ගැනිමේඩ්, බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ්, යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින් 1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන් බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.

Quick Facts සොයාගැනීම, සොයාගත් තැනැත්තේ ...
ගැනිමීඩ්
ජුනෝ කක්ෂගතය විසින් ලබා ගත් සැබෑ වර්ණ ඡායාරූපයක්
ජුනෝකැම් සැබෑ වර්ණ දර්ශනය. Lighter surfaces, such as in recent impacts, grooved terrain and the whitish north polar cap at upper right, are enriched in water ice.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේගැලලියෝ ගැලලී
සොයාගත් දිනයජනවාරි 7, 1610[1][2]
නිලනාමයන්
නම් කෙරුණේΓανυμήδης ගැනිමේඩාස්
විකල්ප නම්ජුපිටර් III
විශේෂණයගැනිමීඩියානු
කක්ෂීය ලක්ෂණ
පරිදුරාන්තිකය1069200 km[lower-alpha 1]
විදුරාන්තිකය1071600 km[lower-alpha 2]
අඩ-මහා අක්ෂය1070400 km[3]
උත්කේන්ද්‍රියතාවය0.0013[3]
කක්ෂීය කාලාවර්තය7.15455296 d[3]
සාමාන්‍යය කක්ෂීය වේගය10.880 km/s
ආනතිය2.214° (to the ecliptic)
0.20° (to Jupiter's equator)[3]
මෙහි චන්ද්‍රිකාවකිබ්‍රහස්පතී
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය2634.1±0.3 km (පෘථිවිය මෙන් 0.413 ගුණයක්)[4]
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය8.72×107 km2 (පෘථිවිය මෙන් 0.171 ගුණයක්)[lower-alpha 3]
පරිමාව7.66×1010 km3 (පෘථිවිය මෙන් 0.0704 ගුණයක්)[lower-alpha 4]
ස්කන්ධය1.4819×1023 kg (පෘථිවිය මෙන් 0.025 ගුණයක්)[4]
මධ්‍යන්‍යය ඝණත්වය1.936 g/cm3[4]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය1.428 m/s2 (0.146 g)[lower-alpha 5]
මිදුම් ප්‍රවේගය2.741 km/s[lower-alpha 6]
භ්‍රමණ කාලාවර්තයsynchronous
ආක්ෂක ආනතිය0–0.33°[5]
ප්‍රභානුපාතය0.43±0.02[6]
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
K 70[7] 110[7] 152[8]
දෘශ්‍ය විශාලත්වය4.61 (opposition)[6]
4.38 (in 1951)[9]
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය0.2–1.2 µPa[10]
සංයුතියOxygen[10]
    Close

    ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක.

    (magnetosphere) චුම්භක ගෝලයකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම ග්‍රහලෝකය වන්නේ ගැනිමේඩ්ය. ද්වී යකඩ හරය තුළ වු සංවහනය තුළින් එය නිර්මාණය වී ඇතැයි සැලකේ. මෙම ගෝලයෙන් අල්ප කොටසක් බ්‍රහස්පතිගේ වටා පුළුල් චුම්භක ක්ෂේත්‍රය තුළ ගිලී ඇති අතර විවෘත බල රේඛා මගින් එයට සම්බන්ධවේ. මෙම ග්‍රහ වස්තුවට ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇත. එහි O , O2 හා O3 (ඕසෝන්) අන්තර්ගත වේ. පරමාණුක හයිඩ්‍රජන් ඉතාමත් අවම මට්ටමකින් එහි පවතී.එහි වායුගෝලයට අනුරූපව අයන ගෝලයක් පවතීද යන්න තවමත් හෙලිවී නොමැත.

    ගැනිමේඩ් චන්ද්‍රයා සොයාගැනීමේ ගෞරවය එය මුලින්ම 1610 දී නිරීක්ෂණය කළ ගැලීලියෝ ගැලිලිට හිමිවේ. එහි නම යෝජනා කරන ලද්දේ ඩිමෝන් මාරිස් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසිනි. මිත්‍යා විශ්වාසවලට අනුව සියලුම ග්‍රීක දෙවියන්ගේ කුසලාන දරා සිටින්නා (cupbearer) වන ඩියුස්ගේ ආදරය ලැබාගැනීම වෙනුවෙන් මෙය එනමින් නම් කෙරිණි. පයිනියර් 10 යානයෙන් ආරම්භ ගැනිමේඩ්ව ඉතා ආසන්නයෙන් නිරීක්ෂණය කිරීමට අභ්‍යවකාශ යානා වලට හැකිවි ඇත. වොයේජර් යානයෙන් එහි මැණීමේ කටයුතු සිදු කෙරිණි. ගැලීලියෝ යානයෙන් එහි චුම්භක ක්ෂේත්‍රය හා භූගත මුහුද පිළිබඳව සොයා ගැනුණි. ජුපිටර් අයිස් මුන් ඔබ්ටරය ගැනීමෙන් නිරීක්ෂනාත්මකව නිර්මාණය කල මුත් එම ව්‍යාපෘතියත් (NASA) නාසා ආයතනය විසින් 2005 වර්ෂයේදී අවලංගු කරන ලදී.

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.