ජිමී වේල්ස්
From Wikipedia, the free encyclopedia
ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි.
විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.
ජිමී වේල්ස් | |
---|---|
උපත | ජිමී ඩොන්ල් වේල්ස් අගෝස්තු 7, 1966 (1966-08-07) (වයස 57) හන්ට්ස්විල, ඇලබාමා, එජ |
නිවහන | ලන්ඩනය, එංගලන්තය, එරා[1] |
වෙනත් නම් | ජිම්බෝ |
උගත් ශාස්ත්‍රාලය | ඕබන් විශ්වවිද්‍යාලය ඇලබාමා විශ්වවිද්‍යාලය ඉන්ඩියානා විශ්වවිද්‍යාලය බ්ලූමිංටන් |
රැකියාව | අන්තර්ජාල ව්‍යවසායක, පෙරදී මූල්‍ය වෙළෙඳ මහතෙක් |
තනතුර | විකියා, ඉන්කෝපරේටඩ් හි සභාපති (2004–වර්තමානය) විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006) ගෞරව සහිතව විශ්‍රාමික සභාපති, විකිමීඩියා පදනම (ඔක්තොම්බර් 2006–වර්තමානය) |
අනුප්‍රාප්තිකයා | ෆ්ලොරන්ස් ඩිවෝර්ඩ් |
මෙහි මණ්ඩල සාමාජික | විකිමාධ්‍ය පදනම ක්‍රියේටිව් කොමන්ස් සෝෂල්ටෙක්ස්ට් සන්ලයිට් පදනම (උපදේශක සභාව) සාමුහික බුද්ධිය සඳහා වන එම්අයිටී කේන්ද්‍රය (උපදේශක සභාව) සිවිලිනේෂන්[2] |
සම්මාන | පහත බලන්න |
වෙබ් අඩවිය | jimmywales.com/ |
එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.
ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.
අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.
එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.