අයි.පී. ලිපිනය
From Wikipedia, the free encyclopedia
සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත (ප්‍රටෝකෝලය) (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී (computer network)පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (අයි පී ලිපිනය) යනුවෙන් හැඳින්වේ. [1] අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි. ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. "නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි. [2]
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
අන්තර්ජාල කෙටුම්පතෙන් අර්ථදක්වා ඇති පරිදි අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය බිටු (bits) 32ක සංඛ්‍යාවක් වන අතර තවමත් භාවිතා වන මේ ක්‍රමය අන්තර්ජාල කෙටුම්පත 4වන සංස්කරණය (IPv4) ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අන්තර්ජාලයේ අතිමහත් වර්ධනය සහ භාවිතා කළ හැකි ලිපිනයන් ප්‍රමාණය ක්ෂයවීම හේතුවෙන් ලිපිනය සඳහා බිටු 128 කින් යුත් අන්තර්ජාල කෙටුම්පතේ නව සංස්කරණයක් (IPv6) 1995 දී එළිදක්වන ලදි. 1998 දී මෙම IPv6, RFC 2460 ලෙස සම්මත කරගන්නා ලද අතර එය වර්ෂ 2000 මැද භාගයේ සිට සාර්ථකව භාවිත වේ.
අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය ද්විමය (binary) සංඛ්‍යාවක් වනමුත් ඒවා ගබඩාකර තබාගන්නේ අක්ෂර ගොනු (Text files) තුල වන අතර මනුෂ්‍යයන්ට කියවා ගත හැකි ආකාරයෙන් විදහා දක්වයි. උදා. 4වන සංස්කරණය (IPv4) සඳහා 172.16.254.1 ලෙසින්ද, 6වන සංස්කරණය (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසිනි.
අන්තර්ජාල නොම්මර වෙන්කිරීමේ අධිකාරිය (IANA) විසින් ලෝකය පුරා අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය වෙන්කිරීමේ කාර්යය පාලනය කරන අතර ප්‍රාදේශීය අන්තර්ජාල පාලනාධිකාරීන් (regional Internet registries) පහකට ප්‍රාදේශීය අන්තර්ජාල රෙජිස්ටාර් කාර්යාල (local Internet registries) (අන්තර්ජාල සේවා සපයන ආයතන (Internet service providers) වලට අන්තර්ජාල කෙටුම්පත් ලිපින කාණ්ඩයන් වෙන්කිරීමේ කාර්යය පවරා ඇත.