‍රමාණය එකතුව - 2,505,813/km2
967,495 /sqmi
ජලය (%) 6%
ජන ගහනය 2009 තක්සේරුව - 42,272,000
ඝනත්වය 16.9 km2
43.7 /sq mi
GDP (PPP) 2009 තක්සේරුව
එකතුව $ 92,037 බිලියන
ඒක පුද්ගල අදායම $ 2,309
GDP (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව $ 58,029 බිලියන
ඒක පුද්ගල ආදායම $ 1,522
HDI (2007) 0.531 (මධ්‍යම)
මුදල් සූඩාන පවුම්
කාල මණ්ඩලය නැගෙනහිර අප්‍රිකානු වේලාව(UTC+3)
ග්‍රීෂ්ම සෘතුව(DST) නිරීක්ෂණ නැත(UTC+3)

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.