සපන් දුරකතනය
From Wikipedia, the free encyclopedia
Smart-phone යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි. සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone වලට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power) සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි. Smart-phone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි. Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.