![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/United_Nations_%2528Member_States_and_Territories%2529.svg/langsi-640px-United_Nations_%2528Member_States_and_Territories%2529.svg.png&w=640&q=50)
එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික ස්වාධීන රාජ්‍යයන් / From Wikipedia, the free encyclopedia
එක්සත් ජාතීන්ගේ (එජ) සාමාජීක රාජ්‍යයන් 192 ක් ඇති අතර, එයින් එක් එක් රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි සාමාජීකත්වය දරති.[2]
![A political map of the world with all territories shaded blue to denote United Nations membership, except Antarctica, the Palestinian territories, the Vatican, and Western Sahara, which are grey](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/United_Nations_%28Member_States_and_Territories%29.svg/640px-United_Nations_%28Member_States_and_Territories%29.svg.png)
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි, දෙවන පරිච්ඡේදයෙහි, 4 වගන්තිය අනුව:[3]
- වර්තමාන ප්‍රඥප්තියෙහි සඳහන් බැඳීම් පිළිගන්නා සහ එම බැඳීම් නිසියාකාරව දැරීමට හා ගරුකිරීමට හැකියාව ඇතිබවට සංවිධානයෙහි විචාරයානුකූල නිශ්චයට ලක් වන්නාවූ, සාම-ගරුක වෙනත් ඕනෑම රාජ්‍යයකට එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වය විවෘත වෙයි.
- ආරක්ෂක මණ්ඩලයෙහි නිර්දේශය මත මහා මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් විසින් එවන් රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වයට එක් කරගනු ගැබේ.
ප්‍රතිපත්තියානුකූලව, ස්වෛරී රාජ්‍යයන් පමණක් එජ සාමාජීකත්වය ලබන අතර, වර්තමානයේදී සියළු එජ සාමාජීකයන් ස්වෛරී රාජ්‍යයන් වෙත් (ඔවුන් එජ ට බැෙඳන විට සාමාජීකයන් ස්වල්ප දෙනෙක් ස්වෛරී නොවූහ). සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනුම සහිත ස්වෛරී රාජ්‍යයන් අතුරින් එජ සාමාජීකයෙකු නොවන එකම රාජ්‍යය වතිකානු පුරය වෙයි (වතිකානු පුර රාජ්‍යය මත ස්වෛරීත්වය පතුරවන සහ අනෙකුත් රාජ්‍යයන් හා සමග තානාපති සබඳතා පවත්වන ශුද්ධාසනය, එජ ස්ථීර නිරික්ෂකයෙකි). රාජ්‍යයක් එජ වෙත ඇතුළු කර ගත හැක්කේ ආරක්ෂක මණ්ඩලය හා මහා මණ්ඩලයෙහි අනුමැතිය සහිතව පමණක් බැවින්, මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි උපමානයන් ප්‍රකාර ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකිය හැකි රාජ්‍යයන් කිහිපයක් සාමාජීකයන් නොවන්නේ, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර පිළිගැනුම රහිත වීම නිසාවෙන් හෝ සමහරක් සාමාජීකයන්ගේ විරෝධය නිසාවෙන් හෝ ඒවා සතුව ස්වෛරීත්වය, නොමැති බව එජ සලකන නිසාවෙනි.
සාමාජීක රාජ්‍යයන්ට අමතරව, සාමාජීකයන් නොවන රාජ්‍යයන්, අන්තර්රාජ්‍ය සංවිධාන, හා රාජ්‍යත්වය හෝ ස්වෛරීත්වය හෝ නිවැරැදිව අර්ථනිරූපණය කොට නොමැති ජාත්‍යන්තර සංවිධාන සහ ස්ථිතීන් වෙත එජ ආරාධනා කරන්නේ, මහා මණ්ඩලයෙහි නිරීක්ෂකයන් බවට පත්වීමෙන්, මහා මණ්ඩල රැස්වීම් වලදී ඡන්දය භාවිතා කිරීමට අවසරය නොලැබුනද එයට සහභාගී වීමට කථා පැවැත්වීමට අවසරය ලැබීමටය.