දදේනි (නාමික) අනුව රටවල් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
ක්‍රය ශක්ති සාම්‍යය දදේනි අනුව රටවල් සඳහා, දදේනි (ක්‍රශසා) අනුව රටවල් ලැයිස්තුව බලන්න
මෙම ලිපියෙහි අඩංගු වන්නේ වෙළෙඳපොළ විනිමය අනුපාතිකය අනුව ඩොලර් වලට පෙරළුනු එම රටවල නාමික දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) අනුව තෝරන ලද ලෝකයේ රටවල් ලැයිස්තුවකි. නාමික දදේනි විසින් විවිධ රටවල ජීවන වියදමෙහි විචලනය සැලකිල්ලට ගනු නොලබන අතර රටෙහි ව්‍යවහාර මුදලෙහි විනිමය අනුපාතිකයන්ගේ විචලනය හා පදනම්ව වසරෙන් වසර එහි ප්‍රතිඵල අතිශයින් වෙනස් විය හැක. [1][2]මෙවැනි විචලනයන් විසින් රටක අනුස්ථිතිය වසරකින් වසරකට වෙනස් කල හැකි වුවද, එම වෙනස්වීම් විසින් බොහෝවිට එම රටෙහි ජනගහනයෙහි ජීවන මට්ටමෙහි ඉතා සුළු වෙනස්කමක් සිදු කරන හෝ කිසිදු වෙනස්කමක් සිදු නොකරන හෝ වෙයි.[3]